Wednesday, November 2, 2016

                         COPE නිර්දේශ! අගමැති රනිල් කෝ?

                                බැඳුම්කර සංදර්ශනය දිගට ම!    

 

 COPE වාර්තාව, මේ වනවිට පාර්ලිමේන්තුවෙ සභාගත කර අවසන්. අදාළ කමිටුවෙ සාමාජිකයන් 26 න්, පාද සටහන් නොමැති ව 16 ක් සහ පාද සටහන් සහිතව 9 ක් වශයෙන් ඊට අත්සන් තියල, නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඒ අවස්ථාව ට සහභාගි වෙලා නැහැ.
ඒ කමිටු වර්තාවෙ නිර්දේශ ගැන සාකච්ඡා කරන්න කලින්, දැනටමත් මාධ්‍ය ඔස්සෙ හෙළිදරව් වෙලා තියෙන, COPE කමිටුව දක්වා දිග හැරෙන මහා බැංකු බැඳුම්කර ගනු දෙනුව ට අදාළ අතීත සිදුවීම් පෙළ දෙස යළි හැරී බලමු!

1.  2015 පෙබරවාරි 23 - 2015 මාර්තු මාසය සඳහා, ලංකා ආණ්ඩුව ට අවශ්‍ය මුළු මුදල් ප්‍රමාණය නිගමනය කිරීම ට මහා භාණ්ඩාගාරයෙ දි සම්ප්‍රදායානුකූල රැස්වීමක් පැවැත්වෙනව. එහිදී ඉදිරිපත්වන මුදල් ගලායෑම පිළිබඳ වාර්තාව ( Cash Flow Statement ) ට අනුව, අදාළ මුළු මුදල පියවා ගැනීම ට රු. බිලියන 13.5 ක් ආණ්ඩුවට අවශ්‍ය බව නිගමනය වෙනව. අදාළ හිඟ මුදල සපයා ගැනීම පිළිබඳ වගකීම කොහොමත් පැවරෙන්නෙ ශ්‍රී ලංකා මහා බැංකුව ට. ඒ අනුව, එහි ණය දෙපාර්තමේන්තුවෙ, රාජ්‍ය ණය අංශය සම්ප්‍රදායානුකූලව, අදාළ හිඟ මුදල බැඳුම්කර නිකුතුවක්‌ හරහා සපයා ගන්න අවශ්‍ය කටයුතු කරනව.

2.  2015 පෙබරවාරි 26 -  මහා බැංකුව ඒ අනුව, රු. බිලියන 1 ක බැඳුම්කරයක් සඳහා ටෙන්ඩර් කැඳවනව. එසේ ශ්‍රී ලංකා මහා බැංකුව සමග ගනුදෙනු කරන ආයතන හෙවත් 'ප්‍රාථමික වෙළෙන්දො - Primary Dealers' 16 ක් ඉන්නව. ඒ වන විට වෙළෙඳපොළ තුළ පවතින පොළී අනුපාතය සාමාන්‍යයෙන් 9.5 ක් පමණ.

3.  ඔය අතර ම, එදින ම, මහා භාණ්ඩාගාරයෙ තවත් විශේෂ රැස්වීමක් පැවැත්වෙනව. මුදල් අමාත්‍ය රවී කරුණානායක, මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම්, එක්සත් ජාතික පක්ෂයෙ සභාපති මලික් සමරවික්‍රම, මහා භාණ්ඩාගාරයෙ අධිපති - නියෝජ්‍ය අධිපති - මුදල් ලේකම් ඊට සහභාගි වෙනව. පරණ ණය වාරික ගෙවන්න තවත් රු. බිලියන 15 ක් අවශ්‍ය බව එහිදී තීරණය කෙරෙනව.
ඒ අනුව සපයාගත යුතු මුළු මුදල රු. බිලියන 28.5 ක්.

