Tuesday, December 13, 2016

Hiru
Hiru news, 7pm, Dec 6, 2016

ජේසු ඇවිත් එපා කිව්වත් මේ වැඩේ දැන් නං නවතින්නෙ නැහැ!  

ලෝක වාර්තාවක් බිඳින්න, ගාලු මුවදොර ඉදිවන නත්තල් ගහ පාමුළ නැවතුණු ''මේ සංවාදය'' අපට ඕන නං දිගටම ගෙනියන්න පුළුවන්. ඇත්තටම මේ ජේෂ්ඨ ආගමික නායකයා කියන දේ, හිස් වචන ගොඩක් බවට පත් වෙලා - අවලංගු වෙලා, අර ලෝක වාර්තාවට ලොබ බඳින පිරිස කොහොමද ජයග්‍රහණය කරන්නෙ? කොහොමද ඔවුන්ගෙ තීරණය තවදුරටත් වලංගු වෙන්නෙ? නිකමට හිතන්න ජේසු ඇවිත් එපා කිව්වත් මේ වැඩේ දැන් නං නවතින්නෙ නැහැ!
දේවවාදය, මැවුම්වාදය හෝ දෙවියා පිළිබඳ සංවාදය පැත්තක තියෙද්දි, 'ජේසු' කියන සාධකය දේශපාලනිකව විග්‍රහ කරගන්න ඉඩක් වෙනම තියෙනවා. ඒ, අපි අද මේ පිළිගන්න කැලැන්ඩර කාලය පවා ජේසු උපත සමග සම්බන්ධ වෙන නිසා. ඊළඟට වතිකානු දේශපාලනය!
කොහොම වුණත් ඔය සියල්ල අතරෙ, මැල්කම් කාදිනල් රන්ජිත්, කොළඹ අගරදගුරු, ''මර්සලින් ජයකොඩි සාහිත්‍ය'' තුළ, මගෙ නත්තල දුගියා බත් කන දාය! කියන කතාව ඉස්සරහට අරගෙන, ගාලු මුවදොර නත්තල් ව්‍යාපෘතියට විරුද්ධවෙන එක ඉතා යහපත් තත්වයක්. ලංකාව, ණය බරින් මිරිකිලා පීඩා විඳින රටක්. ඇති නැති පරතරය, දුප්පත්කම අහස උසට!
ඒ අර්ථයෙන්, වහල්භාවයට - දුගීභාවයට - අසරණභාවයට...එරෙහිව පෙනී හිටියා කියන ''ජේසු සාධකය'' සමරන්න ඕන මෙහෙම සල්ලි නාස්තිකරලා නෙවෙයි. අශෝක හඳගම වගෙ අය කියන විදිහට, මේ නත්තල් ගහ වටේ ආදායම් මාර්ග ඇතිවෙලා මිනිස්සුන්ට යහපතක් වෙන නිසා, අනිවාර්යයෙන්ම නත්තල් ගහ ඉදිවෙන්න ඕනෙ, තවත් අයට 'සැමරීම' උත්කර්ෂවත් වෙන්න ඕනෙ. ප්‍රශ්නය, ජේසු විකුණනවද? ඒ ආගමික හරය ( ? ) සමාජ ප්‍රගමනය සඳහා යොදාගන්නවාද? කියන එක.
මේ ප්‍රශ්නය අනිත් හැම ආගමකටම අදාළයි.
බුදුදහම, දහමක් හෝ ජීවිතය හරහා විශ්වය පිළිබඳ විශ්ලේෂණයක්ව තිබියදීත්, ඊට ආගමික හැඩයක් ලබාදී - එය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්කිරීමත් මෙතැනටම සම්බන්ධ කරන්න පුළුවන්. 2017 අය - වැය 334 වැනි යෝජනාවට අනුව, 2017 වෙසක් සමරන්න රු. මිලියන 250 ක් වෙන් කරනවා. එය එක්සත් ජාතීන්ගෙ නිල වෙසක් උත්සවය ලු! දකුණු දිග ආසියානු සහ ඊසාන දිග ආසියානු අමුත්තො උත්සවයට එනවා ලු!
ලංකාවෙ දුප්පත් මහජන මුදල්! මේ බුදු දහමද? මොන විහිළුකාර අපරාධයක් ද? මේ වැඩේට, ඊනියා සිංහල බෞද්ධ අය ඉහළින් කැමතියි. ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඔවුන් දන්නෙ නැහැ, අපේම සල්ලිවලින් අපිට කුචු කවලා, බුදුදහමට ( බුද්ධාගමට!) පදනම් වුණු 'රාජ්‍ය' ආකෘතිය ඉවර කරලා දාන්න මේ හදන්නෙ කියලා.
ඉතිං අපි ඉවසීමෙන් මේ සංවාදය දිගටම ගෙනියමු!
CHAPA                

No comments:

Post a Comment