Thursday, November 3, 2016

                ඒත් අමරදේව සහ සේකර තවමත් තුං මං හංදියෙ!

 
ඔහු යන්න ගියා!
අමරදේවගෙ නිර්මාණකරණය පුරාමත්, අනිත්‍ය පිළිබඳ ඒ විශ්ව යථාර්ථය සියුම් හුයක් වගෙ ඇඳෙනව. ඒත් අමරදේව කියන සාධකය, ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සුවිශේෂ අත්දැකීමක් වන නිසා ම එය වඩා සංකීරණ සංවාදයකට අප රැගෙන යනව.
අමරදේව ලංකා ඉතිහාසය තුළ එක පරිච්ඡේදයක්. දශක ගණනාවක් තුළ ඔහු නියැළෙන නිර්මාණකරණය රටේ නුතන - වෙනස් ජාතික හැඩයක් නිර්මාණය කරනව. බුදුදහම තුළ අන්තර්ගත ගැඹුරු ධර්මතා බොහෝ විට ඔහුගෙ අනන්‍ය හඬ සහ ඔහු මවන වෙනත් නාද රටා හරහා ඉස්මතුවීම මගින්, බුදුදහම තුළ ගොඩනැගෙමින් තිබුණු සහ ඊට සමගාමීව විවිධ අභියෝග මැද ව්‍යාකුල වෙමින් තිබුණු ලාංකේය අනන්‍යතාව, අමරදේව සමඟ යම් නිශ්චිත දිශාවකට යොමු වෙන්න ගන්නව. හරියට ම ගත්තොත් අමරදේව කියන්නෙ ලංකාවෙ කොටසක්!      
ලංකාව මේ මොහොතෙ යළි යළිත් ලෝක දේශපාලනය තුළ තමන්ගෙ තැන නිශ්චය කරගන්න බැරුව ඉන්නෙ. ජාතිකත්වය - ජීවිතය සහ සෞන්දර්ය අතර දෝලනය වන 'අමරදේව අත් දැකීම' තවමත් හරියට ගොඩ නොනැගුණු ( ඔවුන්ට ත් මග හැරුණු! ) සංවාදයකට අප කැඳවනව. හරියටම බැලුවොත්, මහගම සේකර සහ අමරදේව තවමත් නැවතිල ඉන්නෙ තුං මං හංදියෙ.
නොදන්න පාර හොයාගන්න තුරු ඒ හන්දිය හොඳට ම හොඳයි!
CHAPA

No comments:

Post a Comment