අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් කරන්න ලු!
නව ව්‍යවස්ථාවක් හදන සියුම් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ වේගයෙන් සිද්ධවෙනව, මේ අය වැය ට කලින් එහි කූඨප්‍රාප්තිය සිද්ධ වෙන්න හදන්නෙ. රටේ පොදු ජනයාට නං මේ ගැන කිසිම දැනුමක් නැහැ, තමන් අයිති පක්ෂය කියන දේ වෙනුවෙන් පෙනී ඉන්නව. මේ වෙනුවෙන් යමක් කරන්න පුළුවං, මහා නායක හාමුදුරුවරු ප්‍රමුඛ තීරණාත්මක තැන්වල ඉන්න විවිධ පුද්ගලයන්ටත් මේ යෝජනාව අදාළයි. ජනප්‍රිය මාධ්‍ය වලට නං මේ තවත් එක ප්‍රවෘත්ති මාතෘකාවක් විතරයි.එළියෙ, ව්‍යවස්ථා සාකච්ඡාවෙ ඉන්න අති බහුතරය, කුමක් හෝ හේතුවක් මත බෙදුම්වාදයට සහ අනෙක් ඊනියා ප්‍රතිසංස්කරණ වලට එකඟ පිරිසක්. ඔවුන් මෙහෙයවන්නෙ INGOs සහ NGOs. උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, කලාකරුවන්...යැයි කියාගන්නා ජනප්‍රිය හැමදෙනාමත් ම වගෙ මේ වෙනකොට විකිණිලා.
මේ ක්‍රියාවලිය කොච්චර සියුම් සහ සංකීර්ණ ද කියනවා නං යහපත් විදිහට හිතන, ස්වාධීන සහ රටට ආදරය කරන කෙනෙකුත් පටලැවෙනව - හිරවෙනව. හොඳම උදාහරණය තමයි අධ්‍යාපනය. දැන් හිතන්න! අධ්‍යාපනය ලැබීම මූලික අයිතිවාසිකමක් හැටියට මේ අලුත් ව්‍යවස්ථාවට ඇතුළු කරනව කිව්වොත් නීතිය ගැන යම් අදහසක් තියෙන හැමෝම කැමති වෙනව. ඇත්තටම දැන් එහෙම ලොකු campaign එකක් යනව. මහාචාර්ය සරත් විජේසූරිය වගෙ චරිත, යම් අධ්‍යාපනයක් ලබපු හාමුදුරුවරු, වෘත්තිකයො...එක කණ්ඩායමක්, මිනිස්සු දැනුවත් කරමින් (?) ඒ යෝජනාවට අත්සන් එකතුකරනව කියල ත් වාර්තා වෙනව.
නිකමට කල්පනා කරන්න!
දැනට ඉතුරුවෙලා තියෙන නිදහස් අධ්‍යාපන අවස්ථා ත්, WB, IMF මූල්‍ය ආයතන උපදෙස්වලට හෙමින් හෙමින් අහෝසිකරල, සමස්ත අධ්‍යාපනයම මුදලාලිකරණය කරන්න හදන තත්වයක් තුළ, මේ වෑයම කුමක් සඳහා වෙන්න පුළුවං ද? මේ - රටේ හැම කෙනෙකුටම, ඒ කියන්නෙ ඇති නැති හැමෝටම නිදහසේ අධ්‍යාපනය ලැබෙන නීතිමය වට පිටාවක් හදන්න අරගල කරනව කියල කව්රුහරි හිතනව ද? නෑ! මේ හදන්නෙ, SITAM දක්වා වන හොර, හොර නොවන අධ්‍යාපන කඩ වලට නීතිමය ආරක්ෂාවක් දෙන්න. අපිට මුං ඉගෙන ගන්න දෙන්නෙ නැහැ! අපේ මූලික අයිතිවාසිකම කඩනවා! උන්ට දඬුවම් දීලා අපිට අපේ අවස්ථාවත් එක්ක වන්දිත් දීපල්ලා!! කියල එතකොට කට්ටියට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවං. දැන් කෙනෙක් අහන්න පුළුවන්, එතකොට රාජ්‍ය අධ්‍යාපන පද්ධතියෙ ඉන්න අයටත් ඕකම කරන්න පුළුවං නේද කියල. වැදගත්ම තර්කය එන්නෙ මෙන්න මෙතැන.
'නිදහස් අධ්‍යාපනය' කියල CWW කන්නංගර හරහා ක්‍රියාවට නැංවුණ සහ මේ වෙනකොට ක්‍රමානුකූලව හැකිළෙමින් තියෙන 'නිදහස් අධ්‍යාපනය' කියන මහා ජාතික අධ්‍යාපන වැඩ පිළිවෙළ එකක්. මේ දැන් 'අධ්‍යාපනයෙ නිදහස' වගෙ අර්ථගන්වන්න පුළුවං 'සමස්ත අධ්‍යාපනය මුදලාලිකරණය' කිරීමේ තත්වය තව එකක්. කතාව මෙහෙමනෙ; 'මෙච්චර ප්‍රමාණයක් වාර්ෂිකව උසස්පෙළ සමත් වෙනව, මෙච්චර ප්‍රමාණයකට විතරයි රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නෙ, එතකොට අනිත් අයට විශ්වවිද්‍යාල අවශ්‍ය නැද්ද? අවශ්‍යයයි! පුද්ගලික විශ්ව විද්‍යාල ඉතිං අපිට ඕනෙ. එයාලගෙන් කට්ටියක් විදේශ විශ්වවිද්‍යාල වලට යනව, ඒ සල්ලිත් අපිට රටේ ඉතුරු කරගන්න පුළුවං!' කතාව ඇත්තනෙ! සුත්‍රය හැදෙන්නෙ ඔහොමයි!
සිද්ධවෙන්න ඕනෙ, දැනට ගොඩනැගිල තියෙන, ජාතික මට්ටමෙන් මෙහෙය වෙන නිදහස් අධ්‍යාපන අවස්ථා තව වැඩිකරන්න සහ ඒ ක්‍රමය තව සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල් වෙන්කරල, සංවිධානාත්මක රාජ්‍ය මැදිහත්වීමකින් එය ශක්තිමත් කරන එක. පුද්ගලික අංශයටත් අධ්‍යාපනය සඳහා ආයෝජන කරන්න පුළුවං, ඉතා ප්‍රබල රාජ්‍ය නියාමනයක් එක්ක, එතකොට කරට කර තරඟයක්! ප්‍රමිතිය ඉබේම ගොඩනැගෙනව, අධ්‍යාපනය තව දුරටත් සංවර්ධනය වෙනව.
ඒත්, දැන් වෙන්න යන්නෙ ඒක නෙවෙයි! ඇති හැකි ළමයින්ට අධ්‍යාපනයේ නිදහස - නැති බැරි අයට නුගත්කමේ නිදහස!
එතකොට මේ සිද්ධවෙන්න යන රාජ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම ඔය හිතන තරං සරල එකක් නෙවෙයි. ඒත් ඉතිං කාටද මේ ගැන කියන්නෙ?!
ඕන නං මේ fb වැසියන්ගෙ like ටිකක් වැටෙයි, comments ටිකකුත් වැටෙයි, 'මහින්දගෙ කාලෙ ඕක කියන්න තුබුණනෙ බං!' කියලත් සමහරු ලියයි. ඒත් එච්චරද?
CHAPA
No comments:
Post a Comment