Wednesday, February 24, 2016

Say! NO!! for ETCA!!!

ලංකාව මේ වෙලාවේ ඉන්දියානු වෙළෙඳ ව්‍යප්තවාදයෙ පහසු ගොදුරක් බවට පත්වෙමින් තියෙනව. ඉන්දියානු - චීන වෙළෙඳ මෙහෙයුම් සමගත් තව පැත්තකින් අභියෝගයට ලක්වෙනව. ඒ, එක්සත් ජාතීන් ප්‍රමුඛ ඇමෙරිකානු වෙළෙඳ ව්‍යාපෘතිවලට අමතරව. ලගටම ඇවිත් තියෙන තර්ජනය තමයි ETCA! 
ඉන්දියාව දීර්ඝ කාලයක් තිස්සෙ ලංකාව විවිධ බලපෑම් එල්ල කරනව. එහි යහපත අයහපත කිරලා බැලුවොත් අයහපත වැඩියි, බරපතලයි. LTTE ත්‍රස්තවාදය පෝෂණය කරන්න මැදිහත් වුණු ඔවුන් වරෙක ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කෙරුවා. වෙළෙඳ ආක්‍රමණය ගැන නං කියන්න දෙයක් නැහැ. බැලු බැලු අත ඉන්දියාව. හරියට ඉන්දියාවේ ප්‍රාන්තයක් වගෙ. ඒ අතර ඔවුන් ලංකා මුහුදේ බලෙන් මාලූ අල්ලනව. එය තම අයිතියක් බව කියනව. 1998දි චන්ද්‍රිකා ඉන්දියාව සමග නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගත්තා. එහි අඩුපාඩු නිසාම, ක්‍රියාත්මක වෙන්නෙ 2000දි. ඒ ගිවිසුම ලංකාවට විශාල අවාසියක්! අපනයනයෙන් ලංකාව ඇ.ඩො.මි.500 ක් උපයනකොට ඉන්දියාව අපනයනයෙන් ඇ.ඩො.මි.4000ක් උපයනව. අපේ ඒ 500 ඇතුළේ ඉන්දියානු ඔයිල් සමාගම ඉන්දියාවට යවන දේ වගෙ, රටට ආදාළ නොවන ආදායමකුත් තියෙනවා. කොටින්ම ඒ ලංකාවේ නිෂ්පාදන අපනයන ආදායම නෙවෙයි. 
ඊටපස්සෙ සීපා ( CEPA) යොජනාව. ඒ අතරේ මහින්දගෙ ආණ්ඩුවත් ඉන්දියාව එක්ක යම් යම් ගිවිසුම් ඇති කරගත්ත . මේ කිසිම ගිවිසුමක් ගැන විධිමත් සමාලෝචනයක් කවදාවත් තිබුණේ නැහැ. දැනුත් නැහැ. ඒත් එකක් පැහැදිලි යි. ඉන්දියාව මොනම තත්වයක් යටතෙවත් ලංකාවේ දේශීය ව්‍යාපාර දියුණු වෙන්න කිසිම දෙයක් කරන්නෙ නැහැ. තමන්ගේ වාසිය විතරමයි. ETCA ගිවිසුම, කවුරු විරුද්ධ වුණත් අත්සන් කරනව කියලා අගමැති රනිල් කියන්නෙ මේ තත්වයන් ඇතුළේ! හදිසියේ ගිලන් රථ සේවාවක් සදහා ආණ්ඩුව ඉන්දියාව සමග ක්‍රියාත්මක කරන්න හදන හානි දායක ව්‍යාපෘතියෙ ස්වභාවය දකින කොට, ETCA  කොයි තරම් භායානක වෙයිද කියලා හිතන්න! මහින්ද ව මෙතැනට පටලවගෙන. රට මුහුණ දී තිබෙන ව්‍යාසනකාරි තත්වය පිළිබඳ සාකච්ඡාව දිය කරන්නෙ නැතුව චන්ද්‍රිකා, මෛත්‍රී, රනිල්, මහින්ද.. හැමෝටම උඩින් රටේ ඉදිරි ගමන් මග තීරණය කළ හැකි ප්‍රබල මැදිහත් වීමක් කරන්න කොන්දේසි විරහිතව වැඩ කරමු!!!

No comments:

Post a Comment