Tuesday, November 22, 2016

තවත් කතාවක්...

වරෙක මාධ්‍ය හරහා ගලා ගිය උණුසුම් ප්‍රවෘතියකින් කියැවුණේ, ඉදිරිපෙළ එජාප ක්‍රියාකාරිකයෙකු වූ රවී කරුණානායකගේ නිවසට කිසිවෙකු විසින් මළමිනියක කොටස් පාර්සල් කර එවූ බිහිසුණු සිදුවීමක් පිළිබඳවය. අදාළ ප්‍රවෘතියට අනුව එය රවී කරුණානායකට,  චන්ද්‍රිකා පාලනය එල්ල කළ මරණ තර්ජනයකි. කියවුණ සිදුවීමේ ස්වභාවය ට අනුව මෙම ප්‍රවෘතිය තුළ විශ්වසනීයත්වයක් නොතිබුණු බව මගේ නිරීක්ෂණයයි. කෙසේ වෙතත් ඊට ආසන්න කාලයකදි ලේක් හවුස් පුවත් පත් වාර්තා කර තිබුණේ රවී කරුණානායකගේ නිවසෙන් සන්නද්ධ පාතාල සාමාජිකයෙකු අත් අඩංගුවට ගත් බවය. මම දුරකථනයෙන් ඔහුට කතා කොට මේ පිළිබඳ කරුණු විමසුවෙමි.
                '' ඔයා මොකටද ඕක මගෙන් අහන්නෙ...අච්චර අර බොඩි පාර්ට්ස් අපේ ගෙදරට එව්ව...ඕගොල්ලො හෙව්වෙ නෑනෙ.
                රවීගෙ පිළිතුර එසේ විය.
                '' මේ හැමදේම අතර සම්බන්ධයක් තියෙන බව පේනව...අපි ඔයාගෙ තැනෙන් පටන් ගම්මු...ඇත්තටම ඔයාගෙ ගෙදර ඉඳල මේ වගෙ අන්ඩර් වර්ල්ඩ් එකේ කෙනෙක්ව අත්අඩංගුවට ගත්තද?''
                මම දිගටම ඔහු ප්‍රශ්න කළෙමි. ඔහු තදින් කෝප ගත්තේය. අවසානයේදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.
               '' ඇයි මොකද අපි විතරක්? ඔයගොල්ලන්ගෙ ලොක්කත් අන්ඩර් වර්ල්ඩ් එකත් එක්ක සම්බන්ධකම් පවත්වන්නෙ...''
මම එදා රවී සමග කළ කතා බහ සටහනකට ගත්තෙමි. එය පුවත් පතේ පළකළ යුතු යැයි යෝජනා කළෙමි. අයිවන් ඊට කැමති වුයේ නැත. ඉතිං එය පළ නොවීය. මේ කතා තුළ ඇත්තේ කෙබඳු කතාවක්ද?
(රවයට සාක්ෂියක්, පිටු 54 - 55, 2008 ජුලි)

No comments:

Post a Comment