'නිදහස්' මහ මග...
''...තවත් වෙලාවක අපි පත්තර තට්ටුත් බලාගෙන කොළඹින් ටිකක් ඈතට යනව. වාහනයෙ පරණ කමයි මුදල් ප්‍රශ්නයයි නොතිබෙන්න අපි ඒ වැඩේ දි රට වටේම යන්න ඉඩ තිබුණා.කොහොමත් ඈතම ගමනකට ගියේ පොළොන්නරුවට විතරයි. ඔය කාලයෙ අපේ කට්ටිය පොදුවෙ හුඟාක් මහන්සි වුණා. ගැහැනු පිරිමි වෙනසක් නැතුව එකට වැඩ කෙරුවා. තියෙන දේවල් බෙදා හදාගෙන කෑවා. ඉස්සරහට එන ප්‍රශ්න පොදු පෙරමුණක් විදිහට දරාගන්න පුරුදු වුණා. ඒ වගේම එක එක විදිහේ මිනිස්සුත් එක්ක ගනු දෙනු කරන විදිහ අපිට අලුතෙන් ඉගෙන ගන්න සිද්ධ වුණා.ගම්පහ පැත්තෙ ගිය වෙලාවක එක්තරා වෛද්‍යවරයෙක් නිෂ්මං ( නිෂ්මං රණසිංහ ) එක්ක ලොකු ගැටුමක් ඇති කරගෙන. අපි අනිත් කට්ටිය එතැනට යනකොට වෛද්‍යවරයා පොලීසියත් ගෙන්නවාගෙන. අපේ 'නිදහස්' පත්තරයක් කෑලි කෑලි වලට ඉරලා දොරකඩ වීසිකරලා තිබුණා. වෛද්‍යවරයා කියන්නෙ නිෂ්මං බලෙන් පත්තරයක් විකුණන්න හැදුවා කියලා. පොලීසියත් ඒ පැත්තෙ. අපි ඉතිං කට්ටියම සමාවෙන්න කියලා එතැනින් අයින් වුණා.
වෙන මොනවා කරන්නද?
සමහර කඩ කාරයො, බීපු මිනිස්සු, එක එක ආරවුල් කාරයො වගේම සමහර පක්ෂ සාමාජිකයොත් අපිට ගහන්න බණින්න ආපු වෙලාවල් තිබුණා.
මෙතැනදි ලියන්න ඕන වැදගත්ම කාරණයක් තියෙනවා. අපි පාරෙ බැහැලා පත්තර විකුණනකොට සමහරු හිතුවෙ අපිට 'කෙළවෙලා' කියලා.
විශේෂයෙන්ම මාව රුපවාහිනී තිරයෙන් දැකපු සමහර අය මං දිහා ලොකු අනුකම්පාවකින් වගෙ බැලුවා. චන්දන සූරියබණ්ඩාරලා චමුදිත සමරවික්‍රමලා නං ගොඩ නේද කියල මගෙන් කෙළින්ම අහපු අයත් හිටියා. ඒ කාලයෙ මම කොණ්ඩයත් වවලා රැවුලත් පොඩ්ඩක් වවලා හිටපු නිසා, නාරද බක්මීවැව කියල රැවටිලා පුදුම වෙලා කතාකරපු අයත් ඒ අතරෙ හිටියා. ඔවුන් ලොකු ප්‍රසාදයකින් ලඟට ඇවිත් එහෙම නෙවෙයි කියලා දැන ගත්තට පස්සෙ හෙමීට මාරු වෙලා ගියා.
ලස්සනම සිද්ධිය තමයි අපේ කාර්යාලය ( 151, නාවල පාර, නුගේගොඩ ) ඉස්සරහා කහ ඉර පනින වෙලාවෙ නන්දා මාලනී කියන ප්‍රකට ගායිකාව, නාරදවයි මාවයි මහ අව්වෙ පටලවාගෙන හරිම සුහද විදිහට මට කතා කෙරුවා. නාරදගෙ සින්දු වැඩ සටහනක් ගැන තමයි ඇහුවෙ. ඒත් හදිසියේම, පටලැවිල්ල ලිහිලා ඇයට ලජ්ජා හිතුණා. ඔය වගේ සිද්ධි ගැන ලියන්නෙ රටේ මිනිස්සුයි අපියි අතරෙ තියෙන විකාරරූපී පරතරය ගැන කියන්න ඕන නිසාමයි...''
කූඹි ( 2010 ජුනි ) - පිටු 73 - 74
No comments:
Post a Comment