Saturday, January 28, 2017

   අද නං කේන්ති ගන්න එපා!


අපි හැමෝටම කේන්ති එනවා. සමහරුන්ට පොඩ්ඩ බැරි වෙනකොට. සමහරුන්ට ඉඳල හිටලා, එහෙම කේන්ති ගන්න අය වඩා දරුණු වෙනවා කියලා පිළි ගැනීමකුත් තියෙනවා. කොහොම වුණත් කේන්තිය හොඳ නැහැ, එය හුඟාක් දේවල් අපට නැති කරනවා. මිනිස් සම්බන්ධතා කඩනවා. අවස්ථා නැති කරනවා. ශරීර සෞඛ්‍ය අඩපණ කරනවා. සතුට අතුරුදහන් කරනවා. ජීවිතය දුබල කරනවා.
කෙනෙකුට කේන්ති යන හේතු ගණනාවක් තියෙන්න පුළුවං, අපි දන්නා සහ නොදන්න. ඒ අතර යම් යම් අසනීප තත්වයන් සහ ඇතැම් විට  පාරම්පරික ලක්‍ෂණ පවා තියෙන්න පුලුවං.
කොහොම වුණත් මනෝවිද්‍යාවෙ පුරෝගාමියා වන සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ කියවීමෙ හැටියට, කෙනෙක් - තමන්ට කේන්තියක් එන බව වටහා ගන්නකොටම ඒ ආවේග ක්‍රමානුකුලව දියවෙන්න පටන් ගන්නවා. මේක අමාරු වුණත් අත්හදා බලන්න පුළුවං ක්‍රමයක්.
හිතන්න! ඔබ කල්පනාවෙන් ඉන්නවානං ( එළැඹි සිහියෙන්! ) ඔබට කේන්ති එන්න පටන් ගන්න බව වැටහෙන්න ගන්නවා. එතකොටම ඔබ, ඔබව කළමනාකරණය කරගන්න පටන් ගන්නවා, දන්නෙම නැතුව.
ඊට අමතරව, කේන්ති එන වෙලාවට, ඒ වග දැනගෙන අදාළ අවස්ථාව මග හරින්න. තමන්ට කේන්ති එන වග අනෙකාට පැහැදිලි කරන්න, පුළුවං කමක් තියෙනවා නං. ඒ අතර, තම කේන්තියට හේතුවන කාරණය එසැනින් විශ්ලේෂණය කරගන්න හිත දියුණු කරගත්තොත්! ඒ තමයි හොඳම ක්‍රමය.
දැනට මෙහෙම හිතන්නකො...
''මම අද නං කාත් එක්ක වත් කේන්ති ගන්නෙ නැහැ!''
අපි බලමු! නේද?
CHAPA

No comments:

Post a Comment