Friday, September 30, 2016

කුඹියාගෙ ඇඟේ තරමට ලු උගෙ ඔළුව!

අපිට මොනවද ඕනෙ?

ඇත්තටම 'මිනිස්සු' න්ට ( අපිට? ) මොනවද ඕනෙ? පුද්ගලික දේශපාලන අත්දැකීම් හරහා මම තවම හිතමින් ඉන්නව. මම ජනප්‍රිය මාධ්‍ය ඇතුළෙ පෙනී ඉන්නකොට හුඟක් අය, කරන කියන දේවල් කට ඇරගෙන අහගෙන ඉන්නව, හඳුනගන්න උත්සහ කරනව, අහවලා මම අඳුරනව කියල කියන්න උත්සහ කරනව. එතකොට තවත් අය කියන්න ගන්නව, ආ! දැන් හරි ගිහිල්ල, හොඳට සල්ලි හම්බවෙනව ඇති, අහවලාට කඩේ යනව, ඒකනෙ අහවල් tv එකේ නිතර ඉන්නෙ! ඔයවගෙ කතා!! ඒ අතරෙ සමහර අසනීප කාරයො, කිසිම දෙයක් දන්නෙත් නැතුව ගොන් කතා කියා කියා ස්වයං වින්දනයක් ලබනව. දැන් මේ සමාජ මාධ්‍ය ජාලා නිසා අසනීප කාරයො වගෙම කොන්ත්‍රාත්කාරයො ත් යමරෙට වැඩ. එක එක අරමුණු. මඩ ගහනව. චරිත ඝාතනය කරනව.... ඔය වගෙ!
ජනප්‍රිය මාධ්‍ය වැඩකරන්නෙ ඒ ඒ මාධ්‍ය ආයතනවල ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන්, ලෝකය පුරාම එහෙමයි. ඉතිං ඒ මාධ්‍ය වෙළෙඳ අවකාශය මග හැරල පොදු ජනයා (?) අතරට යනකොට, සමහරු අහනව දැන් tv වල එහෙම පෙන්න නැහැ නේද ? කියල. එහි යටි පෙළ අරුත වෙන්නෙ, කෙළවෙලා වගෙ! එකක්. JVP වගෙ පක්ෂ නං, ඔවුන්ගෙ නොවන කිසිම ක්‍රියාකාරිකයෙකුට බිම් මට්ටමේ වැඩක් කරන්න දෙන්නෙම නැහැ, එහෙම අත්දැකීම් මට නං එමටයි    ( යොමුව 'කුඹි' කෘතිය). මිනිස්සු අතර වැඩකරන්න හදල, ඊට කාලයකට පස්සෙ දවසක ආයෙත් ජනප්‍රිය මාධ්‍යයක පෙනීහිටියොත්, ආ! කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ කියල අර මුලින්ම කියපු වර්ගයෙ අය අහන්න ගන්නව.
ඔය අස්සෙ සමහර විදේශගත කට්ටිය! එහෙ ඇවිත් අර සංවිධානයෙ - මේ සංවිධානයෙ අපේ අය දැනුවත් කරන්න ලු! අපරාදෙ ඔයාල අමරුවෙන් හොයන සල්ලි, අපි Skype තාක්ෂණය යොදාගෙන ඔය වැඩේ කරමු! කියල මම කියනකොට, හ්ම්! කියල ආයෙ කතාකරන්නෙවත් නැහැ.
වැඩේ කියන්නෙ ඔය එක එක විකාර කියන කවුරුවත් සටන් බිම්වලදී මට නං හම්බවෙලා නැහැ! යුද හමුදා මාෆියාවකට විරුද්ධව සටන් කරනකොට, හිරේ යනකොට, අවුරුදු 10 ක් විතර ආර්ථික අභියෝග මැද්දෙ 'නිදහස්' කරගෙන යනකොට, ඒ ක්‍රියාකාරකම් එක්ක රට වටේ කරක් ගහනකොට, 'ජල රකුසන්ට එරෙහිව..' කෘතියට NGO නඩයක් කෝටි ගණන් ඉල්ලලා අපහාස නඩු දාලා එක දිගට උසාවි බඩ ගාද්දි... පොදු ජන සහයෝගයක් ලැබුණෙ නැහැ, ඒ ඒ වැඩ වලදී ඒ ඒ මොහොතෙ හම්බවෙච්ච විශේෂ චරිත හැර!
ඉතිං මම තවමත් කල්පනා කරනව...
CHAPA
       

No comments:

Post a Comment