Monday, November 7, 2016

                                ආබාධිත සෙබළුන් ට ප්‍රහාර?!


අද, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දි අබාධිත සෙබළුන්ට කඳුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දෙන්නෙකුට තුවාල ත් වෙලා. ඒ, තම විශ්‍රාම වැටුප් සකස් කරවා ගැනීම සඳහා, පිටකොටුවෙ මාරාන්තික උපවාසයක් ද ආරම්භ කර තිබූ, අබාධිත සෙබළ විරෝධතාව අවසාන වුණු විදිහ. ප්‍රශ්නය, වෙලාවක දි ආබාධිත සෙබළුන් ගෙ සහ පොලිසියෙ ගැටුමක් බවට පත් කළේ කවු ද? ඒ මොන තරං අමන වැඩක් ද? ජනාධිපති ලේකම් කාර්යාලය ඔවුන්ගෙ ඉල්ලීම ඉටු කරන බවට ලිඛිත පොරොන්දුවක් දුන්නෙ අන්තිමට, ඒ ගැටුමත් අවසාන වුණාට පස්සෙ.
පාලකයො ඇත්තට ම මෙච්චර අසමත් ඇයි?
මේ ප්‍රශ්නය තිබිච්ච සහ දැන් තියෙන හැම ආණ්ඩුවක ම අදාළයි!!
මේ බංකොලොත්කම ට ප්‍රධාන හේතුව තමයි දේශපාලන බල අධිකාරියෙ වගෙම නිලධාරි තන්ත්‍රයෙ ත් වෘත්තීය මට්ටමක් නැති කම. හැම ආණ්ඩුවකම මේ දුර්වල කම තියෙන නිසා තමයි අපි රටක් විදිහට පස්සට යන්නෙ. ප්‍රශ්නය - ප්‍රශ්නය හඳුනා ගැනීම - පිළිතුර සොයා ගැනීම! ඉතාම සරල ක්‍රියාවලියක්. අන්තිමට කාගෙ කාගෙ හරි මුදල් නාස්ති කරල, මහජන දේපොළ විනාශ කරල, සමාජ ප්‍රශ්න ඇතිකරගෙන - හිත් රිදවගෙන, දුක ට - හිංසාව ට පත්වෙලා, රටක් හැටියට ලැජ්ජාව ට පත් වෙලා තමයි, ප්‍රශ්නය ට පිළිතුර හොයාගන්නෙ! ඒ අතරෙ තවත් එක එක කල්ලි වලට සමාජ පිළිගැනීමකුත් හම්බ වෙනව. අයහපත්ම දේ තමයි, යහ පාලනය සහ නීතියෙ ආධිපත්‍ය පිළිබඳ වැරදි පුර්වාදර්ශයන් අනාගතය ට දායාද කරන එක.
බෙංගමුවේ නාලක හාමුදුරුවො මාධ්‍ය කැමරා ඉදිරියෙ දැන් කියන්නෙ 'අබාධිත රණවිරුවො ඉස්සරහා ආණ්ඩුව දණ ගැහුවා...' කියල. ඉතිං ඒක හොඳ තත්වයක් නෙවෙයි!
එකම යහපත් සිද්ධියක් විදිහට දැක්කෙ, ඔක්කොම ඉවර වෙලා, ආබාධිත සෙබළු පොලිස් නිලධාරීන් ට අතට අත දීලා, වෙච්ච දේවල් ගැන කණගාටුව පළ කරන එක. 'මේ, අපි උඹල ගෙ ප්‍රශ්නයක් නෙවෙයි!' වගෙ හැඟීමක් ඒ මූණු වල සටහන් වෙලා තිබුණා, ඒක හොඳ ලකුණක්...
මොන කණ්ඩායම ආණ්ඩු බලය ගත්තත්, සියල්ල අතර, රාජ්‍ය පාලනයෙ වෘත්තීය මට්ටම වර්ධනය කරගත්තෙ නැත්තං, රට ට ගමනක් නං නැහැ! හැමදාම පිස්සු බල්ලො වගෙ දඩාවතෙ දුවන්න තමයි වෙන්නෙ!
CHAPA 

No comments:

Post a Comment