මහා වැසි ඇද වැටී...
මහා වැසි ඇද වැටී, හදිසියේම සියල්ල වෙනස් වුණා!
ගංවතුර සහ නාය යෑම් නිසා රට වටේ තැන තැන මිනිස්සු මිය ගිහිං, තවත් අය අතුරුදන් වෙලා. දහස් ගණනක් අවතැන් වෙලා.
හැම අවුරුද්දෙම වගෙ මෙහෙම ස්වභාවික ව්‍යසනයන් සිද්ධ වෙනවා. ඉතිං අපට මොනවද කරන්න පුළුවන්?
ලෝකය පුරාම, නිරන්තරයෙන්, මේ වගෙ මාරාන්තික සිදුවීම් ඉතිහාස සටහන් තියනවා. මේ ස්වභාවික ව්‍යසනයන්ගෙන් ගැළවෙන්න හෝ හානිය අවම කරගන්න, මිනිස්සු හැටියට කරන්න පුළුවන් දේවල් එක පැත්තකින් සීමා සහිතයි. නොවිධිමත් සහ අවිධිමත් සංවර්ධන කටයුතු නිසා, ස්වාභාව ධර්මයට හානි කිරීමේ අනිසි ප්‍රතිඵලයක් විදිහටත් සමහර වෙලාවට මෙහෙම ව්‍යසනයන් තව තව අයහපත් අතට හැරෙනවා, එහෙම ව්‍යසනයන්ට හේතු නිර්මාණය කරනවා.
ඒ අතරෙම, අපි 'මිනිස්සු' වුණාට, හැම දේම දන්නවා සහ පුළුවන් කියලා හිතුවාට, එක මොහොතක ස්වභාව ධර්මය තුළ නිකම්ම නිකං තවත් එක සාධකයක් විතරයි කියන යථාර්ථය තේරුම් ගන්න හොඳම මොහොතක් තමයි මේ.
විද්‍යාව හා තාක්ෂණය සංවර්ධනය වූ නිසා, සමස්ත පෘථිවියම තම අණසකට යටත් කරගන්න හදන අපි, මිනිස්සු, අන්තිමට සියල්ල අහිමිව මිහිතලයෙන් අතුරුදන්වන බව ඉතිහාස පාඩම් කීයකින් අපට පැහැදිලි වෙනවා ද? අන්තිමට, මේ මිහිතලය පවා, කවදා ඇති වී කවදා නැති වීයනවා ද කියන එකත්, කවදාවත් අපට දන ගන්න ලැබෙන්නෙ නැහැ.ඉතිං අපි මොනවා ද දන්නෙ?
සංවර්ධනය කියන්නෙ මොකද්ද? ජීවිතය කියන්නෙ මොකද්ද?
අන්න! ඒ සංවාදය මේ මොහොතට අතිශය අදාළයි!
බුදු දහම විශ්ලේෂණය කරන, ලෝක විෂයට සම්බන්ධ, ධම්ම, කම්ම, චිත්ත, බීජ සහ ඍතු නියාම පිළිබඳ දැනුම හරහා නං මේ මොහොත පැහදිලිව කියවා ගන්න පුළුවන්...
මහා වැසි ඇද වැටී, ගංවතුරත් ඇවිත් බොහෝ දේ ගහගෙන යන අතරෙ, අපි ඉතුරු වුණොත් මේ ගැන හිතමු!
CHAPA
2017 මැයි 26
No comments:
Post a Comment