Sunday, November 27, 2016

ආයෙත් දවසක ඔබ, ඔබේ බිරිඳ, ශාෂා...මම, අර පොත් පුරවපු පුංචි කාමරයෙදි හම්බවෙනව නං... 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු KMMB කුලතුංග ට ලියමි!

ඔබ, අප වෙසෙන මේ පියවි ලෝකය හැර දමා ගොස් දැන් වසර ගණනාවක් ගෙවී ගිහින්. ඒත්, මට වරින්වර ඔබ ගැන මතකය අලුත් වෙනව, විවිධ හේතූන් මත.
ඒ, 1998 - 2000 කාලය, 'රාවය' ට වැඩ කරන අතර දවසක, මම ඔබ මුණගැහෙන්න, කොහුවල පිහිටි ඔබේ නිවහනට ආව, ඒ වනවිට මම ඔබට දුරකථනයෙන් කතා කරල තිබුණත් දැකල තිබුණෙ නැහැ. මට ඒ දවස හොඳටම මතකයි! ඉතාමත්ම සුන්දර - උණුසුම් පිළිගැනීමක්!
ඊට පස්සෙ අපි දෙන්න අතර ඉතාමත්ම විධිමත් සංවාදයක් ගොඩ නැගෙන්න ගත්ත, ඔබට මතකද? ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියෙ ආධිපත්‍ය ගැන අපි එක දිගට සාකච්ඡා කරන්න ගත්ත, සාමාන්‍යයෙන් සතියකට වතාවක්වත් මම නොවැරදීම ඔබ මුණ ගැහෙන්න ආවා. විශේෂයෙන්ම, මම ඒ දවස්වල කරමින් හිටපු මාධ්‍ය ගවේෂණ සඳහා නීති විශේෂඥ දැනුම ඔබ නොමසුරුව ලබා දුන්නා, හිරවෙන තැන් ලිහිල් කරල දුන්න.
ඔබ මාව පිළිගත්තෙ දරුවෙක් සහ ශිෂ්‍යයයෙක් විදිහට. මට තවම මතකයි, මම එන්න කලින් වෙලාවක දුරකථනයෙන් ඔබට කියනව, මොනවද ඔබෙන් දැනගන්න ඕනෙ කියල. ඔබ එතකොට, ඒ සාකච්ඡාවට සූදානම් වෙනව. මම එනකොට, ඒ සඳහාම ගහපු සටහන්, ඇමුණුම්, පනත් සහ තවත් පොත්...ඔබේ මේසය මත උනන්දුවකින් බලාගෙන ඉන්නව. අපේ කතා බහ ඉතාමත්ම විධිමත්. ඔබට මතකද? දවසක් ඔබ ටිකක් නොරිස්සුම් සහගතව, මම ආපු ගමන්ම ලාච්චුවෙන් දිනපොතක් ඇදල ගත්ත. මම එනව කියල ඇවිත් නැතුව හිටපු දින කීපයක් ගැන ඔබ සටහන් තියල. නඩුවක්! මම සෑහෙන වෙලාවක් නිදහසට එක එක කරණා කියල තමයි චෝදනාවලින් ගැලවුණේ.
ඇත්තටම ඒ දවස් හරිම සුන්දරයි! කඩිසරයි!බලාපොරොත්තු සහගතයි!
මාධ්‍යකරුවෙක් හැටියට, දේශපාලන ක්‍රියාකාරිකයෙක් හැටියට මම විවිධ වෘතිකයො ඇසුරු කරල තියෙනව. ඒත් ඔබ ඒ හැමෝටම වඩා වයසින් වැඩි - ඒත් තරුණ ම වෘත්තිකය, ඔබ වැඩ වලට සුදානම් වෙන විදිහ නියමයි! ඔබේ වෘත්තීය දැනුම සහ විශේෂයෙන්ම මතකය ඉතා ඉහළයි.
you are very serious!
සමහරු කියන විදිහට ඔබ විනිසුරුවරයෙක් විදිහට තද කෙනෙක්. අනුන්ට සවන් නොදීපු සහ තමන්ගෙ ස්ථාවරයෙම හිටපු කෙනෙක්. ඒ ගැන මට අත්දැකීමක් නැහැ. ඒත් ඒ හැමෝම එකඟයි ඔබේ අවංකභාවය ගැන. ඔබ කිසිම දේශපාලනඥයෙක් වෙනුවෙන් පෙනී හිටියෙ නැති බව, මොනම පැත්තකින් වත් දූෂිත නැති බව සහ ''රාජකාරිය දේවකාරියක් හැටියට'' කළ බව, ඔබේ නිල කාලය ගැන දන්න හැමෝම වගෙ පොදුවෙ පිළිගන්නව.
