Thursday, April 13, 2017

  අලුත් අවුරුද්ද පුපුරන්නම ඕන ද?

 උදේ 9 පහු වෙමින් තියෙන්නෙ...

දැන් නං පුපුරන හඬ අඩුයි. මෙදා සැරේ අවුරුදු උදාව එළිවෙන ජාමෙ නිසා, එක දිගට පුපුරන හඬට ගැස්සිලා ඇහැරිලා තමයි දවස පටන් ගත්තෙ.
එහෙම තමයි අලුත් අවුරුද්ද සමරන්නෙ! කියල කට්ටිය කියයි. හැමදාම ඉතිං අවුරුදු නැහැනෙ! කියලත් කියයි. කවදා කවුරු කොහොම පටන් ගත්තත්, මේ පුපුරන විනෝදය නං මේ පොළොවෙ වැඩක් වෙන්න බැහැ.  වෙඩි බෙහෙත් භාවිතය මේ රටට එන්නෙ පෘතුගීසි ආක්‍රමණයත් එක්කනෙ ( සමහර විට ඊට කලින් ඉඳලා වෙන්නත් පුළුවන් ). 
කොහොම ගත්තත්, මේ වෙඩි බෙහෙත් විනෝදය වැඩකට නැති සහ නාස්තිකාර වැඩක්. අනෙක භයානක වැඩක්. එක පැත්තකින් වා තලය, ගහ කොළ, සතා සීපාවා...කම්පනයට පත්කරනවා. ඊළඟට, සත්ත්ව ලෝකයට තවත් ජීව විද්‍යාත්මක හානිත් කරනවා. වෙඩි බෙහෙත් මුසු වාතය ආඝ්‍රාණය කරන මිනිස්සුන්ටත් හානියක් මිස වාසියක් නැහැ. 
හරියටම ගත්තොත්, මේ සත්ත්ව ලෝකයටම හිංසනයක්!
ඒ ඔක්කොම තියෙද්දි, මේ පිපිරිල්ලෙන් වාසි ලැබෙන්නෙ, වෙඩි බෙහෙත් ව්‍යාපාරිකයන්ට විතරයි. ඒ කර්මාන්තයෙන් යැපෙන කට්ටිය ඉන්න එක හරි, ඒත් පොදුවෙ, මෙයින් සමාජයට සිද්ධවෙන හානිය වැඩියි.
අපිට බැරිද මේ බක්මහ අසිරිය වෙන විදිහකට විඳින්න?
සතුට, විනෝදය පිපිරෙන්නම ඕනෙ ද?
අනෙක මේ, සංස්කෘතික මංගල්‍යයක්ද, වෙන එකක් ද?
නිකමට හිතමු!
CHAPA 
2017 අප්‍රේල් 14

 

No comments:

Post a Comment