Friday, February 5, 2016

Hussein is coming!

දැන් අපි කුමක් කරමුද ?

එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් මහා කොමසාරිස් හුසේන් ( Zeid Al - Hussein) හෙට ( Feb 6, 2016 ) ලංකාවට එනවා!
මේ තීරණාත්මක මොහොතක්!
දශක ගණනාවක් තිස්සෙ එක්සත් ජාතීන් ප්‍රමුඛ ගෝලීය වෙළෙඳ බලවේග ලංකාවටත් බලපෑම් කරනවා. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි දක්වා පැරණි යටත්විජිත වාදය. ඊටපස්සෙ, 'මේ' යටත් විජිත වාදය. ප්‍රභාකරන් දක්වා එන දෙමළ ත්‍රස්තවාදය, 71, 88-89 සන්නද්ධ අරගල, හෙරොයින් ප්‍රමුඛ මත් ජාවාරම්, අවි ගණුදෙනු, මිනිස් ජාවාරම්, ලිංගික වෙළදාම්...තව හුගක් දේවල්! ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරින් ලංකාවත් ගොදුරු කරගන්නෙ මේ මහා වෙළෙඳ මෙහෙයුම ඇතුළෙ. බලවත් යැයි කියා ගන්නා රටවල් කීපයක්, ලංකාවත් ඇතුළු සෙසු බොහෝ රටවල ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න මැදිහත් වෙන්නෙ මේ සන්දර්භය ඇතුළෙ. ඔවුන්ගෙම ණය උගුලකට හිරකරල, ඒ ණයත් හොරකo කර කර පිස්සු කෙළින පාලකයන්ට සහ ඒ අර්බුදය ඇතුළෙම easy cash හොයන්න දගලන ව්‍යාපාරික ප්‍රජාවට වගෙම පොදු ජනයාටත් මේ ඓතිහාසික අර්බුදය කියවගන්න බැරි - ඔවුනුත් ඒ අර්බුදයෙම කොටස් නිසා! 'ගරිල්ලා මාර්කටින්' කරන ජනමාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ( NGOs) හඩවල් හැරුණු කොට රට වෙනුවෙන් නැගෙන පොදු ජන හඩක් ඇත්තෙම නැහැ! ඉතිo හුසේන්ලට මෙහෙ ඇවිත් කරන්න බැරි මොනවද? 
දැන් අපි කුමක් කරමුද ?
CHAPA

1 comment:

