Tuesday, April 19, 2016

' අපි මේ රටේ මාධ්‍යය නිදහස අගය කරනව, කොහොමත් අපි පෙනීහිටින්නෙ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්...ඒ නිසා ඔන්න අපි විද්‍යුත් මාධ්‍යය නියාමනය කරන්න, ස්වාධීන විකාශන අධිකාරියක් පටන් ගන්නව..මේක මේ බලධාරියෙක් යටතෙ මාධ්‍ය පාලනය  කරන්න එහෙම නෙවෙයි, නියාමනය කරන්න..කොහොමත් මේක ආණ්ඩුවේ වැඩක් නෙවෙයි..' ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, මද සිනහවෙන් මුව සරසාගෙන කියන්නෙ ඔහොම කතාවක්නෙ!? මාධ්‍යයටත් ඉතිං මේව ඇත්ත! ඇත්තටම මේ පරණවිතනලා තමයි අන්තිම භයානක, මර්වින් සිල්වා කියනකොට, විජිත් විජිතමුනි සොයිසා කියනකොට, නිශාන්ත මුතුහෙට්ටිගමගෙ කියනකොට...සාමාන්‍ය ජනයාට (?) පවා තේරෙනව, එත් කරුණාරත්න පරණවිතාන වගෙ අයව පොදු ජනයාට(?) ලේසියෙන් අහුවෙන්නෙ නැහැ, නිකං උගත් - වැදගත් - ගරුකටයුතු...වගෙ තමයි පේන්නෙ. ජනමාධ්‍ය මර්දනයට ආණ්ඩුව සුදානම් වෙන එක පරණවිතාන ජනමාධ්‍යයටම ඇවිත් කියනකොට මාධ්‍යයටත් නිකං fun වෙන්නෙ එහෙමයි. ලංකාව ගමන් කරමින් ඉන්න දිශාව අනුව, ප්‍රජාතන්ත්‍රවාදය - සමාජ යුක්තිය - මානව හිමිකම් - මාධ්‍ය නිදහස...මේවා නිකං විහිළු කතා! සිද්ධවෙන්නෙ, ආණ්ඩුව පියවරෙන් පියවර ජනයා පීඩාවට පත්කරමින් වර්ධනය වන වෙළෙඳපොළට පහසුකම් සලසා දෙන එක. බලන්න! මේ මාධ්‍ය මර්දනයට පදනම් කර ගන්නෙ යෝජිත තොරතුරු දැනගැනීමේ පනත. අවශ්‍ය නීති සම්පාදනය කරන්නෙ ඒ පනත සම්මත කරගත්තට පස්සෙලු! ඒ තමයි ඇත්ත!! හොඳට අහන්න ඔවුන්ගෙ ප්‍රකාශ, පරණවිතාන කියනකොට මේක මේ ආණ්ඩුවෙ වැඩක් නෙවෙයි කියල - ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකිරීම පිළිබඳ ලේකම් කාර්යයාලයෙ සභාපතිවරය කියනව, ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍යසේවා කොමිසම වගෙ ස්වාධීන ව්‍යුහයක්ලු මේ! අදාළ පත්කිරීම් ඒ වගෙ ස්වාධීනව කෙරෙන්නත් ඕනලු!! ඔය කියන සියළු කමිෂන් සභා පත් කෙරෙන්නෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවෙන්, එය කිසිසේත්ම ස්වාධීන එකක් නෙවෙයි. ඒ ගැන අපි දැන් ඇති තරම් කතා කරල තියෙනව. තමන් මේ කියන්නෙ පට්ටපල් බොරු කියල පරණවිතනල දන්නව. ඔවුන් මේ දේවල් කරන්නෙ තමන්ගෙ පැවැත්මට. මේ ආයතන පිහිටුවන්න පිහිටුවන්න මේ වගෙ රැළකට මහා වරප්‍රසාද ගොඩක් එක්ක රස්සා ලැබෙනව - මහජන දේපොළ කබසීනියා  කෙරෙනව. ණය බර වැඩිවෙලා අය වැය පරතරයත් වැඩි වෙනව. දුප්පත්කම වැඩිවෙනව, රට ඉවර වෙනව, ඒ අතරෙ දවසක ආයෙත් නැගිටින්න බැරිවෙන්නම රටේ මර්දන යාන්ත්‍රණය මේ අත්වලින්ම සකස් කෙරෙනව. ඉතිං මිත්‍රවරුණි! මේ පරණවිතානලගෙ බොරු වැදගත් පෙනුමට රැවටෙන්න එපා! මේ තත්වයන්ට එරෙහිව හිට ගන්න!! හැබැයි හෙට නං පමා  වැඩිවෙන්න පුළුවං!!! CHAPA

No comments:

Post a Comment