මේ සියල්ල අතරෙ, ඔබේ සොඳුරු බිරිඳ! වයස අභිබවා ගිය ඔබ සහ ඇය අතර තිබුණු ගෞරවනීය බැඳීම හරිම සුන්දරයි. ඔබ සහ මම දිග කතා බහක යෙදිල ඉන්න අතරෙ ඇය අනිවාර්යයෙන්ම රස කෑමත් එක්ක අපිට තේ අරගෙන එනව. එක දවසක්, මට අවශ්‍ය වුණා එක පනතක ඡායා පිටපත් වගයක් ගන්න, එතකොට රෑ 9 - 10 වෙලා, ඇය මාවත් නංවගෙන - කාර් එක එළවගෙන එහෙ මෙහෙ ගිහිං කොහොම හරි ඒ ඡායා පිටපත් අරගන්න උනන්දුවෙන් උදවු කෙරුව. ඔබ දෙපොළ සමග කෙටි කාලයක් සඳහා වුණත්, ගොඩනැගුණු ඒ පුදුමාකාර සම්බන්ධතාව මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඔය අතර කාලයෙදි තමයි 'නිදහස්' පටන් ගත්තෙ. ඒ වැඩවලදිත් ඔබ මතවාදී විදිහට හෝ එක විදිහක ශක්තියක් වගෙ දැනුණ. ඒ අලුත් අවුරුද්දෙ ජනවාරි 1 වැනිදා ඔබ සහ ඇය තෑගිත් අරං නෑයො බලන්න අපේ 'නිදහස්' කාර්යාලයට ආව හැටිත් මට අද වගෙ මතකයි!  
එතකොට ඔබේ ආදරණීය 'ශාෂා'? මතකද? කරුණාවන්ත සහ තීක්ෂණ බැල්මක් තිබුණු බල්ලා! ඌ හැමදාම හිටියෙ ඔබේ පුටුව පිටිපස්සෙ, ඔබ දිහා බලාගෙනමයි ඉන්නෙ, අපි දෙන්නගෙ කතා බහත් ඕනෑකමින් අහගෙන හිටිය වගෙ.'' අනේ ඉතිං දැන් ශාෂාත් මං වගෙම වයසයි..එයත් ළඟදී යන්න යයි...මාත් ඉතිං යන්න ළඟනෙ...''  දවසක් ඔබ කිව්ව මතකයි. එතකොට මට මොකද්ද අමුත්තක් දැනුණ, මේ දැන් වගෙම.
ඔබේ පුතා, ගිහාන් කුලතුංගත් දැන් විනිසුරුවරයෙක්. ඒ දවස්වලවත් පස්සෙවත් මම - ඔහු මුණ ගැහිල නැහැ. මන්දිරා, ඔබේ දුවත් නීතීඥවරියක්, මට ඇය මතකයි, ඇයත් ඉතාම සුහද සහ කාරුණික කෙනෙක්.
මතකද? ඔබට අවශ්‍ය වුණා, ඔබ එතෙක් ලියා, ප්‍රකාශයට පත් නොවෙච්ච ලිපි එකතු කරල පොතක් කරන්න. ඒ ළඟ දවසක Sunday Times පත්තරෙ පළ වෙච්ච කුඩා දැන්වීමක් දැකල පුදුම වුණා. එයින් කියවුණේ, ඔබ සතු එම ලිපි එකතුවේ අයිතිය මට පවරනව කියල. ඔබටත් හිතුණ දේවල්! ඒ පිළිගැනීම නිසාම පොත කරනවමයි කියල මම හිතා ගත්ත, Disorder in Sri Lanka තමයි පොතේ නම.
ඒත් 'නිදහස්' ආර්ථික ශක්තියත් එක්ක ඒක එක විදිහක අභියෝගයක්! හැබැයි කොහොම හරි අපි වැඩේ කෙරුව. ඒත් අපි හිතපු විදිහට සංවාදයක් එක්ක පොත එළිදක්වන්න නං බැරි වුණා නේද ? තවමත් පොත හරියට සමාජ ගත වෙලා නැහැ, ලබපු නිරස අත්දැකීම් එක්ක, පොත් business කරන්න තියෙන මගෙ අකමැත්ත තමයි මෙතැන ලොකුම ප්‍රශ්නය. මේ ඔක්කොම අතරෙ, ඔබේ අවසන් කාලය තුළ දවසක මම ආවා ඔබ බලන්න. ඔබේ මතකය එතකොට ලෙහෙන්න පටන් අරං, ඔබට හුඟාක් දේවල් අඳුරගන්න අමාරුයි, ඒත් ටික වෙලාවක් එක එල්ලෙ මා දිහා බලාගෙන හිටපු ඔබ 'චාපා' කියල මට කතා කෙරුව.
ඇත්තමයි! මට ඔබේ ඒ හඬ තවම ඇහෙනව!
ආයෙත් දවසක ඔබ, ඔබේ බිරිඳ, ශාෂා...මම, අර පොත් පුරවපු පුංචි කාමරයෙදි හම්බවෙනව නං...
CHAPA
     

