ගොවිතැන මරාගෙන ,ගොවියොත් මරාගෙන අපිත් මැරෙමුද?
ලංකාව කෘෂි ඉතිහාසයක් - කෘෂි පදනමක් තියෙන රටක්. ඒත් අද කෘෂිකර්මාන්තය මාරාන්තික වෙලා! ගොවියොත් පොදුවේ මාරාන්තික ලෙඩ වලට ගොදුරු වෙලා! විශේෂයෙන්ම රජරට ගොවියන්ට වකුගඩු රෝග අනිවාර්ය වෙලා! අපි හැමෝම දැන් කන්නෙ වස විස! හැදෙන ලෙඩ රෝග හොයාගන්නවත් බැහැ!මේ මහා ඛේදවාචකයට හේතුව පැහැදිලියි, කෘෂි පොහොර සහා කෘමිනාශක රසායනික යෙදවුම්! දශක ගණනාවක් තිස්සේ අපි මේ කාලකන්ණි ඉරණමට ක්‍රමිකව ගොදුරු වෙනව. අනිත් පැත්තෙන් බීජ වෙළෙඳ පොළ අධ්කරිය. අපේ මහා පොළව විනාශ කරලා, බීජ කොල්ල කාපු මොන්සෙන්ටො ප්‍රමුඛ සමගම් වලින් තමයි අපි දැන් යැපෙන්නෙ. ඔවුන් අර රසායනික යෝධයොත් එක්ක එකතු වෙලා අපිව හෙමින් හෙමින් මරා ගන්නව. එදා මෙදා තුර රාජ්‍ය බලය ගත්ත කිසිම ආණ්ඩුවකට මේ තත්වයට මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. දේශපාලන නායකයෝ කියාගන්න අය මේ කෘෂි විරෝධී බලවේග වල රූකඩ බවට පත් වෙන කොට උගත් යැයි කියන අති බහුතරය ඔවුන්ගෙ ආරක්ෂකයෝ බවට පත් වෙනවා. ණය උගුලක හිර වෙලා ඒ කොන්දේසි වලට අනුව අපේ ආර්ථිකය, අපේ අත්වලින්ම විනාශ කරගන්න කොට පාරට බහින සටන්කාමී ගොවියන්ගේ එකම හඩ 'පොහොර දියව්!' කියන එක විතරමයි. ජනාධිපති වරයා, අතුරලියේ රතන හාමුදුරුවෝ සහ චම්පිකලා වගෙ අය වස විස නැති රටක් ගැන කතා කරන්නෙ අර්බුදයේ හිඩැස් පුරවන්න. වී මිළ දී ගන්න වත් බැරුව පිස්සු කෙළින පාලකයන්ට පේන තෙක් මානයක රටේ කෘෂි ආර්ථිකය ගොඩ නගන තිරසාර වැඩ පිළිවෙලක් නැහැ. ගෝලීය වෙළෙඳ පොළ ඉදිරියේ දණ ගහලා පරාජය බාරගෙන ඉන්න අපේ පාලකයන්ට ඔය රසායනික - බීජ යෝධයන්ට විරුද්ධව හුස්ම ගන්නවත් බැහැ. වෙන විදියකට පටන් ගත්තෙ නැත්තං ගොවි බිම මැරිලා, ගොවිතැන් මැරිලා, ගොවියොනුත් මැරිලා අපිත් මැරෙනවා. ඉතිං...
CHAPA
No comments:
Post a Comment