Monday, December 17, 2018

සියතින් බෙල්ල මිරිකාගෙන මැරෙන්න වෑයම් කරන ලෝකයේ එකම “රාජ්‍ය” ශ්‍රී ලංකාව!

මේ වන විට, ශ්‍රී ලංකා රාජ්‍ය ගෙවා දමමින් තිබෙන්නේ, ලෝක ඉතිහාසයේ ම ඉතා අසීරු මොහොතක්!
ලෝකයේ සියළු ප්‍රබල රටවල් වරෙක තම දෑත් වලින් ම සූත්‍රගත කළ “ගෝලීයකරණ” මුසාව මග හරිමින් – තම තමන්ගේ “ජාතික රාජ්‍යයන්” ශක්තිමත් කොට, තම වෙළෙඳ ආධිපත්‍ය ලොව පුරා විහිදුවමින් වැඩෙද්දී, ඒ පිළ දකුණු ඉවුර බවට පත් කළ වම් ඉවුරේ සියළු රටවල් ද තම තමන්ගේ “ජාතික රාජ්‍යයන්” තර කර ගනිද්දී, ශ්‍රී ලාංකාව රාජ්‍යයක් ලෙස සිය අත් වලින් ම තම බෙල්ල මිරිකාගෙන සිය දිවි නසා ගැනීමට ලහි ලහියේ ක්‍රියාත්මක වන අවිචාරවත් මොහොතක් මේ!
ඒ සමඟ නිල්, කොල, රතු සහ තවත් පාට ගාගත් ගොන් තක්කඩි රැළක් දැන් මළබෙරය වයමින් එයින් උත්කර්ෂයට පත්ව සිටිනවා. ඒ අස්සේ එසේ මරා දැමෙන රටින් මොකක් හරි වාසියක් ගන්න බලන් ඉන්න ව්‍යාපරික රොත්තක්.ඒ සියල්ලට අර්ථකථන ලබා දෙන අමන වෘත්තික රංචුවක්, සියළු දෙනාම පාහේ ඉතිං ප්‍රමෝදයෙන්!
මේ අනුව, ශ්‍රී ලාංකික අපි දකුණ හෝ වම නොදන්නා ගොබ්බ රැළක් බවට පත් වෙමින් සිටින්නෙමු!
කතාව කෙටියෙන් මේකයි!
මහා යුද ඉතිහාසය එක කඩ ඉමකට රැගෙන ආ මානව ශිෂ්ටාචාරය, 18 වැනි සියවස පමණ වන විට “ජාතික රාජ්‍ය” ගොඩ නහමින් ලෝකයට වෙනස් හැඩයක් ලබා දුන්නා. ඒත්, ඊ ළග මොහොතේ මහා යුද්ධ මැද ඒවා එකිනෙක ගැටී යළි මහා යුද පිටියක් නිර්මාණය වෙනවා, එය 20 වැනි සියවස මැද හරිය වන විට, තීරණාත්මකව පුපුරා යනවා.
ඒ අතර, ඒ යුද ඉතිහාස සටහන් මැද ම ගොඩ නැගෙන වම් ඉවුරේ සහ එහි ප්‍රතිවිරුද්ධ අන්තයේ වූ දකුණු ඉවුරේ කඳවුරු තර කෙරෙනවා. ලොව පුරා, ඔවුන් නිසාම දුර්වල වුණු සෙසු රටවල්, ශ්‍රි ලංකාවත් ඇතුළුව ඒ කඳවුරු ද්විත්වයේ ගොදුරු බවට පත් වෙනවා.
එජාප, ශ්‍රිලනිප මෙන්ම දෙමළ – මුස්ලිම් පක්ශ සියල්ල ඒ ධනවාදී කඳවුරේ මෝඩ ඒජන්තවරු බවට පත් වන විට ජවිපෙ දක්වා වන රතු පින්තාරු කර ගත් සියළු කණ්ඩායම් වම – දකුණ පටළවාගත් කොන්ත්‍රාත්කරුවන් බවට පත් වෙනවා. අර ලෝක දේශපාලනයේ තැරව් කරුවන් වන NGO කාරයන්, ඒ අතර රටේ සක්‍රීය පුර වැසියන් බවට පත් වෙනවා.
මේ තමයි සියතින් බෙල්ල මිරිකාගෙන මිය යන්න වෙර දරන ලෝකයේ එකම රාජ්‍යය!
වැඩේ කියන්නෙ, මේකෙ ඉන්න එවුන් හිතාගෙන ඉන්නෙ “ශ්‍රී ලංකා රාජ්‍ය” කියන්නෙ මෛත්‍රී, මහින්ද, රනිල්, අනුර…ඔන්න ඔය වගෙ කවුරු
හරි කියලා!
CHAPA, Dec 4, 2018

No comments:

Post a Comment