CHAPA on Insight, Ada Derana, Nov 23, 2016, Episode 4

Saturday, November 26, 2016

WHAT Fidel?, CHAPA with www raw. lk, Nov 26, 2016

                                      ෆිදෙල් යන්න ගියා!එතකොට...


Thursday, November 24, 2016

''මාව මරනව නං මගේ දරුවෝ ඉස්සරහා මාව මරන්න එපා...වෙන කොහාට හරි අරගෙන ගිහිල්ල මරන්න.''

සන්නස්ගල කඳුළු පිරි දෙනෙතින් ආයාචනා කළේය.

''...ඒ කාලයේදීම, ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කරමින් සිටි 'ට්‍රෝජන් කාන්තාවෝ' නම් වූ වේදිකා නාට්‍ය පසුබිමේ ද කිසිදා අමතක නොවන වර්ගයේ සිදුවීම් පෙළක් ගොනු වූ බව මෙහි සඳහන් කළ යුතුය. එම වේදිකා නාට්‍යයයේ අන්තර්ගතය මගින් එවකට බලයේ සිටි චන්ද්‍රිකා ජනාධිපතිවරිය බරපතළ ලෙස විවේචනය කෙරෙන බැවින් ඇය කුපිත වී සිටින බව හදිසි ආරංචියක් ලෙස පැතිරිණි. ඒ අනුව ඇයගේ ආරක්ෂක නඩය එය කල්තියා මර්දනය කිරීමට වැඩ ආරම්භ කර තිබුණු බව සැලවිණි.ඔවුන්, තමන්ට මරණ තර්ජන එල්ල කරමින් තැපැල් පත් එවන බව ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රකාශ කළේය. එක් රාත්‍රියකදී ජනාධිපති ආරක්ෂක මැරයින්, නාට්‍යයට සංගීතය නිශ්පාදනය කළ රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා සොයා ගොස් ඔවුන්ට අඩත්තේට්ටම් කළ බව ප්‍රකාශ විණි. මෙසේ මරණ ලැයිස්තුවේ නම සඳහන් බව කියන පිරිස අතර උපුල් ශාන්ත සන්නස්ගල ද සිටියේය.
රාවය මුල් වටයේදීම ට්‍රෝජන් කාන්තාවෝ සමග සටනට පිවිසියේය. ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යයයේ ප්‍රධාන රංගන ශිල්පිණියක් වූ අනෝජා වීරසිංහගේ මහ ගෙදරට ගිනි තබා තිබුණේද ඒ අතර කාලයේදීය.
අපි කඩි ගුලක් සේ වැඩ කළෙමු. එක පයින් චන්ද්‍රිකාගේ මැර බලයට විරුද්ධ වූවෙමු. ජීවිත අවදානමට මුහුණ දුන් බව කියන ඒ බොහෝ දෙනෙක් මුණ ගැසීමේ අවස්ථාව මටද හිමි විය. ඔවුන් පැවැත් වූ පුවත්පත් සාකච්ඡාවටද මම සහභාගී වුනෙමි. එදා සන්නස්ගල පැමිණ තිබුණේ යට බැනියම පිටිනි. කිසියම් පුද්ගලයෙකු සාප්පුවකට යවා කමිසයක් ගෙන්වාගත් ඔහු සෙනග බලාසිටියදීම එය ඇඳගත්තේය.
''මාව මරනව නං මගේ දරුවෝ ඉස්සරහා මාව මරන්න එපා...වෙන කොහාට හරි අරගෙන ගිහිල්ල මරන්න.''
සන්නස්ගල කඳුළු පිරි දෙනෙතින් ආයාචනා කළේය. අපිත් උණුවූ මනසින් චන්ද්‍රිකාට විරුද්ධව එක පෙළට සිට ගත්තෙමු.
මේ සිදුවීම් පෙළට ඍජුවම සම්බන්ධ වූ පුද්ගලයෙක් ලෙස මම දැන් ඒ අතීත කොටස බරපතළ ලෙස සැක කරන්නෙමි.  ඇත්තටම සැකය පටන් ගත්තේ නම් ඒ දිනවලමය. එහි කතා නායකයා වූ ධර්මසිරි බණ්ඩාරනායක සමග මම පැයකට ආසන්න කාලයක් සාකච්ඡා කළ බව මතකය. ඔහුගේ කතා එකකට එකක් පරස්පර විරෝධී විය. සන්නස්ගල සිදුවීමට සම්බන්ධවන තැන ද ඔහුගේ වෙනත් ප්‍රචාරණ ව්‍යාපෘතියක සේයාවක් දුටුවෙමි. මෙබඳු සැකයක් ඇතිකරගත් එකම එක පුද්ගලයා මා පමණක් නොවේ. 
 එකල මුණ ගැසුණු බොහෝ කලා කරුවන් කියා සිටියේ මෙය එක්තරා ආකාරයක ප්‍රෝඩාවක් බවය. දිනක් මට කතා කළ ඡායාරූප ශිල්පී ලාල් හෑගොඩ තදින්ම කියා සිටියේ මෙය ධර්මසිරි බණ්ඩාරනායකගේ අතේ රෝලක් බවය. මා ද ඇතුළු රාවය ඔහු ට රැවටී ඇති බව ඔහුගේ නිගමනය විය.
කෙසේ වෙතත් චන්ද්‍රිකා හිටපු ජනාධිපතිවරියගේ මැරකං පිළිබඳව මට කිසිදු සැකයක් නැත. එහෙත් ට්‍රෝජන් කාන්තාවෝ සමග දිග හැරෙන මෙම කතාව තුළ කිසියම් ප්‍රබන්ධයක් ද ඇතැයි මම අනුමාන කරමි. චන්ද්‍රිකාට එරෙහි ලෝකයක් ගොඩනගමින් සිටි රාවයට මේ යථාර්ථය නොපෙනෙන්නට ඇත. නොඑසේනම් අයිවන් දැනගෙනම මේ ක්‍රීඩාවට සම්බන්ධ වන්නටත් ඇත. එහි ප්‍රබන්ධයක් ඇත්නම් මම මා දෙසම හැරී බලන විට නම් කිසියම් ප්‍රමාණයකට හෝ එදා මාද ඒ ප්‍රබන්ධයේ ගිලෙන්නට ඇති බවය. අයිවන් සම්බන්ධයෙන් ද ඇතැම් විට මේ පැහැදිලි කිරීම සාධාරණ විය හැකි මුත් මම ඔබට එවැනි යෝජනාවක් නොකරමි...''

'රාවය ට සාක්ෂියක්...' පිටු 68 - 69 ( 2008 ජුලි )

CHAPA

Tuesday, November 22, 2016

තවත් කතාවක්...

