Thursday, March 2, 2017

  ඔබ බැඳෙනවා ද?

 

බැඳීම්!
අපට කොච්චර බැඳීම් තියෙනවා ද? අම්මා තාත්තා එක්ක, සහෝදර සහෝදරියන් සමඟ, විවිධ නෑදෑයො සමඟ...
ආදරවන්තයො! ඔවුන්ගෙ විවාහ! ඊට පස්සෙ දූ දරුවො! ඔන්න ආයෙත් නෑදෑයො!
එතකොට යාළු මිත්‍රයො! ව්‍යාපාරික ආයතන - කාර්යාල ඇතුළෙ එකට වැඩකරන අය! එහෙම බලනකොට නිකං ඉවරයක් නැහැ වගේ නේද?
ඔය ඉතිං ගෙදර ඉන්න බල්ලො පූසො වගෙ සුරතලුන් නැතුව.
මතක තියාගන්න! ආදරය වගේම සහ ඊටත් වඩා ප්‍රබල බැඳීමක් තමයි වෛරය.
වෛරය බැඳීමක් වුණොත් කොහොමද?
ඔය ඔක්කොම බැඳීම් එහෙමම තියෙද්දි, අපි කරන කියන වැඩ එක්ක බැඳීම් ඇතිවෙනවා කියලා ඔබ පිළිගන්නවාද? විශේෂයෙන්ම තමන්ගෙ රාජකාරී කටයුතු සමඟ.
මෙහෙමනෙ, වගකීම් එක්කත් අපි බැඳෙනවා!
හැමෝම නෙවෙයි, සමහරු. හුඟාක් අය, හුඟාක් වෙලාවට ඒ ඒ වැඩේ කෙරුවා ගියා. මේ ඉතිං මගෙ Job එක, මේවත් එක්ක මට බැඳීම් නැහැ! කියලා කියන අයත් අප අතර ඉන්නවා. එහෙම නැතුව වැඩ එක්ක බැඳිලා, වැඩ ජීවිතයම කරගත්ත අය වෙනම ඉන්නවා, විවිධ ක්‍ෂේත්‍ර වල. ඔවුන් ඒ ඒ ආයතනවලට ආශීර්වාදයක්. ශක්තියක්. සමහර විට එහෙම අය එක වෙලාවක අනිත් අයට කරදරයක් - හිස රදයක් වෙන වෙලාවලුත් තියෙනවා.
එහම බලනකොට, රාජකාරි කටයුතුවලදි විතරක් නෙවෙයි, සාමාන්‍ය ජීවිතයෙත් බැඳීම් නිසා එක එක කරදර සිද්ධ වෙන්න පුළුවං. තමන්ට වගේම අනෙක් අයටත්.
බුදු දහමට අනුව නං බැඳීම් වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. එය සරල සත්‍යයක්.
ඒ වුණත් මේ සාමාන්‍ය මානව ලෝකයෙ බැඳීම් කියන්නