Sunday, June 19, 2016

                                  NGO පුරවැසියන්ට එදිරිව!


20 වැනි සියවසෙ මුල් කාලය වෙනකොට විවිධ හේතු මත සංවිධානය වුණු කණ්ඩායම් ලෝකයෙ තැන තැන හිටිය, ඔවුන් එක එක සමාජ වුවමනාවන්  වෙනුවෙන් පෙනී හිටපු ස්වේච්ඡා සාමාජිකයන්, දෙවන මහා ලෝක යුද්ධයට පසුබිම්ව ගොඩ නැගෙන එක්සත් ජාතීන් ( United Nations  - UN ) ඉතාම සුක්ෂම විදිහට මේ සංවිධානගතවීම, නුතන රාජ්‍ය නොවන සංවිධාන (NGOs) බවට පත්කරනව. ඒ සංවිධාන ජාලය, එක්සත් ජාතීන්ගෙ ඒජන්තවරු හැටියට මේ වෙනකොට ලෝකය පුරා ඉතාමත්ම තීරණාත්මක මෙහෙයුමක නිරත වෙලා. ඔවුන් අදාළ වෙළෙඳ අරමුණු වෙනුවෙන්, අදාළ කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් සඳහා පොළොව සකස් කරනව. විශ්ෂයෙන්ම ලතින් ඇමරිකානු, අප්‍රිකානු සහ ආසියානු රටවල රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් කරන්න ඔවුන් ඉතා සුක්ෂම විදිහට මැදිහත් වෙනව.
ඔවුන් යොදාගන්න සරල උපක්‍රමය තමයි 'පොදු මහජනයා' විදිහට වෙස්බැඳගන්න එක. ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය, නිදහස් සහ සාධාරණ මැතිවරණ, දේශපාලන ප්‍රචණ්ඩත්වය, ළමා අයිතිවාසිකම්, මානව හිමිකම්, සුළු ජාතීන්ගෙ අයිතිවාසිකම්, ස්ත්‍රී නිදහස, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ලිංගික හිංසනය, ලිංගික නිදහස, ආදරය, ආගමික නිදහස, සංස්කෘතික උරුමය...ඔය වගෙ බැලූ බැල්මට වැදගත් වගෙ පෙනෙන පැතිවලින් ඔවුන් පොදු සමාජය ග්‍රහණය කරගන්නව. ඒ විවිධ ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ට ඩොලර් බිලියන ගණනින් ගෙවනව, නීතිමය ආරක්ෂාව ලැබෙනව. මේ රාජ්‍ය නොවන මැදිහත්වීම හරහා ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නෙ පොදු ජනයා නින්දට වට්ටන එක. ඒ වෙනුවට මේ NGO සාමාජිකයන් වීදි බහිනව, විරුද්ධ වෙනව. විරුද්ධවෙලා එකඟ වෙනව. එකඟ වෙලා අවශ්‍ය අරමුණු සඳහා නින්ඳට වැටුණු සමාජය තල්ලු කරනව. දශක ගණනාවක් හරහා වර්ධනය වෙමින් මේ මොහොතෙ ලංකාව පත්වෙලා තියෙන්නෙ අන්න ඒ තැනට.
කරන්න ඕනෙ එක දෙයයි - NGO බොරු පුරවැසියො වෙනුවට ඇත්ත පොදු ජනයා, රට වැසියා නැගිට්ටවා ගන්න එක, එත් ඒ කොහොමද?
CHAPA

No comments:

Post a Comment