වරෙක මාධ්‍ය හරහා ගලා ගිය උණුසුම් ප්‍රවෘතියකින් කියැවුණේ, ඉදිරිපෙළ එජාප ක්‍රියාකාරිකයෙකු වූ රවී කරුණානායකගේ නිවසට කිසිවෙකු විසින් මළමිනියක කොටස් පාර්සල් කර එවූ බිහිසුණු සිදුවීමක් පිළිබඳවය. අදාළ ප්‍රවෘතියට අනුව එය රවී කරුණානායකට,  චන්ද්‍රිකා පාලනය එල්ල කළ මරණ තර්ජනයකි. කියවුණ සිදුවීමේ ස්වභාවය ට අනුව මෙම ප්‍රවෘතිය තුළ විශ්වසනීයත්වයක් නොතිබුණු බව මගේ නිරීක්ෂණයයි. කෙසේ වෙතත් ඊට ආසන්න කාලයකදි ලේක් හවුස් පුවත් පත් වාර්තා කර තිබුණේ රවී කරුණානායකගේ නිවසෙන් සන්නද්ධ පාතාල සාමාජිකයෙකු අත් අඩංගුවට ගත් බවය. මම දුරකථනයෙන් ඔහුට කතා කොට මේ පිළිබඳ කරුණු විමසුවෙමි.
                '' ඔයා මොකටද ඕක මගෙන් අහන්නෙ...අච්චර අර බොඩි පාර්ට්ස් අපේ ගෙදරට එව්ව...ඕගොල්ලො හෙව්වෙ නෑනෙ.
                රවීගෙ පිළිතුර එසේ විය.
                '' මේ හැමදේම අතර සම්බන්ධයක් තියෙන බව පේනව...අපි ඔයාගෙ තැනෙන් පටන් ගම්මු...ඇත්තටම ඔයාගෙ ගෙදර ඉඳල මේ වගෙ අන්ඩර් වර්ල්ඩ් එකේ කෙනෙක්ව අත්අඩංගුවට ගත්තද?''
                මම දිගටම ඔහු ප්‍රශ්න කළෙමි. ඔහු තදින් කෝප ගත්තේය. අවසානයේදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
               '' ඇයි මොකද අපි විතරක්? ඔයගොල්ලන්ගෙ ලොක්කත් අන්ඩර් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ...''
මම එදා රවී සමග කළ කතා බහ සටහනකට ගත්තෙමි. එය පුවත් පතේ පළකළ යුතු යැයි යෝජනා කළෙමි. අයිවන් ඊට කැමති වුයේ නැත. ඉතිං එය පළ නොවීය. මේ කතා තුළ ඇත්තේ කෙබඳු කතාවක්ද?
(රවයට සාක්ෂියක්, පිටු 54 - 55, 2008 ජුලි)

2011 - 2015, at Wennappuwa with Maxies...

Is this Politics? Democracy? Hiru news 7pm, Nov 21, 2016

Sunday, November 20, 2016

Former President Mahinda Rajapaksha on the budget 2017, Nov 2016

Sajith's job bank, Part 2, Hiru News 7 00 PM, Nov 13, 2016

'නිලධාරීන්' මේ මොනවද කරන්නෙ? CHAPA on Biz Ada Derana 24x7

INSIGHT Episode 03 Mahinda Amaraweera YouTube

2017 වෙසක් හඳ පායන අතර...


1970 දශකය වෙනකොට, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය මුහුකරමින් යළි ගොඩනැගෙන 'ශ්‍රී ලංකාව' යම් යම් අඩු පාඩු මැද්දෙ වුණත් එක්තරා ආකාරයක ස්වාධීන - සාර්ථක රාජ්‍ය පාලනයකට තවත් ආරම්භයක් ගන්නව. ඒ අනුව, බුදුදහම සහ කෘෂිකර්මාන්තය එකට ගමන්කරන ඓතිහාසික - දේශීය ආර්ථික පදනම, දවසක තව වැඩිදුරට ත් දියුණු කරගන්න හෝ යම් ප්‍රමාණයකටවත් ඉතුරුවෙනව.
1977 දි රටේ දොර කවුළු කොදේසි විරහිතව විවෘත කරල JR ආණ්ඩුව, ලංකාව ඊනියා ගෝලීයකරණ වෙළෙඳ උගුලට හිරකරන්නෙ ඒ අතරෙ තමයි. ඊට සමගාමීව තවත් සාධක ගණනාවක් එක්ක රට තුළ එක විදිහක දේශපාලන විකෘතියක් ඇතිවෙනව. ජාතිවාදය, වර්ගවාදය, ආගම්වාදය එන්න එන්න උත්සන්න වෙන්න පටන් ගන්නව.
සියල්ල අතර, මේ අර්බුදය තුළ යළි යළිත් මතුවෙමින් රටේ අනාගතයට දැවැන්ත ආලෝකයක් ලබාදෙන්න හැකියාව තියෙන බුදුදහම එක එක පුද්ගලයන්ගෙ සහ දන්න - නොදන්න බලවේගවල දේශපාලන මෙවලමක් බවට පත්වෙන්නෙ බලාගෙන ඉද්දි. ඒ, රටේ කෘෂි ආර්ථික පදනම කුමන්ත්‍රණකාරී ලෙස විනාශ වන අතරතුර. හරියටම ගත්තොත් මේ එකිනෙක සමග සම්බන්ධ තනි ක්‍රියාවලියක්.
2017 අය වැය කියවන මේ මොහොත උදාවෙන්නෙ අන්න ඒ සන්දර්භය තුළ!
ලංකා රාජ්‍ය දැන් යම් බෙදුම්වාදී ආකෘතියකට මාරුකරන්න සියල්ල සුදානම්. බුදුදහම, ඊනියා බුද්ධාගමක් එක්ක පටලවාගත්ත ඊනියා බෞද්ධයන් ප්‍රීතියට පත් කරන්න ඊළඟ වෙසක් උත්සවය මහ ඉහළින් සමරන්න ඔන්න එක්සත් ජාතීන් ලංකාවට එනව. දකුණු දිග - ඊසාන දිග ආසියානු අමුත්තො විශාල ප්‍රමාණයක් එනවලු, ලංකාවෙ වෙසක් ප්‍රීතිය සමරන්න!
මේ සඳහා වැයකරන මුදල රුපියල් මිලියන 250 ක්! කාගෙ සල්ලි ද? අර එන එකෙක්වත් අපිට සල්ලි දෙන්නෙ නැහැ - ලංකාවෙ අහිංසක පීඩිත ජනයාගෙ සල්ලි! මේ කතාව කිව්වම කට්ටියක් අහයි, ඇයි, වෙසක් සමරන්න එපා ද? කියල.
ඒත් ඉතිහාසය වෙනුවෙන් මේ සටහන තියනව!
CHAPA      