4. 2016 පෙබරවාරි 27 - බැඳුම්කර ටෙන්ඩරය දැන් විවෘතයි, වහන්න නියමිත පෙ.ව. 11 ට : පෙ.ව.10.45 ට, මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අදාළ වෙළෙදාම සිද්ධවෙන තට්ටුව ට ඇතුළු වෙනව, වෙළෙදාම ඉවර වෙනකං ම එහි රැඳෙනව. පෙ.ව. 10.48 ට ලංකා බැංකුවෙන් දුරකථන ඇමතුමක් එනව. ඔවුන්, තවත් ඉල්ලුම් කරුවෙක් ඉදිරිපත් කරන්න අතිරේක විනාඩි 10 ක් කාලය දිගු කරන්න ඉල්ලනව, එසේ කාලය දීර්ඝ කරන්නෙ දුරකථන පද්ධතිය බිඳ වැටීම වගෙ විශේෂ සිද්ධියකදි විතරයි. ගැනුම් කරුවෙක් ඉල්ලන නිසා නං කොහොමවත් කරන්නෙ නැහැ. ඒත් මෙවර, ලංකා බැංකුව ඉල්ලන විදිහට කාලය දීර්ඝ වෙනව. 


5.  ලංකා බැංකුව, මේ අන්තිම විනාඩි කීපයෙදි Perpetual Treasuries සමාගම වෙනුවෙන් ටෙන්ඩරය ඉදිරිපත් කරනව. ඒ, මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගෙ, ඇලෝසියස් ගෙ සමාගම. ඔවුන් රු. බිලියන 13 ක් සඳහා අයදුම් කරනව. ඒ වන විටත්, ලංකා බැංකුව, තමන් සහ තවත් නියෝජිතයෙක් වෙනුවෙන් ටෙන්ඩර් 2 ක් ඉදිරිපත් කරල තියෙන්නෙ.
දැන් සමස්තය බිලියන 20 ක්. එයින් 15 ක් ම Perpetual සමාගමෙ.


6.  මහා බැංකු අධිපති අර්ජුන්, නිලධාරීන් ට උපදෙස් දෙනව, ඔය 20 ම ගන්න කියල. නිලධාරීන් වැඩේ ට පස්ස ගහනව. 1 ක් වෙනුවට 20 ක් ගන්න එක අනතුරක් බව ඔවුන් ට දැනෙන්න ගන්නව. එහෙනං, 10 ක් ගන්න කියල ඔහු උපදෙස් දෙනකොට, නිලධාරීන් ඒ උපදෙස් පිළිපදිමින් සහ අවශ්‍ය සටහන් යොදමින් 10 ක් ගන්න පෙළඹෙනව. රාජ්‍ය ණය දෙපාර්තමේන්තු සුපරින්ටන්ඩන්ට්වරිය ත් අදාළ උපදෙස් පිළිබඳ සටහනක් යොදමින් රාජකාරිය කරගෙන යනව.
වාර්තා වන විදිහට මේ ගනු දෙනුව නිසා ක්ෂණිකව රට ට සිද්ධවෙන පාඩුව රු. බිලියන 1.5 ක්, 2016 මාර්තු වෙනකොට එය රු. බිලියන 5 ඉක්මවා යනව. 

ආර්ථික අපරාධයක්!

මේ බැඳුම්කර සිද්ධිය මහා ආර්ථික අපරාධයක් බව පැහැදිලි යි. රට, කෙළවරක් නැති ණය උගුලක පටලවල අන්තර්ජාතික මුල්‍ය ආයතන වගෙම ලංකාවෙ වෙනම නඩයකුත් මෙවැනි ආර්ථික අපරාධ දිගින් දිගටම කරගෙන යන බව දැන් කරුණු සහිතව ම ඔප්පු වෙනව. කෙළවරක් නැති මේ මහා බර පැටවෙන්නෙ සාමාන්‍ය පොදු ජනයා මත. මේ ආර්ථික ඛේදවාචකය තුළ රට ට ඉදරි ගමනක් නැහැ, පැවත්මකුත් නැහැ.

මහා මොළ කාරයා...

