Sunday, September 18, 2016

අනේ! මේ අපේ චමුදිත නෙ!!

'මම, චමුදිත සමරවික්‍රම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නිව්යෝර්ක් සිට...' ටිකකට කලින් රුපවාහිනි ප්‍රවෘත්ති හරහා ඔහොම ඇහුණා, මම හෙමින් කල්පනා කරන්න පටන් ගන්නව.
චමුදිත! මට ඔහුව මුලින්ම මුණගැහෙන්නෙ TNL ජනහඬ මෙහෙයවන්නා හැටියට. TNL කියන්නෙ රනිල් වික්‍රමසිංහ පවුලෙ ව්‍යාපාරයක්. හැබැයි වසර 2000 වගෙ වෙනකොට චන්ද්‍රිකාගෙ අත්තනෝමතික පාලනයට විරුද්ධව 'රාවය' හැරුණු කොට තිබුණු ප්‍රධාන සහ එකම ප්‍රබල මාධ්‍ය TNL. මම ඒ නිසාම TNL 'ජනහඬ' වැඩසටහනට උනන්දුවෙන් සහභාගී වුණා. TNL හරහා තවත් වැඩසටහන් කීපයක් නිෂ්පාදනය කරමින් ඉදිරිපත් කරන්නත් මම  අවස්ථාව හොයා ගත්ත.
ටික කාලයකට පස්සෙ, චමුදිත TNL  එක්ක රණ්ඩු වෙලා මහින්ද රාමනායකගෙ MAX tv එකට ආව. ඒත් එක්කම ඉතාම කෙටි කාලයකින්, පැවති  රාජපක්ෂ පාලන කාලය තුළ ම ජාතික රුපවාහිනියට ආව. UNP කඳවුරේ සලකුණ වෙච්ච TNL චමුදිත, රාජපක්ෂලාගෙ ආණ්ඩුවෙ ජාතික රුපවාහිනිය ට ආවා කියන එක විශ්වාස කරන්න අමාරු දෙයක්, චමුදිත ගෙ ජනහඬ බලපු කෙනෙකුට නං හිතා ගන්නම බැහැ. ජනවාරි 8 මැතිවරණ ව්‍යාපාරයෙ දි රනිල් - මෛත්‍රී  කඳවුරට එරෙහිව, රුපවාහිනි තිරය මත චමුදිත ත්  වරින් වර පෙනී හිටිය හැටිත් ඒ අතර මතක් වෙනව.
ඉතිං දැන් මේ චමුදිත ම ජනාධිපති මෛත්‍රී ගෙ මාධ්‍ය අධ්‍යක්ෂ වෙලා '...නිව්යෝර්ක් සිට...' කියනකොට, අපි ඉන්නෙ කොයි රටේද කියල හිතෙන හින්ද නිකමට මේ සටහන තියන්න හිතුණා, එච්චරයි!
CHAPA 













   

No comments:

Post a Comment