ගස් මරාගෙන ජීවිතය හොයන අපේ මිනිස්සු!
ගස් මරාගෙන ජීවිතය හොයන අපේ මිනිස්සු!
ඔය මැංගුස් ගහ උඩ ඇන්ටනාවක් හයි කරල තියෙන්නෙ ටිකකට කලින්!
උදේ පාන්දර ඔය ගහ, ඔය ඇන්ටනාවේ උසට වගෙ තිබුණා. අනේ දැන් ගහේ මුදුන කපා දාලා ඔය ඇන්ටනාව දාන්න.
ගහ දුකෙන් මැළවිලා ගිහිං!
මේ වටේ තියෙන වතුවල තව ලොකු ගස් සෑහෙන්න තිබුණා. ඉස්සරහ හිස් ඉඩමෙ රූස්ස කොස් ගස්, මහ පොළොව බදාගෙන අහස දිහා උද්දාමයෙන් බලාගෙන හිටපු ඒ සුන්දර දවස් ආයෙ කවදාවත් එන්නෙ නැහැ!
මං තනියම කල්පනා කරනවා.
අර දවසක් කීතු කීතු කරල විනාශ කරපු එහා ඉඩමෙ සුවිසල් දෙල් ගහ!
මගෙ හිත හිර වෙලා...
ගස් කියන්නෙ අපේ ජීවිතයෙ කොටසක් බව මේ කර්කශ මිනිස්සුන්ට කවදා කොහොම පහදා දෙන්නද?
මේ ගස් එක්ක බැදුණු සංකීර්ණ ජෛව පද්ධති?! ඒවා විනාශ කරනකොට අපට පවතින්න පුළුවං ද මිනිසුනේ?
මගෙ හිත කෑ ගහල එහෙම අහනවා. ඒත් ඒ හඬ ඇහෙන්නෙ මට විතරයි වගෙ.
මේ වටේ හිටපු වඳුරු රංචුව අතුරුදහන් වුණේ බලාගෙන ඉද්දි. දැන් ඉඳ හිට එක්කෙනෙක් දෙන්නෙක් කොහේදෝ ඉඳලා ඉඳ හිට එනවා, ඒ අසරණයන්ටත් මේ නරුම දෙපා සතුන් කොච්චර වද දෙනවද? උන්ගෙ බල්ලො? උන් හිතන්නෙ උනුත් මිනිස්සු කියල!
පාට පාට කුරුල්ලො, සමණල්ලු, ලේන්නු, එක එක කෘමීන්...එයාලා හෙමින් හෙමින් කොහේදෝ යන්න යනවා!
මෙහෙම ගියොත් අපි තනි වෙයි!
අර පැත්තෙන් සංවර්ධනය කියල මහ වනාන්තර විනාශ කරනවා. මේ පැත්තෙන් මිනිස්සු තම තමන්ගෙ බල ප්රදේශවල තියෙන ඉතුරු ගස් ටිකත් මරා දාලා ජීවිතය කියල මොකද්දෝ හොයනවා. ඒත් කෝ ඉතිං ජිවිතයක්?
ඔව්! අපට ජීවිතය අහිමි වෙලා, අප ට අපි නැති වෙලා...
ඒ අහිමිවන ජීවිත විළාපය ඔබ ට ඇහෙනවද? නෑ නේද?
මං දන්නවා, නෑ තමයි!
CHAPA, March 30, 2019
No comments:
Post a Comment