මේ බැඳුම්කර කොල්ලයෙ මහා මොළ කරුවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව, ආරම්භයෙ පටන්ම පැහැදිලි වෙමින් තියෙනව. ඔහුගෙ සැලසුම එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයෙ සැලසුමක් විදිහට ගන්නත් පුළුවං.
කතාව, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දක්වාම යනව. එහි 41 දැක්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මගින් කෙරෙන ස්වාධීන විය යුතු විශේෂ පත් කිරීම් අතර මහා බැංකු අධිපති ධුරය අනිවාර්ය විය යුතු වුණත්, එය ඇතුළු කරල නැහැ. අග්‍රාමාත්‍යවරය, මහා බැංකුව තමන් යටත ට පවරගෙන, අර්ජුන් මහේන්ද්‍රන්, තම සගයෙක් එහි අධිපති ධූරයට පත්කර ගැනීම සිද්ධවෙන විදිහ නිරීක්ෂණය කරනකොට හොඳට ම පැහැදලි වෙනව, එය අහම්බයක් හෝ වැරදීමක් නෙවෙයි කියල. මේ කොල්ලය සැලසුම් වෙන්නෙ එච්චර සියුම් විදිහට. ඒ විතරක් නෙවෙයි, අගමැතිවරය, දිගින් දිගටම පාර්ලිමේන්තුවෙදි ත් ඉන් පිටත දි ත්, බැඳුම්කර සිද්ධිය යටපත් කරමින් අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් කොන්දේසි විරහිත ව පෙනී හිටින විදිහ ඔප්පු කරන්නෙත්, ඔහු එහි මහා මොළ කාරයා වග ම තමයි. 

සංදර්ශනය!

මේ මහා ආර්ථික අපරාධය හෙළිදරව් වීම කෙසේ වෙතත් ඊට විරුද්ධ වීම, ආරම්භයෙ පටන්ම එකම සංදර්ශනයක්. එය සරල කතාවක්. මුදල් පිරමීඩ ජාවාරමේ මහා මොළ කාරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් ගැන මාධ්‍ය ඔස්සෙ කරුණු හෙළිදරව් වෙමින් සහ ඔහු ට එරෙහිව පරීක්ෂණ ආරම්භ වෙමින් තියෙන මොහොතෙ තමයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එදා ඔහු මහා බැංකු අධිපති කරවන්නෙ. ඒ රාජපක්ෂ කඳවුර, රටේ මුල්‍ය විනය ගැන, ඊළඟ ආණ්ඩුව යටතෙ විපක්‍ෂයෙ ඉඳගෙන කතා කරන එක අමු විහිළුවක් නෙ, අර්ජුන් මහේන්ද්‍රන් ට විරුද්ධවෙන එක තව ත් එක අමු විහිළුවක්. ඒ නිසාම ඒ විරුද්ධවීම ජනයා නොමග යවන සහ ඒ මගින් යළි ආණ්ඩු බලය ලබා ගන්න කරන සංදර්ශනයක් වෙනව.
