Sunday, April 3, 2016

MEDIA?! ඊ ළගට කරන්න ඕන මොකද්ද?

සමාජය වඩා යහපත් තැනකට ඔසවා තබන්න පුලුවං සංවාදයක් ඇතුළෙමයි. හැදැරීම, අත් හදා බැලිම, ප්‍රශ්න කිරිම, පිළිතුරු සෙවිම...මේ හැම දෙයකටම විවෘත මනසක් ඕනි. ඇත්ත උවමනාවක් තියෙන්නත් ඕනි. ඒ සදහා 'අප තුළමත්' සංවාදයක් තියෙන්න ඕනි. යහපත සදහා වන සමාජ පරිවර්තන අවම වෙලා තියෙන්නෙ අපි පොදුවේ සංවාදය ට සුදානම් නැති නිසයි. පක්ෂ
න්‍යාය පත්‍ර, NGO ව්‍යාපෘති වෙළෙඳ ව්‍යාපෘති, පුද්ගලික න්‍යාය පත්‍ර, මඩ ගැසිම්, හුදු වචන හරඹ...මේ සංවාදයක් නෙවෙයි. MEDIA කරන්නෙ විකුණන එක. ඒවා වෙළෙඳ කටයුතු. මේ සියල්ල මැද්දේ
සංවාදය ගොඩනැගෙන්නෙ කොහොමද?
මගෙ පුද්ගලික අත්දැකීම මෙහෙමයි; ජනප්‍රිය මාධ්‍ය වල පෙනි හිටින කොට පොදුවේ මිනිස්සු මාව පිළිගන්නව. එක කට්ටියක් අහනව MEDIA වලට කඩේ යන්නෙ මොකද කියල.
ජනප්‍රිය MEDIA වෙනුවට පොදු ජනයා අතර වැඩ කරන්න පටන් ගන්න කොට JVP වගෙ පක්ෂ, තවත් කණ්ඩායම්, NGOs ඒ වැඩ අවුල් කරනව. ඒ ඔවුන්ගෙ කෙනෙක් නොවන නිසා. පොදු ජනයා අතරින් එන පොදු කියවීම වෙන්නෙ, දැන් මෙයාට MEDIA
වල තැනක් නැතුව ඇති වගෙ එකක්. පිළිගත් මට්ටමේ ආයතනයක් එක්ක මොකක් හරි වැඩක් කෙරුවොත්, මෙයා වැඩ කරන්නෙ ධනපතින්ට කියන මිනිස්සු 'නිදහස්' පත්තරේ අරගෙන තමන්ගෙ දොර කඩට
එන අපිව පිළිගන්නෙ නැහැ. ('නිදහස් 'කියන්නෙ
Unilever සමගමේ මාබෝලේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ එළියට දාපු වේලවේ, සියලු MEDIA  සමාගම පැත්ත ගත්ත වේලවේ, ඒ සේවක අරගලය වෙනුවෙන් 2001පටන් ගත්ත පත්තරයක් - 2001-2010 පුරා බරපතළ ආර්ථික අභියෝග මැද්දේ විවිධ ක්‍රියාකාරකම් සමග කරපු පත්තරයක්. හුගක් මාසවල  unit cost එක 27/- 28/- වගෙ වෙද්දි දිගටම 20/- ට විකුණපුපත්තරයක් ) 'නිදහස්' අරගෙන අවුරුදු 10ක් පොදු ජනයා අතර වැඩ කෙරුවත්, පොදුවේ ජනයාට එහෙම සංවාදයක් ඕන නැති වග තේරුම් ගන්න වෙනව. ජේසුගෙ කතාවෙ, ජේසුට ඇණ ගහන්න හදන පාලකයා, එක දවසේ කුරුසෙ ඇණ ගහන්න නියමිත ජේසු සහ බරබ්බස් කියන මං පහරන්නා පෙන්නලා ජනයාට කියනව එක්කෙනායි ඇණ ගහන්නෙ කැමති කෙනා බේරගන්න කියල. ජනයා බේර ගන්නෙ බරබ්බස් ව. මේ පොදු ජන හැසිරිමත් - අදටත් වලංගුයි. ඉතිං දැන් අපි කරන්න ඕන මොකක්ද? fb ප්‍රමුඛ සමාජ මාධ්‍ය ජාලය ඇතුළෙත් අර කලින් කියපු වැඩ ටිකමයි පොදුවේ කෙරෙන්නෙ. ඊ ට කරන්න ඕන මොකද්ද? උත්තරයක් නැහැ ප්‍රශ්නයක් තියෙනව!? CHAPA
















 

No comments:

Post a Comment