Monday, April 18, 2016

ප්‍රභාකරන් වෙනුවට දැන් වෙන දෙමළ නායකයො ගණනාවක් දෙමළ පොදු ජනයා වෙනුවෙන් පෙනීහිටිනව. ඔවුන් මොන මොන දේවල් කියමින් හිටියත්, පොදුවෙ, උතුරු නැගෙනහිර කළාපයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන වෙනම දෙමළ පාලන ඒකකයක් සඳහා වන බලය බෙදීමකට එකඟයි. වර්තමාන පාර්ලිමේන්තුව දැන් එකම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් හැටියටයි ක්‍රියා කරන්නෙ, ඒ, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. මේ සියලු දේවල් කෙරෙන්නෙ, එක්සත් ජාතීන්ගෙ සංවිධානය, ඔවුන්ගෙ
බළල් අඬු විදිහට ක්‍රියා කරන රාජ්‍ය නොවන සංවිධාන සහ ඒ සියලු තැන් එක්ක වැඩකරන දෙමළ  ඩයස්පෝරාවට අනුව. ඊට සමගාමීව, රට ණය උගුලක හිරකරගෙන ඉන්න, විදේශ මුල්‍ය ආයතනවල උපදෙස්මත රටේ ආර්ථිකය ප්‍රතිසංවිධානය කෙරෙනව. තව ටික දවසකින් අප පෙළන බධු සංශෝධන එන්නෙත් එහෙමයි. මේ විදිහට රට ඉස්සරහට ගියොත්, රටක් නැතිවෙනව. රට, එක එක රටවල කුණු වෙළඳපොළක් බවට පත් වෙනව. දුර්වල රාජ්‍ය පාලනයක් - ලාභ වෙළෙඳපොළක්! මේ තමයි ඔවුන්ගෙ න්‍යායපත්‍රය.
සිංහල, දෙමළ, මුස්ලිම් අපි, එකට එකතු වුණොත් හැර මේ මහා ඛේදවාචකයෙන් ගැලවෙන්න අපි කාටවත් බැරිවෙනවා. අපිට මේ ගැන දියුණු දේශපාලන සංවාදයක් - මැදිහත්වීමක් ඕනෙමයි. ඒත් අපි සුදානම් නැහැ! වඩාත්ම නරක තැන්වල තියෙන්නෙ මුස්ලිම් සහ දෙමළ සමාජ. මුස්ලිම් සමාජය ගැන නං කතාකරන්න වෙන්නෙ අන්තිමට, එය ලෝක දේශපාලනයත් එක්ක ගැට ගැහෙන විදිහ හරිම බිහිසුණුයි! ඒත්, අත ලගම තියන ප්‍රශ්නය දෙමළ බෙදුම්වාදය සඳහා වන ව්‍යවස්ථා වෙනස නං පරාජය කළ යුතුමයි. දෙමළ පොදු ජනයාට මේ වගෙ  බලය බෙදා හැරීමකින් සිද්ධ වෙන්න යන මහා විනාශය ගැන ඒත්තු ගන්වන්න පුළුවන් නං !? ප්‍රභාකරන්ලා නිසා සාමාන්‍ය දෙමළ ජනයා බුරුතු පිටින් පොළොවට පස් වුණා. මේ දෙමළ නායකයො කියා ගන්න අයත්
කරන්නෙ ඒ ටිකමයි. කුලීන - කුල හීන පරතර, යාපන - මඩකලපු - කඳුකර   පරතර ඇතුළෙ හිරකරගෙන ඉන්න පොදු දෙමළ ජනයාට මේතක්කඩි දෙමළ නායකයො මොන යුක්තියක් ලබා දෙන්නද? ඇති නැති පරතරයත් දෙමළ සමාජය ඇතුළෙ හරිම බරපතලයි. ඒ පොදු ජනයාට යුක්තිය ලබාගන්න පුළුවං  එක රටක් ඇතුළෙ - මේ පවතින තත්වයන් ඇතුළෙ ඉස්සරහ යමින්ම තමයි. දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක්,
සමාජ යුක්තිය ලබාදෙන නීතියෙ ආධිපත්‍යයක්, සම්පත් බෙදීයන - ආර්ථික විෂමතාව අවම වන ආර්ථික ක්‍රමයක් හරහා, සිංහල, දෙමළ, මුස්ලිම්...අපි එකට - රටක් හැටියට ගොඩනැගෙන
හැටි තමයි අපි සංවාදයට ගන්න ඕනෙ, එත් ඒක කොහොම කරන්නද? CHAPA




No comments:

Post a Comment