Saturday, November 5, 2016

සේකර ට කතා කරපු, අමරදේව අහගෙන හිටපු...වක්කඩේ දංඩි පැටව් ටිකත් විකුණලා..

'අමරදේව' අවසන් ගමන් යන මේ මොහොත වෙනකොට, ලංකාවේ මාධ්‍ය, විශේෂයෙන්ම ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය, එයිනුත් විශේෂයෙන් ම ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හෙවත් රුපවාහිනී නාලිකා අමරදේව ගැන විවිධ දේ කියමින් සහ පෙන්වමින් ඉන්නව. ඔවුන් තම තමන්ගෙ නාලිකා සම්පුර්ණයෙන්ම වගෙ වෙන් කරල තියෙන්නෙ දැන් වෙනකොට ඒ සඳහා.

එය හොඳ තමයි!  

ඒත් 'අමරදේව ලකුණ' ට ඔච්චර කැමති නං, ඊට ඔච්චර ගරු කරනව නං සහ විශේෂයෙන්ම, අමරදේව  'ජාතියේ අනන්‍ය හඬ!' ආදී වශයෙන් පිළිගන්නව නං, කොහොමද මේ රුපවාහිනී නාලිකා, ඉතාමත් ම ප්‍රාථමික, බාල සහ රටේ ජනයාගෙ - විශේෂයෙන්ම ඊළඟ පරම්පරාවෙ ප්‍රතිභාව මොට්ට කරන විදිහෙ ඉන්දියානු - දකුණු කොරියානු කසි කබල් ටෙලිනාට්‍ය, ලංකාවෙම නිෂ්පාදනය කරන කුණුහරුප විහිළු ටෙලි නාට්‍ය, ගොන් සංගීත වැඩ සටහන්, පහළ තත්වයෙ වෙළෙඳ දැන්වීම් සහ තවත් අනිත් දේවල් - අනිත් වෙලාවල් වලට තරඟෙට වගෙ පෙන්නන්නෙ.

මේකට තමයි 'විකිණිල්ල' කියන්නෙ!
අනේ! එහෙම නැතුව, අමරදේව ගෙ නිර්මාණකරණය තුළ තෙරපෙන, බුදු දහම, අනිත්‍ය තුළ ස්වභාව ධර්මය, රට, ජාතිය ( නූතන කියවීමක්!), ගම, දේශීය ගොවි කම, මනුෂ්‍යත්වය, ආදරය, විරහව...ගැන උනන්දු වෙලා රට ගොඩ නගන, රටට අනන්‍ය නව මාධ්‍ය සම්ප්‍රදායක් ගොඩ නගන්න කැමති වෙනව නං?!
කොරලම ගනියි! සේකර ට කතා කරපු, අමරදේව අහගෙන හිටපු වක්කඩේ දංඩි පැටව් ටිකත් විකුණලා, වක්කඩෙ ත් විනාශකරල, වන පියස කීතු කීතු කරල, ගංගා ඇළ දොළ බැකෝකරණය කරන රටක, තව ඉතිං මොන කතා ද?
CHAPA         

No comments:

Post a Comment