Tuesday, February 16, 2016

එක්නැලිගොඩ ගෙ රසායනික අවි? 

සන්ධ්‍යා එක්නැලිගොඩ කියන විදියට, එක්නැලිගොඩට අනුව, LTTE ත්‍රස්තවාදයට එරෙහි හමුදා ක්‍රියාන්විතයෙදි, හමුදා රසායනික අවි භාවිත කළාලු! ඒ ගැන ඔහු ළග තොරතුරු තිබ්බ ලු! ඔහු අතුරුදන් වෙන්න හේතුව එය බවත් ඇය කියනවා. මේ, ඉතාමත්ම බරපතල ප්‍රකාශයක්. ලංකා හමුදා කිසිදු ආකාරයකට රසායනික අවි භාවිත නොකළ බව ඉතා පැහැදිලියි.
යුද්ධය හැම පැත්තෙන් ම වැරදියි, යුද්ධයෙ වීරයෝ නැහැ - ගොදුරු විතරයි. ඒ වෙනම සාකච්ඡාවක්!
රාජ්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු ජන පැවැත්ම කියන ඊට මෙහා සාකච්ඡාවෙදි සන්ධ්‍යාගෙ හැසිරිම රටේ පැවැත්මට බරපතල තර්ජනයක්. ඇමෙරිකානු හමුදා ඉරාකය විනාශ කරන්න යොදා ගත්තෙත් මේ රසායනික අවි බොරුව. සන්ධ්‍යා දැන් එක්නැලිගොඩගෙ බිරිදට වැඩිය, රාජ්‍ය නොවන ආයතන සාමාජිකාවක් විදියටයි පෙනි හිටින්නෙ. ඒ පිටුපස දෙමළ ඩයස්පෝරාව සහ සියල්ල පිටුපස UN ප්‍රමුඛ ඊනියා ජාත්‍යන්තරය වැඩ කරනව. සන්ධ්‍යාගෙ මේ ප්‍රකශය පිළිබඳ කඩිනම් පියවර ගන්න රජයෙ වගකිවයුතු අංශ පියවර ගත යුතුයි. ලංකාවේ හැර වෙන කිසිම රටක මෙහෙම රාජ්‍ය විරෝධී ව හැසිරෙන්න කාටවත් ඉඩක් ලැබෙන්නෙ නැහැ. පවතින ප්‍රයෝගික තත්වයන් ට අදාලව සන්ධ්‍යා දැන් ඉන්නෙ පිළිගත් නීති සම්මතයන්ට උඩින්. එහෙම වෙන්නෙ කොහොමද ? මේ රට මොන රටක් ද?
CHAPA

No comments:

Post a Comment