Sunday, March 17, 2019

අඬු කඩනවා ලු!


නවසීලන්තයෙ මුස්ලිම් පල්ලි දෙකක් ඉලක්ක කරගෙන එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය ගැන මං දාපු post එක නිසා බරපතළ සිදුවීම් මාලාවක් ඇති වෙමින් තියෙන බව පැහැදිලියි. ඒ සිද්ධිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරමින් ඉන්න අතර තුර, ඒ කියන්නෙ, 2019 මාර්තු 15, සිකුරාදා, උදේ 9.57 ට මං දාන post එකට මේ මොහොත වෙනකොට comments 2000 ක් වැටිලා, shares 399 ක්. සළකුණු 1100 ක්!
මෙච්චර වේගවත් සහ විශාල ප්‍රතිචාරයක් මීට කලින් මං දාන post එකකට වැටිලා නැහැ. ඒ ඇයි?
ඒ අතර මට දුර කථනයෙන් කතා කරමින් ඒ post එක ගලවන්න කියපු පිරිසකුත් ඉන්නවා. ඒ සමහර අය පිට රටවල ජීවත් වෙන අය. ඒ අස්සෙ ඊයෙ, සෙනසුරාදා, උදේ 11.36 ට Viber හරහා කතා කරපු, ෆ්‍රැන්සිස් නිමල් ප්‍රනාන්දු ලෙස Viber නම සහිත පුද්ගලයෙක්, ''තෝ නවසීලන්තය පැත්ත පළාතෙ එන්න නං එපා පරයා! තොගෙ අඬු කඩනවා, දැන ගනිං!'' කියල කිව්වා. මං කිව්වා, ඔබ ට මානසික ප්‍රශ්නයක් තියෙන බව පේනවා, වහාම ප්‍රතිකාරයක් ගන්න! කියලා. එතකොට ඔහු කුණු හරුප පේළියක් කියන්න පටන් ගත්ත නිසා කම්මැලි හිතිලා call එක cut කෙරුව. මං එහෙ යන්න හිතාගෙන නැති නිසා ඒකෙ නං අවුළක් නැහැ කියමුකො!
ඒත් මේ අමුතු විරෝධය මොකද්ද?
''ඔයා හිතන දේ හරි, ඒත් ඒ post එකෙන් කියවෙන්නෙ, අර මිනිස්සු මරපු එක හරි වගෙ එකක්නෙ, ඒකයි!'' 
අර ප්‍රශ්නයට ලැබෙන උත්තර අතර ඔය කතාව තමයි ටිකක් හරි වලංගු. 
ඒත් ඒක එහෙමද?
ඔබ වෙලාව අරගෙන හෙමින් හෙමින් අදාළ comments කියවන්න. ඒ පිරිස මෙහෙම වෙන් කරන්න පුලුවං!
1. සංවිධානාත්මක පිරිසක්, fake accounts කීපයක් ඇතුළුව.
2. පරණ පුද්ගලික තරහ වගේම තවත් පුද්ගලික හේතු මත ඇති වූ ද්වේශය පිරි මහ ගන්න හදන සහ විවිධ දේශපාලන පක්ෂ වලට අදාළ අවුල් නිසා අවුල් වුණු පිරිසක්. 
3. රැල්ලට සහ විනෝදයට විවිධ දේ කියන පිරිසක්.
4. ඇත්තටම ඒ post එක නිසා හිත රිදුණු පිරිසක්.
මගේ නිරීක්ෂණය අනුව, මේ විරෝධය දක්වන අති බහුතරය අයිති 1 වැනි කාණ්ඩයට. අඩුම පිරිස 4 වැනි ගොඩේ, ඒ ඉතා සුළු පිරිසක්.
අපි මෙහෙම බලමු!
මං ඒ post එකෙන් කියන්නෙ මොකද්ද? 
''නවසීලන්තයෙ දැන් දරුණු විවෘත වෙඩි තැබීම්! හිතේ ඇති අපට වස කවලා ෆන් එකේ ඉන්න පුළුවං කියලා! හහ්...''
මේ දිනවල මං මැදිහත් වෙමින් ඉන්න, මෙරට පිටි කිරි මාෆියාවට එරෙහි අරගලය මේ කතාවට කෙළින් ම සම්බන්ධයි. අදාළ පිටි කිරි බහු ජාතික සමාගම්, ප්‍රධාන වශයෙන් අයිති නවසීලන්තයට. එහෙම නං නවසීලන්තය රටක් විදිහට හිතන්නෙ, අනිත් රටවල් ශිෂ්ටාචාර පිටින් විනාශ කරලා තමන්ට පවතින්න පුළුවං කියලා. එහෙම පවතින්න බැරි බව තමයි මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තව දුරටත් ඔප්පු වෙන්නෙ. 
මේ සංවාදය ඓතිහාසිකයි!
ජාතීන් අනෙක් ජාතීන් මරා දමමින් සහ දුර්වල කරමින්, ඊට සමගාමීව ස්වාභාවික තත්ත්වයන් විනාශකරමින් මානව වර්ගයා ප්‍රමුඛ සමස්ත ජෛව ගෝලය දැඩි අනතුරක හෙළමින් ඉන්න බව මේ මොහොතේ හෝ අප වටහා නොගත්තොත් ඊ ළඟ මොහොත කොහොමත් පමා වැඩි වේවි! 
නවසීලන්තය වටා ගොඩ නගන්න නියමිත සංවාදය ඔන්න ඕකයි! අර මරා දැමුණු අසරණ මිනිස්සුන්ට මල් පහන් තියලා, අඬලා දොඩලා හොටු හූරලා මේ අර්බුදය වටහා ගන්න බැහැ. මෙහෙම හිතන්න, ඔය ත්‍රස්තවාදය බිහිවෙන්නෙ සහ තවදුරටත් පෝෂණය කෙරෙන්නෙත් අන්න අර ගෝලීය නරුම ධනවාදී දේශපලනය තුළ!
කොටින්ම ත්‍රස්තවාදය විවිධයි. ඒ අතර ඖෂධ සහ ආහාර ත්‍රස්තවාදය ඉතා සූක්ෂමයි. අන්න ඒ නිසා තමයි, අපේ ම මිනිස්සු නවසීලන්තයෙ ඉඳන් මගෙ අඬු කඩන්න හදන්නෙ. එහෙ මෙහෙ ඉඳන් මට කුණු හරුපයෙන් බනින්නෙ!
ඔය කතා නං කමක් නැහැ, ඒත් මට මොකුත් කරන්න එපා, මොකද උඹලගෙ දරුවො වෙනුවෙන් සටන් කරන්න ඉන්න එවුන් අඩුයි, ඉතිං උඹලට දුක හිතෙයි, මට මොකක් හරි කෙරුවට පස්සෙ, මං ගැන නෙවෙයි උන් ගැන!
හරි! දැනට මේ ඇති! තව වැදගත් කරුණු ගණනාවක් තියෙනවා...
අද රෑ 8.30 ට සජීවීව ඇවිත් ඒ විස්තර කියන්නං!
CHAPA
March 18, 2019



No comments:

Post a Comment