Sunday, September 11, 2016

අහෝ! තාරුණ්‍ය...

මාධ්‍ය කරුවෙක් හැටියට, දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට දීර්ඝ කාලයක් මේ පොළොවෙ සැරිසරන මට එදා මෙදා තුර නිරන්තරයෙන් සම්බන්ධ වෙන්නෙ තරුණ පරම්පරාව. හමුදාවෙ, දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතරෙ, ජවිපෙ ක්‍රියාකාරකම් තුළ, සාමාන්‍ය පෙම්වතුන් විදිහට, රැකියා පෝලිම් වල. ජනමාධ්‍ය ඇතුළෙ...විවිධ වේශයන්ගෙන්, එක එක කාල තීරුවල, එක එක තැන්වල.
බලාපොරොත්තු පිරිණු මුහුණු, කුතුහලය තෙරපෙන හිත්, අනාගත සැලසුම් සමග ජවසම්පන්න හැසිරීම්, අරගලකාරී හැගීම්, සුන්දර සිතුවිලි, ආදරණීය සිහින...මේ සියල්ල එක්ක ඔවුන් ජීවිතය අත්හදා බලනව.
ඒත් මේ තාරුණ්‍ය වටහාගන්න පුළුවන්, තාරුණ්‍යය ට පාර කියාදෙන්න සූදානම් වැඩිහිටි පරම්පරාවක් පොදුවෙ දකින්න ලැබෙන්නෙ නැහැ. මම හැමදාම දකින්නෙ තාරුණ්‍ය පාවිච්චි කරන, විවිධ යටි අරමුණු සඳහා යොදාගන්න වැඩි හිටි පරම්පරාවක්, ඒ නිසාම නොදැනීම විකිණෙන - විකුණන තාරුණ්‍යයක්. එහෙම බැලුවොත් තාරුණ්‍ය ගොදුරුකරගන්න වැඩිහිටි පරම්පරාවක්, හැමදාම. වැඩිහිටි පරම්පරාවට ගොදුරුවන තාරුණ්‍යයක්, හැමදාම.
තාරුණ්‍ය වැඩිහිටිවෙනවා, අලුත් තාරුණ්‍යයක් එනව, ආයෙත් අර ටිකම වෙනව.
මේ, නොනවතින ක්‍රියාවලියක්!
ඒත් කවදාවත් වැඩිහිටි වෙන්නෙ නැති තරුණ මුහුණු අනන්ත ප්‍රමාණයක් මේ දැනුත් මං වටේ පේනව පේනව වගෙ...
CHAPA      

No comments:

Post a Comment