Saturday, April 16, 2016

ඒ, 2010 - 2011 ආසන්න කාලය, හැම ඉරිදාම වගෙ, වෙන්නප්පුව හලාවත මැද්දෙන් මුහුද අද්දරට තියෙන තොඩුවාව කියන ධීවර ගම්මානයට අපි ගියා, මඩු කුමාරි කියන ප්‍රජා ශාලාවට ධීවර පවුල් සාමාජිකයො සැහෙන ප්‍රමාණයක් එදාට එකතු වෙනව, මුහුදෙ රළ හඬ නගද්දී අපි හුඟක් දේවල් කතා කෙරුව, ධීවරයන්ගෙ රැකියාවට සම්බන්ධ ප්‍රශ්න, පවුල්වල ප්‍රශ්න, විශේෂයෙන්ම ළමයි ගැන...


අපි සාකච්චා වට ගණනාවක් ඉතාමත්ම සාර්ථක විදිහට කරගෙන ගියා අවුරුද්දකට වඩා  වැඩි කාලයක්.. එය වෙනස්ම අත්දැකීමක්, ඒ ගම්මානවල තාමත් තියෙන්නෙ පල්ලියෙ හෙවනැල්ල, ඒ හරහා ඔවුන් මානසිකව එක තැනකට කොටු කරල. ධීවර කර්මාන්තය සංවර්ධනය කරන්න අමාත්‍යංශ ඇතුළු ආයතන කිහිපයක් තිබුණත් ධීවරයන්ට ඒවායින් දැනෙන සේවයක් වෙන්නෙ  නැහැ, ඒ මදිවට NGOs ව්‍යාපෘති! ඉතිං අපි කොච්චර සාර්ථක විදිහට මිනිස්සු එක්ක යම් ගොඩනැගීමක් කෙරුවත් එක මොහතකින් අනිත් පැත්ත හැරෙන්න ඉඩ කඩ වැඩයි. අන්තිමට බලනකොට ඒ මතකය හැර මොකුත්ම ඉතුරු නැහැ වගෙ, ඒ, මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක් වුණාට වගකියන්න ඕන රටේ පාලකයො - හැබයි පාලකයො එන්නෙත් ඒ අතරින්. ඒ සංවාදය තවම එහෙමමයි! ඒ අතර මඩු කුමාරි වහල යටට තවමත් ඉරිදාවට ඒ මිනිස්සුයි තව මිනිස්සුයි එකතු වෙනව ඇති. මුහුදෙ රළත් ඒ විදිහටම හඬ නගනවා ඇති! CHAPA

No comments:

Post a Comment