Thursday, January 19, 2017

    Good Morning!


සුබ උදෑසනක්! ම්...එහෙම කිව්වට, මම ඇත්තටම 'එහෙම' ප්‍රාර්ථනා කරනවාද? එක පැත්තකින්, මේ මොහොතෙ ලෝකයෙ දස දෙස විසිරිලා ඉන්න හැමෝටම මේ උදෑසන කතාව, මේ මොහොතෙ හරියන්නෙ නැහැ, සමහර කලාපවලට කාලය දැනෙන විදිහ වෙනස් නිසා. කොහොම වුණත් මේ 'සුබ' කතාව හැමතැනටම - හැම වෙලාවකටම ගැළපෙනවා.
මේ සුබ පැතීමක් ගැන පුංචි සටහනක් දැන් තියන්න හිතුවෙ, ඇත්තටම අපි, ඔය කියන විදිහට එකිනෙකාට සුබ පතනවා ද? කියල ආපිට කල්පනාකරලා බලන්න.
Good Morning!
Good Afternoon!
Good Night!
Have a nice day!
Good bye / bye!
..........
..........
ලංකාවෙ අපි මේ සුබ පතන ක්‍රමය ඉගෙන ගන්නෙ වැඩියක්ම යුරෝපයෙන්. ලංකාවටම අනන්‍ය සුබ පැතුම් ක්‍රමත් ඉතිහාසය තුළින් හොයා ගන්න පුළුවං වුණත්, මේ ඒ වගෙ ලොකු සාකච්ඡාවකට වෙලාව නෙවෙයි.
අපි මෙහෙම කරමු!
කෙනෙකුට මොකක් හරි විදිහකට සුබ පතන්න මොන භාෂාවකින් හරි වචන ගොනු කරන අතරෙ,  ඊට සම්බන්ධ සිතුවිළිත් එහෙමම ගොනුකරගෙන මුදා හරින්න. හිතින් හිතන්න, මම දැන් ඔහුට හෝ ඇයට මෙහෙම සුබ පතනවා! කියලා, ඒ කියන්නෙ, අනෙකාට 'යහපතක්ම' වේවා! කියල හිතන්න කියන එක. මේක සරලයි කියලා පෙනුණාට, සරලම නැහැ. අපේ හිත ඔය කියන තරම් පිරිසිදු නැහැනෙ, කුණු ගොඩවල් පිරිලා, ඒකයි එහෙම වෙන්නෙ.
ඒත් අපි උත්සහ කරමු!
ඔබට ඉතිං සුබ දවසක්!
CHAPA 

No comments:

Post a Comment