Sunday, December 20, 2015


වඩිවේල්ලගෙ කෛරාටික Media දේශපාලනය !

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරන්නෙ නැත්තං ගිනි තියාගෙන මැරෙන බවත් ඒ අතර ඊට වගකිවයුතු අනෙක් මැති ඇමතිවරුන්ද බදාගෙනම මැරෙන බවත් වඩිවේල්, අයවැය කතාබහ මැද්දේ මහා හඩින් කිව්වා. ඊ ලග දවසේ, ගිනි තියාගන්න අවශ්‍ය පෙට්‍රල් - භුමිතෙල් ඔහු අරගෙනත් ආවලු. දැන් ඔහු කියනවා වතු ජනයාගෙ ජිවිත වගෙම ඔහුගේ ජිවිතයත් ආණ්ඩුව බේරගත්තලු! ඒ, සේවක වැටුප් වැඩි කරලා.
මේ, තවත් එක මාධ්‍ය සංදර්ශනයක්. පඩි වැඩිකරන්න වතු හාම්පුතාලා එකග නැහැ. අනෙක මොන පඩිය, මොන මට්ටමේ ඉදලා - මොන මට්ටමටද? මුලික වැටුපටද - ගෙවිමක් ලෙස ද, දෛනික ද - මාසික ද කිසිම ක්‍රමවේදයක් ගැන එකගතාවක් නැහැ. මේ,මාධ්‍ය සංදර්ශනයක්!
තේ වගාව දෙමළ පාලකයන්ගෙ වැඩක් නෙවෙයි. ජාතික ආර්ථිකයෙ කොටසක්.ආර්ථිකය සමස්තයක් විදියට වර්ධනය නොකර මේ කරන විහිලු මාරාන්තික යි!වඩිවේල්!!
දොරේඅප්පට වෙඩි තියලා දෙමළ ත්‍රස්තවාදය වර්ධනය වුණෙත් මේ වගේ වැඩ වලින් තමයි!!
CHAPA

No comments:

Post a Comment