Friday, December 11, 2015

මං කොයි පැත්තෙද? සමහරු අහනවා!
මාධ්‍ය කරුවෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මම ඉන්නේ සිදුවීම් එක්ක. ඉතිහාසය තුළ ඒ ඒ සිදුවීම් ගලපා ගන්නෙ කොහොමද ? විවිධ සන්දර්භ, විවිධ මාන, විවිධ තල. විශ්ලේෂණය සංකීර්ණයි. මෙතැනට හැදැරීම අතිශය අදාළයි!
අපි මෙහෙම බලමු;
යුද්ධය වැරදියි. යුද ජයග්‍රහණ හෝ රණවිරුවො නැහැ. යුද්ධය, පවතින දේශපාලන ක්‍රමවල අනිසි ප්‍රතිඵලයක්.
එතකොට කෙනෙක් අහනව, LTTE ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කිරිම හරිද වැරැදි ද?
රාජ්‍යය ට අදාළ ව එය හරි, එය රජයේ වගකිමක්.
මහින්ද ඊට නායකත්වය දුන්නද?
ඔව්! මහින්ද තමයි දේශපාලන සධකය. ආරක්ෂක ලේකම් වරයා විදියට ගෝඨාභය යුද්ධයට නායකත්වය දෙනවා.
යුද ජයග්‍රහණය සමරන්න ඕනද?
නැහැ! මේ, සියලු ජාතීන් ගෙ ජයග්‍රහණයක් වගෙම පරාජයක්. රණවිරුවො - මහාවිරුවො නැහැ. වෘත්තීයමය හමුදා මැදිහත් වීමක්.
සාකච්ඡාව මෙහෙමයි!!
රටේ ආර්ථිකය එතකොට ?
සියලු ආණ්ඩු සමග අර්බුදයට යනව. චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, රනිල්...හැමෝම ණය මත යැපෙනව. දුෂණ වංචා සහ අක්‍රමිකතාත් හැමතැනම.
We have to continue this open dialogue, when we discuss on characters, sometimes, we have to accept, he or she is good or better in 'this regard', then the same person sometimes becomes 'the wrong' or 'the mistake' in another context..
CHAPA


1 comment:

  1. Dear Chapa, I agree with your view on this matter. However, you need to be open about the wrongdoings of all the governments. Otherwise, politicians will use you to achieve their own ends. IMO, we should look beyond Mahinda now, and bringing MR back is not going to be a solution for this country at this point of time.

    ReplyDelete