Thursday, December 24, 2015

බරබ්බස් ගෙ මිනිස්සු ?

ක්‍රිස්තියානි ඉතිහාසයට අනුව, ජේසු කුරුසියෙ ඇණ ගහන අවස්ථාව වෙනකොට ඒ දඩුවම ම දෙන්න නියමිත තවත් පුද්ගලයෙක් එතැන ඉන්නව, බරබ්බස්! ඒ හොරෙක්. එදිනට කුරුසියෙ ඇණ ගැහෙන්නෙ එක්කෙනයි. බේරා ගන්නෙ කාවද කියලා තීරණය කරන්න පාලකයා මිනිස්සුන්ට ඉඩදෙනව.
මිනිස්සු බේරගත්තෙ තමන් වෙනුවෙන් පෙනි ඉන්න - අරගල කරන ජේසු නෙවෙයි! බරබ්බස්.
ජේසු උපත සමරන අතරේ කතා කළ යුතුම මාතෘකාව තමයි මේ. මේ ඉතිහාස කතා සහ තවත් ඉතිහාස සිදුවීම් වලට අනුව පැහැදිලි වන දේ තමයි, මිනිස්සු පොදුවේ තමන් වෙනුවෙන් පෙනි හිටින අනෙකා වෙනුවෙන් පෙනීඉන්නෙ නැහැ කියන එක. ආරක්ෂා කිරිම කෙසේ වෙතත් එවැන්නන් පාවාදීම තමයි වෙමින් තියෙන්නෙ. මේ ඇත්ත මේ මොහොත ටත් වලංගුයි. හුගක් වෙලාවට එවැනි පාවා දිම්වලින් පස්සේ එකී මරණ market කරන ගතිය එදත් කෙරුණා.
එහෙම ගත්තොත් අපි මේ දකින්නෙ ජේසු ගෙ අනුගාමිකයොද, බරබ්බස් ගෙ අනුගාමිකයොද ? මේ ගැන හිතන්න අපිට හැම දෙසැම්බරයම බලකරනව!!
CHAPA

No comments:

Post a Comment