Monday, December 14, 2015

වෘත්තිය සමිති මාෆියා වෙනුවට...

අයවැයට විරුද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග දැන් ඉවරයි වගෙ. අද අගමැති රනිල් පාර්ලිමේන්තුවේ දි කරපු ප්‍රකාශයත් එක්ක, පාරට බහින්න හිටියා කියන කට්ටිය ගෙවල්වලට ගිහිල්ලා!

සමන් රත්නප්‍රියලා කියන හැටියට ඔවුන්ගෙ ප්‍රශ්න සැහෙන ප්‍රමාණය ක් විසදන්න අගමැති රනිල් එකග වුණාලු. එතකොට මේ වෘත්තිය සමිති වලට මොනවද ඕන කරල තියෙන්නෙ? වාමාංශික දේශපාලනයෙ කෑලි බෑලි අමුණ ගත්තට වෘත්තිය සමිති ව්‍යාපාර, ධනවාදී කදවුරේම උපක්‍රමශීලී නිර්මාණයක්. ලංකාවේ තත්වය කොහොමත් වඩා අයහපත්. සමස්ත දේශපාලනය වගෙම වෘත්තීය සමිති වැඩත් එන්න එන්නම පරිහානියට යනව.
පක්ෂ අඬු, NGO අඬු, පුද්ගලික අඬු..ගේම් කාරයො! මේ හැරෙන්න සාධනීය වෘත්තීය සමිති ව්‍යාපාරයක් මේ රට තුළත් නැහැ!
සමන්ලා - ගැමුණුලා ජනයා නොමග යවමින් මේ වෙලාවෙත් කරන්නෙ කලු දේශපාලනයක්.
වෘත්තීය සමිති ව්‍යාපාරයෙ වගකීම වෙන්න ඕන නූතන වෙළෙඳ ලෝකයෙ, ආයතන සහ වැඩ කරන මිනිස්සු අතර Win - Win තත්වයක් ඇති කරන එක, World Bank, IMF, ADB...මූල්‍ය සමගම්වලට ගොදුරු වෙලා තියෙන දේශීය ආර්ථිකය ගොඩගන්න, වැඩ කරන ජනයා බලගන්වන එක. සේවක අයිතින් වගෙම ඔවුන්ගෙ යුතුකම් ගැනත් මග පෙන්වන එක, රට තුළ ඒ ඒ ව්‍යාපාරික කලාප මුහුණ දෙන අභියෝග ඉදිරියෙ හිටගන්න එක, කොටින්ම කර්මාන්තකරණය ගැන දියුණු සංවාදයක් ඇති කරන එක..දැන් මේ සමන්ලා - ගැමුණුලා කරන්නෙ වෙන මොකක්ද වැඩක්.
ඉතිං අපි මේ වලෙන් ගොඩ එන්නෙ කොහොමද ?

CHAPA

No comments:

Post a Comment