Monday, December 17, 2018

රහස කුමක්ද?


රාජ්‍ය නොවන සංවිධාන සහ ඒවායේ විවිධ තැරැව් කරුවන් මෙන්ම විදේශ තානාපතිවරු “සෙට්” එකක් පාර්ලිමේන්තුව සහ අධිකරණය වටළා තිබෙන ආකාරයෙන් ම, මේ රට මුහුණ පා තිබෙන බරපතළ දේශපාලන අනතුර වටහා ගන්න කෙනෙකුට පහසුවෙන් ම පුළුවන්.
2015 ජනවාරි 8 Regime Change ව්‍යාපෘතිය ට එහා යන මේ ව්‍යාපෘතිය නිවැරදිව කියවා ගන්න තවම අමාරුයි.
අපි මෙහෙම බලමු;
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලනය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් විග්‍රහ කරන විදිහ නිවැරදියි නේද කියලා කෙනෙකුට හිතෙන්න පූළුවන්. “අනේ! අපේ අතිගරු ජනාධිපතිතුමා අන්තිම මොහොතෙ හරි රට බේරා ගත්තා!” කියලත් කෙනෙක් කියන්න පුළුවන්. ප්‍රශ්නය සරලයි! 2015 ජනවාරි 8 Regime Change ව්‍යාපෘතිය භාර ගත්තෙ එහෙම නං වෙන මෛත්‍රී කෙනෙක් ද? ඊ ළග ප්‍රශ්නය ත් ඉතා සරලයි. එතැන් සිට රනිල් ට ඕන ඕන දේ කරන්න දීලා, කළ ගුණ සැලකුවා කියන මෛත්‍රී බබෙක් ද?
මගේ යෝජනාව පැහැදිලියි! මෛත්‍රී මේ ගහන්නෙත් ගේමක්.
එක දිගට කියමින් ඉන්න දේ ආපිට කියන්නං. 
ඊනියා ජාත්‍යන්තරයෙ, මෛත්‍රී + රනිල් ව්‍යාපෘතිය තව දුරටත් ඉස්සරහට ගෙනියන්න දෙන්නෙ නැහැ කියලා රටේ වැඩි පිරිසක්, කාගෙ ලකුණක් යටතෙ හරි, පහු ගිය පළාත් පාලන මැතිවරණයේදි එක හඬින් කියා හිටියා. ඒ ව්‍යාපෘතියෙ මහ මොළ කාරයො ඒ පණිවිඩයෙන් ගැස්සුණා. එහෙම නං කරන්න වැඩ දෙකක් ඔවුන් සැලසුම් කරනවා;
1. එකී ව්‍යාපෘතිය ට එරෙහිව මහජනයා ඒකරාශී වන රාජපක්ෂ කඳවුරේ ප්‍රධානීන් භෞතිකව ඉවත් කරනවා. කඳවුර බිඳ දානවා.
2. උපක්‍රමශීලීව, රනිල් දුෂ්ටයා බවට පත් කරමින්, පෙර සඳහන් ජන පදනම තමන්ට නතු කර ගන්නවා.
1 හෝ 2 ක්‍රම මගින් වෙන් වෙන්ව හෝ ඒ දෙකෙහි ඒකාබද්ධ වැඩක් හැටියට යෝජිත “දේශපාලන ගේම” සාර්ථක කර ගන්නවා.
නාමල් කුමාර, ඒ අනුව ඇටිකිච්චෙක් නෙවෙයි, “RAW තෝමස්” පිස්සෙකුත් නෙවෙයි.
මේ සම්පූර්ණ සැලැස්ම ගැන තවම හරියට කියවාගන්න බැහැ. සමහර විට අපට කවදාවත්ම එය දැන ගන්නත් බැරි වෙයි. කොහොම වුණත් මේ අළුත් ව්‍යාපෘතිය ට ඉන්දියාව, චීනය, එක්සත් ජාතීන් – යුරෝපා සංගම් NGO කාරයන් වගේම දෙමළ ඩයස්පෝරාවත් සෘජුව – වක්‍රව සම්බන්ධයි.
මේ සියල්ල පිටුපස තිබෙන දේශපාලන උවමනාව කුමක්ද?
1. ශ්‍රී ලාංකේය ඒකීය රාජ්‍ය බිඳ දමා රාජ්‍ය දුර්වල කිරීම සහ ඒ සඳහා දෙමළ – මුස්ලිම් පටු බෙදුම්වාදී – ව්‍යප්තවාදී උවමනාවන් යොදා ගැනීම.
2. ඊනියා ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා, 1. ටත් අදාළ ව, රාජ්‍ය දිය කරමින් එහි ව්‍යවසායන් සියල්ල මුදලාලිකරණය කිරීම, බහු ජාතික සමාගම් ග්‍රහණය තව දැඩි කර ගැනීම, රටේ ස්වභාවික සම්පත් සහාසිකව කොල්ල කෑම.
3. ඉන්දීය – චීන කළාපීය සහ ලෝක වෙළෙඳ යුද්ධය ට ශ්‍රී ලාංකේය භූමිය සහ මුහුද අවශ්‍ය පරිදි සූදානම් කිරීම.
මේ සංකීර්ණ සහ බරපතළ දේශපාලනය වටහා ගැනීමට අපොහොසත් එජාප, ශ්‍රිලනිප, ජවිපෙ සහ අනෙක් සිංහල බහුතර නියෝජනයක් ඇති පක්ශ, මෝඩ කමේ ප්‍රමෝදය අත් විඳිමින් තම තමන්ගේ පටු බල ව්‍යාපෘති තුළ ම තොල කට ලෙවකමින් සිටින බව දැන් පැහැදිලිව දැකිය ගැකිය.
අන්ත ආත්මාර්ථකාමී දෙමළ නායකයන් තම නූගත් ජනයා ජාතිවාදී හැඟීම්වලින් හිරිවට්ටා තම පැවැත්ම සහතික කර ගනිද්දී, මුස්ලිම් අන්තවාදීන් ඉතා සූක්ෂමව තම ව්‍යප්තවාදය පළල් කර ගනිද්දී, රටේ අති බහුතරය වූ සිංහල ජනයා පාට පක්ෂ ආගම් බවට පත් කර ගනිමින් මාරාන්‍තික සතුටක් ලබන හැටි!
දැන් මම ඔබට මෙහෙම කියනවා!
මෛත්‍රී යොදාගෙන පටන් ගත් මේ දේශපාලන ක්‍රීඩාවේ කෙළවර ගැන සමහර විට මෛත්‍රීත් දන්නෙ නැතුව ඇති. එක්කෝ ඒ “රහස” ඔහු දන්නවාත් ඇති.
“පොඩ්ඩක් ඉවසලා ඉමු සම්බන්ධන් මහත්තයා, අපි කාගෙ කාගෙත් වැඩ ටික ඒ විදිහට කෙරෙයි!”
මෛත්‍රී, සම්බන්ධන් ට කියන්නෙ නං එහෙම රහසක් වෙන්නත් පුළුවන්!
CHAPA 
Dec 6, 2018

No comments:

Post a Comment