Saturday, April 8, 2017

     යළි ඉපදෙන නිසා...

පුද්ගලයෙක් මිය ගියාට පස්සෙ, යළි ඉපදෙනවා ද? නැද්ද? එහෙම ඉපදෙනවා නං ඒ කොහොම ද, කොච්චර කාලයකට පස්සෙ ද? ඒ යළි ඉපදීම සඳහා බලපාන සාධක මොනවා ද?
මෙහෙම ප්‍රශ්න පේළියක්, එක පසුපස එක වශයන් එන්න ගන්නවා!
මිනිස් වේශයකින් ඉන්න කෙනෙක් මරණින් මතු තවත් සත්ත්ව වෙෂයකින් හටගන්න පුළුවන් ද? එහෙම වෙන්නෙ කොහොමද? වෙනවා නං, ඒ මොනවගේ සත්ත්ව පරාසයකද? ප්‍රශ්න තවත් සංකීර්ණ වෙනවා.
බුදු දහම තුළ කෙරෙන විශ්ලේෂණයට අනුව, ඔව්! යළි ඉපදෙනවා, යළි හටගන්නවා. බුදු දහම පදනම් වන ප්‍රධාන සාධකයත් ඒකම තමයි.
ඇත්ත තමයි! ''යළි උපදින්නෙ මමත් නෙවෙයි, වෙන කෙනෙකුත් නෙවෙයි!'' බුදු දහම තුළ භාවිත අරුතෙන් පවතින්න උත්සහ ගන්නකොට ඉබේම දැනෙන්න ගන්නවා.
මේ ආරම්භය ගත්තෙ, මේ මොහොතෙ, බුදු දහම තුළ පුළුල් සාකච්ඡාවක් ගොඩ නගන්න නෙවෙයි. මේ ජෛව යථාර්ථය තුළ, මිනිස් පැවැත්ම හෙවත් 'දේශපාලනය' මතුකරගන්න පුළුවන් විදිහ හොයන්න.
ඉතිහාසය පරීක්ෂා කරනකොට පේනවා, එක කාලයක, විද්‍යාත්මක සමාජවාදය සහ බුදු දහම සසඳන විද්වත් සංවාද ගොඩනැගිලා තියෙනවා, මේ ලංකාවෙම! අද මෙහෙම පසුගාමී වුණාට.
ඇත්තටම අපි යළි යළි උපදිනවා නං - යළි යළි හට ගන්නවා නං, ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් තියෙනවා නං මීට වඩා 'පොදු' අරමුණක පිහිටන්න පටන් ගන්නවා. මම, මගේ, මට...කියලා ලෝකයම තමන්ගෙ ඔඩොක්කුවට දාගන්න උත්සහ කරන්නෙ නැහැ. අනුන්ගෙ ජීවිත විනාශ කරන්නෙ නැහැ. අනුන්ගෙ දේපොළ උදුරා ගන්නෙ නැහැ. අත්‍යවශ්‍ය මොහොතක හැර, ස්වභාව ධර්මයට එරෙහි කිසිම දෙයක් කරන්නෙ නැහැ.
ඒ කියන්නෙ, සුන්දර පොදු සමාජ පැවැත්මක්!
අපි නිකමට උත්සහ කරමු!
ඊළඟ භවයෙදි, 'මම' මේ දැන් මම හතුරුකං කරන කෙනාගෙම තාත්තා, අම්මා, අයියා, අක්කා, මල්ලි, නංගී, පුතා, දුව...ඔය ඕන කෙනෙක් වෙන්න පුළුවන් නං, ඉතිං ඇයි මේ හතුරු කම? සරලම සරල ප්‍රශ්නයක්!
නිකං ඉන්න ගමන් හිතන්නකො! එතකොට අපි මේ කරන කියන අයහපත් සහ දුෂ්ට වැඩ අවම වෙන්න පටන් ගන්නවා, අනිවාර්යයෙන්ම.
ඔබට ජය!
අපි ඊළඟ භවයෙදිත්, ඊළඟ භවයෙදිත්...ඔහොම දිගටම, ඔන්න එහෙනං යළි මුණ ගැහෙනවා, එක එක විදිහට!
සුදානම් වෙන්න!
CHAPA
2017 අප්‍රේල් 9

No comments:

Post a Comment