රට හදන්න අපිට දෙන්න කියල කෑ ගහන ජවීපෙ මෙතැන දි ත් ප්‍රාථමික උපාය මාර්ගයක් අනුගමනය කරනව තම පැවැත්ම වෙනුවෙන්. එය හිරියට ම, විරුද්ධ යි සහ එකඟ යි! වගෙ ස්ථාවරයක්. මේ වෙනකොට පාර්ලිමේන්තුව ඇතුළෙ ටිකක් හුරතල් විදිහට මේ ගැන විරෝධය පාන ජවීපෙ නායක, අනුර කුමාර දිසානායක, එළියෙ මාධ්‍ය කැමරා ඉදිරියෙ අගමැති රනිල් මරාගෙන මැරෙන්න වගෙ දරුණු විදිහට කෑ ගහනව. දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ...වගෙ කතිකයො ත් ඔය ටිකම වෙන විදිහකට කරගෙන යනව. ඩිව් ගුණසේකර කමිටු වාර්තා කතාව ගත්තත් එච්චර තමයි. ඒ වෙලාවෙ ආණ්ඩුව විසුරුවා හරින්න ඔය ඩිව් මැදිහත්වීම බලපෑව කියන එක නං පිළිගන්න අමාරුයි, ඒ වෙන න්‍යාය පත්‍රයක්.
අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ තමයි කැත විදිහට ම 'ඇත්ත නැත්ත' කියල පොතකුත් ලියල, ඇඳි වත ත් නැතුව අගමැති රනිල් ගෙ එක කොන්ත්‍රාත්තුව ක් කෙරුවෙ. මේ වෙනකොට නියෝජ්‍ය අමාත්‍ය අජිත් P පෙරේරා ඇතුළු කණ්ඩායමක් ම සුජීවත් එක්ක ඒ මුර රාජකාරිය කරමින් ඉන්නව. මාධ්‍ය ඉතිං දිගින් දිගටම මේ ආර්ථික අපරාධය විකුණමින් ඉන්නව.
2015 ජුලි 14, ජනාධිපති මෛත්‍රී තමන්ගෙ කතාවෙදි නිකමට වගෙ කියනව, අගමැති රනිල් ට කිව්වලු තමන් ගෙ හොඳ නම බේරගන්න නං අර්ජුන් මහේන්ද්‍රන් ට ඉල්ලා අස්වෙන්න කියන්න කියල. මෙහෙමත් දේශපාලනයක්! මේ බිලියන ගණනකින් අනතුරේ වැටෙන්නෙ රට, රටේ මහා ජනයා. මේ ඊනියා නායකයන් ට මේක නිකං සෙල්ලමක් වෙලා.
කොහොම හරි අන්තිමට COPE දක්වා විහිදෙන 'මහා බැංකු බැඳුම්කර වංචාවට එරෙහි ව!' කියල සංදර්ශනයක් පැවැත්වෙනව.
ඔය අතරෙ, 2016 මාර්තු මාසයෙදිත් ඔය විදිහෙම බැඳුම්කර සිද්ධියක් වෙනව. එවර රු. බිලියන 40 ක් අවශ්‍යව තියෙද්දි 77 ක් ගන්නව, එයින් 50% ක් වගෙ ප්‍රමාණයක් අර Perpetual සමාගම ට.
පාරෙ විරෝධතා නැහැ! පාර්ලිමේන්තු විවාද නැහැ! COPE නැහැ!
කොහොමද මෙහෙම වෙන්නෙ?