Saturday, November 19, 2016

Media - Wanted! 

ජනමාධ්‍ය කියන්නෙ වෙළෙඳපොළ ප්‍රකාශනය! 

නූතන ධනේශ්වරය තුළ එතකොට ජනමාධ්‍යයට පැවරෙන වගකීම අතිශය තීරණාත්මකයි. 'පොදු ජනයා' අන්දවමින් වෙළෙඳපොළ බලවේග තුළ රැඳවීම තමයි එහි ප්‍රධානම කාර්යභාරය. දේශපාලන, කලා - සාහිත්‍ය, ආගමික මිත්‍යා...ආදී වශයෙන් හදන ව්‍යපෘති මගින් ලෝකය පුරාම, ඒ ජනමාධ්‍ය මෙහෙයුම ඉතා සුක්ෂම සහ දියුණු මට්ටමෙන් ක්‍රියාත්මකයි. අපේ ලංකාවෙත් එහෙමයි.

අපි ඉතිං මොකද කරන්නෙ?

'ගුවන් විදුලිය' 'ලක්හඬ' 'රාවය' සමග මෙන්ම අනෙක් බොහෝ මුද්‍රිත, ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා වරින් වර ලබන ඒ සජීව අත්දැකීම් නිසා තමයි අන්තිමට 2001 දි 'නිදහස්' පටන් ගත්තෙ, අපේ තේමාව වුණෙ 'විකුණන්නෙත් නැති, විකිණෙන්නෙත් නැති' කියන ඓතිහාසික දේශපාලනය. ඒත් ඒ අති දුෂ්කර මාධ්‍ය අරගලය අවුරුදු 10 ක විතර කාල රාමුවක දි අවසාන ( විරාමයක්?) වෙනව.

මේ මොහොතෙ, ඉතිහාසය විසින් අපට පැවරෙන දේශපාලන වගකීම තමයි පොදු ජනයා දැනුමෙන් සන්නද්ධ කරන එක. ඒක එච්චර සරල නැහැ! ලේසිත් නැහැ! කොහොම වුණත් ඒ අරගලය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න, අපි - වැඩි වැඩියෙන් ජනමාධ්‍ය අවකාශ හොයාගන්න ඕනෙ! ඒත් ඒ කොහොමද? පිටරටවල ඉඳගෙන ලංකාව වෙනුවෙන් අඬන - හොටු හුරන යමක් කරන්න පුළුවං ඊනියා දේශප්‍රේමීන්ට නං මේ ගැන කියල වැඩක් නැහැ. ඔවුන් අඩුම තරමෙ පස්සෙ කාලයකදි හරි 'යමක්' කරන්න හිතනව නං, මේ දැන් ම ඉඳල අඩුම තරමෙ දෙමළ ඩයස්පෝරාවෙන් වත් ටියුෂන් ගන්න ඕනෙ.

වෙන කවුද එතකොට ඉන්නෙ?

CHAPA

තවත් කතාවක්...


