Sunday, October 23, 2016

              මුදල් පිරමීඩ ජාවාරම! කබ්රාල් ගෙන් පස්සෙ දිගටම...

 

අපේ රටේ සෑහෙන ප්‍රමාණයක් මේ වන විට ත් විවිධ මුදල් ජාවාරම්වල ගොදුරු බවට පත් වෙලා. ඒ අතර 'පිරමීඩ මුදල් ජාවාරම' ට වඩා වේගයෙන් ජනයා ගොදුරු වන ප්‍රවණතාවක් මතු වෙලා. ලෝකය පුරා තැන තැන කරන මුදල් ජාවාරම් අතර මේ පිරමීඩ ජාවාරම ත් ඉදිරියෙන් ම තියෙනව. ඒ හැම රටක ම සිද්ධ වෙනව වගෙ, ලංකාවෙත් මේ ජවරම එක්ක රාජ්‍ය අනුග්‍රහය ලබන, නිල බලය තියෙන, සමාජය තුළ නමක් හදාගෙන ඉන්න සැලකිය යුතු පිරිසක් ඉන්න නිසා තත්වය එච්චර සරල නැහැ.
හොඳම උදාහරණය තමයි හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධ කතාව. ඔහු මුලින් එක්සත් ජාතික පක්ෂයෙ ඉදිරි පෙළ ක්‍රියාකාරිකයෙක්. ඒ සඳහා නාවල ප්‍රදේශයෙ තමන්ගෙ ගෙදර කාර්යාලයකුත් පවත්වාගෙන ගියා. ඔය අතර ඔහු ඔය මුදල් පිරමීඩ ජාවාරමේ ප්‍රධානියා හෝ ප්‍රධානියෙක් හැටියට චෝදනා එල්ල වෙන්න පටන් ගත්ත. Sunday Leader සහ ඔවුන්ගෙ ම සිංහල පුවත් පත වූ 'ඉරු දින' ඒ ගැන ගවේෂණාත්මක හෙළිදරවු කිරීම් කරන්න පටන් ගන්නවාත් එක්කම තත්වය තවත් උග්‍ර අතට හැරුණ. වාර්තා වුණු ආකාරයට, ඒ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කබ්රාල් ට එරෙහි අදාළ පරීක්ෂණ පටන් අරගෙන තිබුණෙ.
මෙන්න එකපාරට ම, කබ්රාල් මහින්දවාදියෙක් වුණා - අලුත් ආණ්ඩුව ට සම්බන්ධ වුණා - මහා බැංකු අධිපති වුණා!
ඊට පස්සෙ ඉතිං මොන අපරාධ පරීක්ෂණ ද?! කොහොම හරි ඔය politics of Games හරියට තේරුම් ගත්තෙ නැති අර මාධ්‍ය ප්‍රධානියා, ලසන්ත වික්‍රමතුංග ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා අන්තිමට - ඒ තවත් කතාවක්!
මේ අනුව, කෙනෙකුට තේරුම් ගන්න පුළුවං, මුදල් පිරමීඩ ජාවාරම මොන නමකින් ආවත් කොච්චර මරණීය ජාවාරමක් ද කියල. මෙතැන දි සිද්ධ වෙන්නෙ   1X2, 2X4, 4X8...ක්‍රමයට හෝ වෙනත් ගුණාකාර ක්‍රමයකට මිනිස්සු වංචාවකට කොටුකරගන්න එක. මේ වෙනකොට, වැඩේ ට නීත්‍යානුකුල හැඩයක් අරන් දෙන්න, භාණ්ඩ විකිනිල්ලකුත් ඒකට සම්බන්ධ කරල, බැලූ බැල්මට නිකං business එකක් කරනව වගෙ පේන්න. තරුණ කොටස් ඇද ගන්න විවිධ උපක්‍රමත් ඒ සමඟ යොදා ගන්නව. යම් ආකර්ෂණයක් තියෙන ගැහැනු ළමයි, තාරුණ්‍ය සතුටු කරවන විනෝදාත්මක ක්‍රියාකාරකම්, කණ්ඩායම් මානසිකත්වය  ගොඩනගන වැඩමුළු ...ඔය අතර විශේෂයි. 

මේ ආර්ථික අපරාධය වහාම නවත්වන්න බලධාරීන් කටයුතු කරන්න ඕනෙ! ඒත් ඉතිං කෝ බලධාරීන්?

හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවං...
අපි එකතුවෙලා, සමාජය දැනුවත් කරමු! මුදල් පිරමීඩ ජාවාරම ට එරෙහි වෙමු! එයින් ජනයා බේරා ගනිමු, විශේෂයෙන් ම ඊට වැඩි වැඩියෙන් බිළිවෙන තරුණ කොටස්!
දැනට වෙන විදිහක් නැහැ!

CHAPA

      

No comments:

Post a Comment