COPE නිර්දේශ!

අපි දැන් මොහොතක ට, ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සභාපතිත්වය දරන COPE කමිටුව දෙස ට හැරෙමු! ඒ කමිටුවට කිසිම ආකාරයක බාධා කිරීමක් තියෙනවා කියල සුනිල් කියල නැහැ. අන්තිම සතිය වෙනකොට, කමිටුවෙ මත කීපයක් තියෙන නිසා වාර්තා කීපයක් ඉදිරිපත්වෙන්න පුළුවං කියල ඇහෙන්න පටන් ගත්ත. අගමැතිවරය, පාර්ලිමේන්තුවෙ දි කිව්ව, ඔව්! එහෙම වාර්තා කීපයක් එන්න පුළුවං තමයි කියල. එක වෙලාවක, විරෝධය පාන්න සුනිල් නැගිටලා ගිය කතාවකුත් තියෙනව. අජිත් P පෙරේරා නං දිගටම වගෙ හිටියෙ අමුතු අමුතු කතා කියමින්. කොහොම හරි අන්තිමට ආවෙ එක කමිටු වාර්තාව යි! පාද සටහන් නැතුව සහ ඇතුව. පාද සටහන් කෙසේ වෙතත් ඉදිරිපත් කරන නිර්දේශ වලට හැමෝම එකඟ වෙනව. එහෙම සංහිඳියාවකට කට්ටිය ආවෙ කොහොමද? පාර්ලිමේන්තු කලින් කතා වලින් නං තේරුණෙ, කමිටු සාමාජිකයන් විගණකාධිපතිවරය ට තර්ජනය කරපු හැටි, සභාපති සුනිල් හඳුන්නෙත්ති ට දැඩි පීඩනයක් එල්ල කරපු හැටි සහ තවත් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල්. ඊට කලින් කිට්ටු දවසක පාර්ලිමේන්තුවෙදි ම සුනිල් කියනව, වෙච්ච් ඒ සියල්ල, වාර්තාව ඉදිරිපත්කරන අතරෙ රට ට කියනව කියල - ඒත් ඔහු එහෙම කතා මොකුත් කිව්වෙ නැහැ! සියල්ල ඉතා සාමාන්‍යයයි! නැවත නැවතත් සලක බලන්න තව විශේෂ කාරණයක් මෙතැන ආයෙත් තියෙනව. බැඳුම්කර කොල්ලයෙ මහා මොළකරු, අගමැති රනිල්, දිගින් දිගටම කියනව, COPE සභාපති සුනිල් හඳුන්නෙත්ති විශ්වාසයි! විශ්වාසයි! කියල. ඒ ඇයි? මේ, සංදර්ශනයක් කියල හිතන්න - මේ පසුබිම ම ප්‍රමාණවත් නැද්ද?
ඔය COPE නිර්දේශ අතරත් මහා අමුතු, ලොකු හෝ විශේෂ කතා මොකුත් නැහැ. බරපතළ ම ප්‍රශ්නය මේකයි! මේ බැඳුම්කර කොල්ලයෙ මහා මොළකරු, අගමැති රනිල් වික්‍රමසිංහ ගැන හෝ අඩුම වශයෙන් අසාමාන්‍ය දේශපාලන හැසිරීමක් මෙතැන තිබුණ කියලවත් ඒකෙ නැහැ. ඒ අස්සෙ අගමැති කියනව, මේ COPE එක තමයි ලු යහපාලනය මෙතෙක් ලබපු ලොකුම ජයග්‍රහණය!!
දැන් ඉතිං අපි තවදුරටත් මේ සංදර්ශනය බලාගෙන ඉන්නව නේද?             

...to continue...
CHAPA

   

1 comment:


  1. අටවිසි බැඳුම්කර පිරිත...

    රනිලන්කරෝ මහා වීරෝ - යූ එන් පී මහායසෝ
    පොන්සි රූපෝ ලෝකහිතෝ - කොල්ලන්ගේ ජුතින්ධරෝ

    සොරිසේනෝ සැමදා කක්කෝ - මංගලො මහා නපුන්සකෝ
    චන්ද්‍රිකෝ වෙරි වෙන ධීරෝ - රාජිතෝ නැවු වද්ධනෝ

    සොභිතෝ මරලා දැම්මෝ - නැතුවම මරණ සහතිකෝ
    සජියෝ ලෝකපජ්ජොතෝ - උස්සානන් කොරති සිකිරුට්ටෝ

    අර්ජුනයෝ මහා බැඳුම්කරෝ - බෑනානන්ච ලාබ කොරෝ
    මහා රනිලෝ සූර චෞරෝ - අර්ජුනයාට උදවුකරෝ

    අනුර කුමරෝ කාරුණිකෝ - බැඳුම්කරේ අමතකකොරෝ
    කෝප් කොමිටිය යකා නටෝ - ඇදලා වරදසංවරෝ

    ඵුස්සො වරද පිලිගත්තෝ - විපක්සේච අනූපමෝ
    සුසිල් ප්‍රෙම්ජයන්තෝ කෙලියෝ - දයාසිරිත් එකතුවුනෝ

    සොරිසේනෝ සත්ථවාහෝ -අඟේ ඉඳන් කන කනෝ
    ටොමියෝසිරි සම්පන්නෝ -ඇඟපුරා ගොම ගාගත්තෝ


    යූ ඇන්පී සිරිලන්කෝ - දෙගොල්ලෝ රට කාදමතෝ
    ජෙප්පෝ මාරාරි සංගමං - සිරිකොතන් සමුපගමුං

    ඒතේන සච්චවජ්ජේන - හොතු මෙ ජය මංගලං

    ReplyDelete