ඒ, 2007 මැයි මාසය, 'ජල රකුසන්ට එරෙහිව!' පොත ප්‍රකාශයට පත් කරපු මම ඔන්න, පොත සමාජගත කරන්න එහෙ මෙහෙ කරක් ගහන්න පටන් ගත්ත, දන්න නොදන්න විවිධ මිනිස්සු හොයාගෙන ලඟට ගිහිං විස්තර කිය කියා පොත් දෙන්න උත්සහ කරනව, අරගලය විධිමත් කරන්න යෝජනා කරනව, සමහරු ලොකු උනන්දුවකින් පොත ගන්නව, ඒ සමහරු උදව්වට පිටපත් කීපයක්. සමහරු මගෙ වදේට ගන්නව. සමහරු බිම බලා ගන්නව, කළකිරීමෙන් වගෙ කතා කරල මග අරිනව.
දවසක්, මම හොඳට දන්න ව්‍යාපාරික මිත්‍රයෙක් හම්බවෙන්න ගියා තැනකට. ඔහු අපේ 'නිදහස්' ක්‍රියාකාරකම් ගැන සෑහෙන්න දන්න, අවශ්‍ය වෙලාවක කරදරය නිසා හරි පොඩි පොඩි උදව් එහෙමත් කරන කෙනෙක්. අපි ඒ වෙනකොට ක්‍රියාවට නංවමින් හිටපු ජල සටන ගැනත් ඔහු හොඳටම දන්නව.
'වැඩේ හොඳයි!'
ඔහු පොතේ පිටු පෙරළමින් කියන්න ගත්ත.
'මිනිස්සුන්ට තවම මේ විනාශය ගැන තේරෙන්නෙ නැහැ!'
'ඒක නං ඇත්ත...' ඔහුගෙ ඇස්, පොතේ එක හරියක නැවතිලා, මුණටත් එක බැරෑරුම් ගතියක් ආව.
'ඒ කියන්නෙ මේක වුණොත් අපේ ළිං වලටත් මීටර් හයි කරනව...මාර වැඩක්නෙ!'
' අනිවාර්යයෙන්ම! ළිඳ ඔයාගෙ, ඒත් වතුර ඔයාට අයිති නැහැ...වතුරට ඒකක මිළක්, හරියට තෙල් වලට වගෙ...' ඔහුගෙ හැසිරීම මාව උනන්දු කරවන නිසාම මම කියාගෙන යනව.
'ඒ කියන්නෙ ළිං විකුණන්නත් පුළුවං...මාර කෙළියක්නෙ!'
'ඔව්! මේ මොහොතෙ ජීවත් වෙන මිනිස්සු හැටියට අපි මේ වෙළෙඳ කුමන්ත්‍රණයට විරුද්ධව සටන් කරන්න ඕන...'
'ඒක හරි...' ඔහු පොතකට සල්ලි දෙන ගමන් තිර හඬකින් කිව්ව. මම හිත යටින් සෑහෙන්න සතුටු වුණා, ඔහු සාමාන්‍යයෙන් තමන් ගැනම හිතන - ලාභය ජීවිතය කරගත්ත ව්‍යාපාරිකයෙක්.
'සමහර මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වුණත්...එක වෙලාවක යථාර්ථය වටහ ගන්නව, පිළිගන්නව!' මම මටම කියාගත්ත.
'මිනිහා එහෙම කිව්වා !'
ඒ ප්‍රශ්නය වෙන දවසක, අර මිත්‍රයාගෙ සමීප ඥාතියෙකුගෙන්!
'ඔව්! මිනිහ මගෙ කතාව අහල වෙනස් වුණා..අනික පොතෙත් සෑහෙන්න විස්තර කරල තියෙනවනෙ...ඒක එයාගෙ හිතට වැදුණ...'
මගෙ හඬේ තිබුණු තෘප්තිය මටම ආපිට දැනුණ.
'බම්බුව! අන්න මිනිහ මහ ගෙදර ලිඳ විකුණගන්න විදිහක් හොයනව..'
'ඈ!'
CHAPA   
  

හදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද?


2016 ජුනි 5 දා, කොස්ගම, සාලාව අවි ගබඩාව පුපුරා යාම පිළිබඳ සිද්ධිය, ලංකාවට දැන් තවත් එක අතීත සටහනක් විතරයි. එය එසේ සිදුවූයේ කෙසේද? හදිසි අනතුරක් ද? සැලසුම්සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ද? ජාතික ආරක්ෂාව පැත්තෙන්, 'එය' බරපතළ ප්‍රශ්න කීපයක් රටේ අනාගතයට ඉතුරු කෙරුව. ඒ අවට ග්‍රාමසේවක වසම් 10 ක අගතියට පත් නිවාස 300 ක අයට අවශ්‍ය වන්දි ලබා දීම අනෙක් ප්‍රශ්නය. විවිධ ප්‍රවෘත්ති මවමින් ඒ අගතියට පත්වූවන් තවමත් මහ පාරෙ. සමහර දේශපාලන කණ්ඩායම් ඒ අස්සෙ තම තමන්ගෙ අනාගත උවමනාවන් එක්ක ඒ අතර. මේ අය වැය කතා මැද හෝ ඒ අගතියට පත්වූවන් ගැන අවධානයක් නැහැ. මෙහෙම කොහොමද රට ඉස්සරහට යන්නෙ?
CHAPA  

Friday, November 18, 2016

             මේ අය - වැය ත් හදන්න ලංකාවට උපදෙස් දෙන්නෙ...

මේ අය - වැය ත් හදන්න ලංකාවට උපදෙස් දෙන්නෙ ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF), ජනාධිපති මෛත්‍රී, අගමැති රනිල්, මුදල් ඇමති රවී...ඔය පුනරුච්ඡාරණය කරන්නෙ ඔවුන්ගෙ උපදෙස්, චන්ද්‍රිකා - මහින්ද, ඊට කලින් ප්‍රේමදාස දකවාම එහෙමයි. වැඩේ හොඳටම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නෙ JR ගෙ කාලයෙදි. ලංකාවෙ IMF මැදිහත්වීම නං 1950 දශකයටම පරණයි. කොහොම හරි මේ අන්තිම හරිය! දැන් බෙල්ල මුලටම අහුවෙලා ඉන්නෙ, අනේ ඉතිං තවමත් අපේ එවුන්, අර පක්ෂය, මේ පක්ෂය කිය කියා එක එකා කර උඩ තියාගෙන fun එක ගන්නව.
එකක් මතක තියාගනිල්ලා! දවසක උඹලගෙ දරුවො උඹලගෙන් මේ ගැන අහයි! ආ!...ඒත් එතකොට අපි උඹල ඔක්කොම යන්න ගිහිං...
CHAPA  

