Tuesday, March 21, 2017

    ප්‍රභාකරන්!

නිදහසේ නාමයෙන්
නුඹ කරවන සටන
වළලයි නිදහසම
නැවත නොඑනා ලෙසින්
එක්සත්ව එක සිතින්
නුඹ පසු පසින් එන
තරුණ පෙළ උමතුව
සොයන මාවත, නුඹ වග
පසක් කර දුන්නා ද?
අසරණව ලතැවෙන
කුල හීන මිනිසුන්ට
උන් දවනා ගින්න
උතුරන අසහනය
දකුණේ ද නිරතුරුව
පැලපදියම්ව, ඇති බව
නුඹ වසන් කෙරුවාද
උන්ගේ ශක්තිය
නොනැමෙන ජීවිතය
තලා පන්නරය ගෙන
උන්ගෙ ගෙල සිඳුවාට
උන්ගේ හෙට දවස
වළලා දැම්මාට
සයනයිඩ් කරලක
එල්ලා තැබුවාට
නුඹට නොකරමි සාප
නුඹයි ඒ සාපය
අපේ පොදු හතුරාව
වසන් කර තැබුවාට
උතුරු නැගෙනහිර
දකුණට යා කර
අපිට අපේ වූ
ලොවක් තනන්නට
හරස් කපන නුඹ
නරුම මුරුගයෙකි
වේළුපිල්ලේ ප්‍රභාකරන්!
CHAPA
1996 ජුනි 2, ඉරිදා දිවයින, 'සංවාද'
Army ආමි, 2008 ජනවාරි, පිටු 80 - 81

No comments:

Post a Comment