  1. මුලින්ම සඳහන් කරන්න කැමතියි ඔබ අපට අළුත් බලාපොරොත්තුවක් බව. ඒත් අතීතයේදිත් අපට ඔබ වැන්නන් මුණ ගැහෙනවා. අවසානයේදි ඔවුන් අප උඩු යටිකුරු කරලා දිශානතිය වෙනස් කරනවා.
    මා ජිවිත කාලය තුලම අත්දැක ඇති යම් යම් තත්වයන් ඔබේ දැනුමට ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා. මම ජිවත් වන්නේ බණ්ඩාරවෙල නගරයට ආසන්නව. අපි කුඩා කාලයේ සිටම දෙමළ ජනතාව සමඟ ගනු දෙනු කළා. එදා සිටි දෙමළ ජනතාව හා වර්තමාන දෙමළ ජනතාව අතර වෙනස පැහැදිලිව අත් දකිමින් සිටිනවා. 1960 දශකයේ මේ නගරයේ සිටි දෙමළ වෛද්‍යවරුන් 5 දෙනා අතරට හිටියේ එක් සිංහල වෛද්‍යවරයෙක් පමණයි. තැපැල් ස්ථානාධිපති, දුම්රිය ස්ථානාධිපති, නගරාධිපති ඇතුළු බහුතරයක් රාජ්‍ය නිලධාරීන් දෙමළ ජාතිකයන්. සිංහල අයට හිමි නගරයේ වෙළඳ සැල්වල කුලි පදනම මත වෙළඳ සැල් පවත්වාගෙන ගියේ දෙමළ ජාතිකයන්. මුළු නගරයේම සිංහල වෙළඳ සැල් දෙකක් හෝ තුනක් පමණයි තිබුණේ. මම දන්න විදියට ආසන්න නගර වු බදුල්ල,පස්සර,හපුතලේ මේ සියළු නගරවල සැබෑ තත්වය තමයි ඒ. ඒ කාලේ කුඩා නගරයක් වු දියතලාවෙ විතරයි සිංහල වෙළඳ සැල් තිබුණේ.
    සති අන්ත වල වතු කම්කරුවන් අමතර වැඩ හොයාගෙන වතුවලින් පිට සිංහල නිවෙස්වලට ආවා. ඔවුන් ඉතා පැහැදිලි ලෙස සිංහල කථා කළා වගේම අපේ දෙමව්පියන් ඉතා කරුණාවෙන් ඒ අයට සැලකුවා. උදව් කළා. දෙන්න පුළුවන් හැම දෙයක්ම දුන්නා. නමුත් අපි කවුරුත් දැනගෙන හිටිය දෙයක් තමයි නගරයේ සිටි ධනවත් දෙමළ අය යාපනයෙන් පැමිණි පිරිස් බවත් ඔවුන් මේ වතු කම්කරුවන්ට කුල හිනයන් ලෙස පහත් ලෙස සැලකු බව.
    මට මතක විදියට මේ තත්වය වෙනස් වීමේ මූලාරම්භය 1977 න් පස්සේ වගේ. දකුණු ඉන්දියානු නළු ඇම් ජි ආර් වතුවලට ආවා. මගේ මතකයේ තිබෙනවා 1978 වර්ෂයේ පස්සර නගරයට පැමිණි ඔහු පිළිගත්ත ආකාරය. පස්සර අවට සැතපුම් 10 - 12 අවට වතුවල සිට තූර්ය වාදන කණ්ඩායම් පා ගමනින් පැමිණියා. ඔහු පිළි ගැනිමට ඒ සා මහා විශාල සුදානමක් තිබුණා.එදා අප දැක්කේ එතෙක් අප දැන හඳුනාගෙන සිටි දෙමළ වතු ජනතාව නෙවේ. එදිනම ජනාධිපති ජයවර්ධන බදුල්ලේ රැස්වීමකට සහභාගි උනා. ඒත් වැඩි බස් ප්‍රමාණයක් යොදවලා තිබුණේ පස්සර නගරයට. සමහර විට ඩිපෝ අධිකාරිවරයා දෙමළ ජාතිකයෙක් වෙන්න ඇති. කෙසේ වෙතත් ඉන් පස්සේ අපට වැටහුන ආකාරයට වතු දෙමළ ජනතාව කිසියම් බලාධිකාරයක් ගොඩ නඟමින් සිටියා. ඊට ආසන්න දිනකදි අප තරුණ පිරිසක් පස්සර - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පා ගමනින් සංචාරයක යෙදි සිටියා. අප අතර සිටි තරුණ පෙම්වතුන් යුවළක් අතුරු පාරකින් හැරි තේ වත්තකට ඇතුළු උනා. විනාඩි 5 -10 අතර කාලයක ඔවුන් අප කරා දිව ආවේ ලේ පෙරා ගනිමින්. වතු කම්කරුවන් පිරිසක් ඔවුන්ට ගල් මුල්වලින් පහර දී තිබුණා. මේ සිද්ධිය අප දන්නා හඳුනන අයත් සමඟ පැවසීමේදි ඒ අය දැන සිටි බොහෝ කරුණු සාකච්ඡා වෙන්න පටන් ගත්තා. ඒත් වතු කරය සංවිධානය වෙමින් පැවති බව වටහා ගැනීමට කිසිවෙක් එදා සමත් වුයේ නැහැ. 1980 - 1982 කාලයේ උඩරට දුම්රිය මාරගයේ නානුඔය - නාවලපිටිය සිමාවේදි දුම්රියට ගල් ගැසිම වගේම අසුචි ප්‍රහාරද එල්ල උනා. මම මේ කාරණා සදහන් කළේ තවමත් වතුකරයේ දෙමළ ජනතාව උතුරෙන් වෙනස් ලෙස සිතන්න දේශපාලන නායකයන් පවා පෙලඹි සිටින නිසා. කෙසේ වෙතත් 80 දශකය වෙන විට සටන් පුහුණුව සදහා වතුකරයේ තරුණයන් දකුණු ඉන්දියාවට ගිය බව අනාවරණය උනා.
    1983 කළු ජුලියෙන් පස්සේ නගරය හැර ගිය දෙමළ ව්‍යාපාරිකයන් 1990 දශකය තුළ නැවත පැමිණියා. එදා ඔවුන්ට කල හානියට ඔවුන් පිළිතුරු දෙන්න පටන් ගත්තේ ඉතා සියුම් හා සුහද ආකාරයට.
    එදා කුලී පදනම මත පවත්වාගෙන ගිය වෙළඳ සැලක සේවකයෙක් අද වෙන කොට බණ්ඩාරවෙල නගරයේ වෙළඳ සැල්වලින් 80% ක් පමණක් නොවේ, නගරයට ආසන්න ඒ හා සමාන දේපළ ප්‍රමාණයක් අත්පත් කරගෙන. ඔහු මේ ප්‍රදේශයට මහාරාජා කෙනෙක් වි අවසන්. ඒ අතර වසර 20 කට ආසන්න කාලයක් යාපනයෙන් දෙමළ පවුල් ගෙනත් පදිංචි කරමින් සිටිනවා. ඔහුගේ ඉලක්කය ඌව මහා ඇමතිකම බවයි පැවසෙන්නේ.
    කතාවේ මේ කොටස දකුණු ඉන්දිය චිත්‍රපටියක වගෙයි නේද? බණ්ඩාරවෙල නගරය පමණක් නෙවේ. මධ්‍යම කඳුකරයට අයත් සියළු නගර කේන්ද්‍ර කොට ගෙන මේ ආකාරයේම පිටපත් මේ වෙන කොට අධ්‍යක්ෂණය කරමින් පැවතෙන බව හොඳටම පැහැදිලියි. කම්මැලි අවස්ථාවාදී සිංහලයන් ඉතා නුදුරු දිනකදී මේ රට තුළ බෙලහින සුළු ජාතිකයන් පිරිසක් බවට පත් විම අනිවාර්යයි.
    දෙමළ දරුවන් ජාතික තලයේ විභාගවලට පෙනි සිටිමේදි සිදුවන දේ පසුව ලියන්නම්. ඔබගෙන් කෙටි ප්‍රතිචාරයක් හෝ බලාපොරොත්තු වෙමි.(මම අවුරුදු 36 ක් ගුරු වෘත්තියේ යෙදි සිට මේවන විට විශ්‍රාම ගොස් සිටිනවා) - හේලි ඒකනායක.

    ReplyDelete