Thursday, November 17, 2016



Maldives Free our Madushanka

 

Date 27th September 2016
The Commissioner
Sri Lanka Human Rights Commission
Colombo 08

Dear Commissioner
Seeking Justice for Innocent Lahiru Madushanka, Currently Detained in Maldives

We are writing this letter with utmost depressed as a parents and family members innocent Sri Lankan National Lahiru Madushanka who is detained by Maldives Government by a false allegation on attempt to kill the President of Maldives. Now our innocent Lahiru Madushanka is completed his one year in prison which we can say with confident it is a illegal detention. Still no relief for him rather what he all he had is mental and physical torture since they day he was arrested.

We have raised our voice with necessary government institution to release our innocent son from this undemocratic group of people who are currently ruling the Government of Maldives. Our son is a clear political pawn of the dirty political revenge between their own political actors. Yet, our son didn’t get any relief from this illegal detention.

We would like to bring you a special attention that our Lahiru Madushanka life is under threat at the Maldivian Detention. Whenever he is contacting us, he is worried about his life and he scared that there are moves to kill him at the prison by mixing with notorious gangsters. If anything worse happens to Lahiru, the responsibility to should be taken by the Government of Maldives and Government of Sri Lanka failing to provide protection to his life.

Now we have one hope is your organization to come forward and raised the matter with the Maldives Government and helped us to release him to reunite with his family and Kid.

We attached all the necessary court documents with this letter for you to consider our appeal to rescue our innocent Lahiru Madushanka. Apart from that we need to bring into your attention few points which is clearly stating that they are using our son to gain their political mileage. We are disappointed that the Government of Sri Lanka is not doing much to secure innocent Lahiru from this illegal detention. Please note these points below which why our Madushanka argued is innocent:

Point 1

Madushanka is a decent law abiding Citizen of Sri Lanka
Lahiru Madushanka born is a 27 year old Sri Lankan and never had any serious criminal offence or criminal records in the past in Sri Lanka. He was student of Ananda Sasthralaya College Kotte and having a good school character report from his teachers.  After completion his G C E ordinary level examination, he was following a travel and ticketing course. Later he travelled to Saudi Arabia as a low skilled worker to work in a palace. He spent nearly 1 ½ years in Saudi Arabia and returned to Sri Lanka. Thereafter he married and decided to settle back in Sri Lanka. After his marriage, he worked for his former school teacher as a house driver for nearly 7 years.  He was living in Malabe prior to this arrest. However before his marriage, he was living with his parents in Rajagiriya.  Lahiru is a father of a kid. Lahiru’s father is a three wheel driver.

Point 2

Attachment Sri Lanka Army as a Sniper allegations turned into Baseless Allegation
Despite continues public statement made by the Government of Maldives regarding Madushanka confirmed attachment to Sri Lankan Army as a professional sniper, The Sri Lanka Army officially stated that the statement of Maldives Government is false and Lahiru never been attached with the Sri Lanka Army.

A Government made this irresponsible and false statement about an individual without doing the proper investigation and intelligence sharing with the Sri Lanka government is clearly stating that they plan to trap an innocent man for their dirty political chess game. Unfortunately Madushanka became a victim to this rouge regime’s dirty trick.  It was stated that the innocent Lahiru Madushanka came to Maladives to assassinate the President of Maldives Abdullah Yameen through the order of the Vice President of Maldvies Mr Adeeb.

Maldives Government and Media are still continuing to stating as a sniper to Lahiru Madushanka though he never worked for the Army. It is very unfortunate that the Media who should stand for justice of innocents, also failed to change that wording “Sniper” even though SL Army confirmed that allegation is a baseless one. When there is an official denial by the Sri Lanka Army about Lahiru Madushanka’s attachment with the Army and we believe Government Authorities and media should refrain from calling him as a sniper.

Point 3

Hiring an Inexperience shooter as a Sniper is a fool of all the fools!
A sniper is a qualified specialist who operates alone, in a pair, or with a sniper team to maintain close visual contact with the enemy and engage targets from concealed positions or distances exceeding the detection capabilities of enemy personnel. Snipers typically have highly selective or specialized training and use crew-served high-precision/special application rifles and optics, and often have sophisticated communication assets to feed valuable combat information back to their units or military bases.

Obviously this type of caliber should be attached with Army to get that training. However Madushanka have no records in the past in any criminal report involved in any underworld activities. Hiring him to be a sniper must be a fool’s decision based on the allegations made by the Maldivians Authority. We believe only the fools will take such a risk by getting someone to such a professional task.

Point 4

Detained a Human without charges for longer period is the major violation of Human Rights
Lahiru Madushanka remanded 23rd time with over 275 days under Police remand without any charges against him. This was a gross violation of human rights. Maldives Police, Foreign Minister Dunya Mahmoon, and Home Affairs Minister Umar Naseer continuously and publicly stated that they have credible evidence for months, and then they were failing to file the charge against Lahiru Madushanka at Courts and continued the  police remand. However after a Press Conference speech from Former Human Rights Minister of Pakistan and Former UNHRC Expert Adviser Mr. Ansar Burney and International Political Lobbyist and Strategist Mr Muheed Jeeran raised this issue publicly and within days, they charged him to start the court trial.

