Tuesday, March 21, 2017

              අද මාර්තු 22...


අද මාර්තු 22...

උන්ගෙ, ලෝක ජල දිනය ලු!

ලෝක ජල හිඟයක් ළඟ ළඟ එනවා, ජලය කළමනාකරණය කරමු!
මරු කතාවක් නේ?
කොහොමද ජලය කළමනාකරණය කරන්නෙ?
මාර ප්‍රශ්නයක්!
ලෝකයෙ තැන තැන, වැඩිහිටියො ඒ ගැන සාකච්ඡා කරනවා, වෘත්තිකයො බැරෑරුම් මුහුණු වලින් කල්පනාකාර කර ඉන්නවා. ලෝක සමුළුවලට යනවා, විවිධ වැඩසටහන් සංවිධානය වෙනවා. ගුරුවරු ළමයින්ට කියලා රචනා ලියවනවා, කථික තරඟ පැවැත්වෙනවා. මාර වැඩ! ජනමාධ්‍ය ආයතනවලටත් හොඳ ප්‍රවෘත්ති හැදෙනවා.
හරි! මෙන්න ක්‍රමය!
''අපි ජලය ඒකක මිලකට යටත් කරනවා, විකුණුම් භාණ්ඩයක් කරනවා!''
එක්සත් ජාතීන්ගෙ කට්ටිය උත්තරය හොයාගෙන!
''එතකොට සල්ලිවලට ජලය විකුණනවා?''
නොදන්නා මිනිස්සු අහනවා.
''ඔව්! හරියට තෙල් වගෙ!''
''සල්ලි නැත්තං?''
ප්‍රශ්නයක්!
''වතුර නැහැ!''
''එතකොට අපි මැරෙනවානෙ!''
''ඉතිං මැරියල්ලා!''
උන් කියනවා.
''එතකොට අපි?''
ඒ අනිත් සත්තු.
''අපි කොහොමත් උඹලාව මරනවා!''
''මොන බොරු කතාවක් ද? නෑඹිලියෙත් කිඹුල්ලු දකිනවා, පිස්සුනෙ!''
ඒ අපේ අය.
''ඉතිං මොකද? නිකං දෙනකොට අගයක් නැහැ, ඔය නිදහස් අධ්‍යාපනය පේන්නැද්ද...සල්ලි ගන්නමයි ඕන, අපි නං කියන්නෙ වාතයත් සල්ලි වලට දෙන්න ඕන!''
ඒත් අපේ අය.
''අපි නං ඔය අනුන්ගෙ දේවල් හොයන්නෙ නැහැ, අපේ පාඩුවෙ ඉන්නවා!''
අපේ අයම තමයි.
එතකොට, ඔබ?
අනේ, උත්තරයක් නැතුවට නං කමක් නැහැ, ඔන්න ඔහේ දවස ගෙවලා දාන්න! ආයෙ මාර්තු 22 ක් එන්නෙ තව අවුරුද්දකින්නෙ, නේද?
අපි ගියා එහෙනං!
CHAPA
2017 මාර්තු 22

No comments:

Post a Comment