Point 5

Lahiru Madushanka Subject to Torture is clearly proven
·        Madushanka was not provided better medical support
·        Madushanka was physically tortured by Maldives to submit a false statement in support of their political conspiracy
·        Madushanka was not given Lunch Meal during the Ramadan Month by stating is the Month of Ramadan. However fasting is compulsory to Muslims only.
·        Madushanka is a foreigner in the eyes of Maldives and it is not practical for his family to visit. Therefore he should have given some additional support to contact his family. Very unfortunately they gave only 5 minutes of conversation for every two weeks.
·        Madushanka been given mental torture by keeping him cells with notorious criminals who are not allowing him to stay peaceful.
·        There were no information been given to Sri Lanka Embassy about his arrest for few days. So he kept on dark and denied his right to inform to his country.
·         

Point 6

We found shocking details about a deal approached by Maldives President Office to Madushanka to make a statement against Adeeb and promised for a quick release
Lahiru Madushanka and family was approached by the close associates of the President of Maldives by offering cash reward in order to make a false statement against Former Vice President Adeeb and promising to releasing Madushanka soon. However family of Madushanka and Lahiru Madushanka refused to make a false statement and stood strongly with their son’s innocence.

Maldives President team approached Madushanka friend Yasas to discuss about this lucrative offer with Madushanka and his family.  Yasas contacted the family and family refused to accept that offer. Maldivian President officer arranged a phone conversation between Yasas in Sri Lanka and Madushanka in Maldives Prison. It was a long phone conversation and Madushanka refused accept that offer to make a false statement.

We have recordings of the phone conversation where Lahiru family recorded it. We believe by violating a prison protocol of allowing a convict to speak to someone outsider is truly a matter of cat of the bag. Why do that wanted to make a deal if they have credible evidence against Madushanka?

Point 7

No Foul Play Found by Sri Lanka Intelligence on Madushanka
We approached the all intelligence department in Sri Lanka and they informed that they have found that Madushanka was clearly not involved in this attempted to murder case according to their series of investigation including background check of Madushanka where Sri Lanka requested to conducted an operation to find the reality of this allegation made by the Maldivian Authorities. It was informed to the Maldivian Authorities but they are still adamantly stating that the Madushanka had the sniper training in the past where he was working in Middle East 7 years ago. We wonder how a 7 years back so called sniper training is enough satisfaction for the hiring people to use Madushanka to the alleged operation successfully.

Point 8

Four out of Five Witnesses Have No Contacts or Dealing with Madushanka or Any Sri Lankan.
Currently the trial is ongoing and the last trial was held on 22nd September 2016. However 04th of August 2016 they have filed the charges to the court. Within a very short period, they have produced 4 witnesses to the trial and all the four witnesses never said they had any contact or dealing with Madushanka or any other persons Sri Lankan. 

Witnesses no 4 and 5 were meant to give evidence to prove charge against Lahiru Madushanka that he knowingly took part in the conspiracy to kill the President of Maldives by agreeing to come to Maldives. Therefore upto the last of the case on 22nd September 2016, the prosecution case yet to be proven any evidence against Madushanka.

There is one witness is remaining which is witness number 3 and for that reason court is failing to dismiss this case. Now almost 1 month gone from the last case date and still they are dragging this case by knowingly our Madushanka is innocent.

Point 9

Maldives Intelligence Authority violated our Sri Lanka’s Sovereignty  
We received from the Sri Lankan friend of Madushanka who is the helped him to find a job and business opportunity in Maldives was pressurized by Maldivian Intelligence Authority belongs to Department of Police in Maldives by produce a false statement against the political opponent and former Vice President Adeeb. We are closely in touch with the Sri Lanka Police Department and Sri Lanka External Afairs. As far as we know they have told us that the police authority of Maldives requested to visit Sri Lanka but approval was not given. However we have told many times to the government authority of Sri Lanka that the Maldives police have visited Sri Lanka illegally. However still no action taken against the government of Maldives for violating our sovereign rights.

But on 22nd September trial at the Maldives High Court, Witness Number 5 said that he also gave statement to police in Sri Lanka (ie Maldivian police in Sri Lanka) and later in Maldives volunteered to give a statement but it was because police  threatened to arrest his brother if he did not give a statement as he was told to. What he has said in his statement to the police were not true.  Accepting the prosecution's request, the Court refused to share these statements with any of the defendants or any of their lawyers.   

The above statement given to court by Witness number 5 is clearly stating Maldives Police Visited without any approval. However government authorities of Sri Lanka denied or accept this report that they have visited with their approval or without approval. Maldives Police never made a statement by stating the report given to court by the witness number 5 is total false. Therefore this is clearly stating that they have visited and now it is the clear responsibility of Maldives Government and Sri Lanka Government make a stand on this.

Conclusion
Based on the above study is clear that the arrest and detained of Madushanka on suspicion of attempting to assassinate the President of the Maldives is a fabricated one in order to take revenge against their own local political enemies.

We attached all the necessary documents with this humble appeal letter to your consideration and expecting a big relief to our innocent Lahiru Madushanka and his little family with a small kid.  We are humbly requesting you to help us and raise your voice for Justice to Our Madushanka and bring him back home safely.

We are waiting for a favourable response from you and your organization.

Yours Sincerely
Family of Lahiru Madushanka


…………………..           ………………….           …………………………..
Mr Ananda Silva                  Mrs A E Shanthi          Mrs Lahiru Madushnka
Father                           Mother                          Spouse

Report Prepared by Muheed Jeeran
International Political Lobbyist and Strategist
International Human Rights Activist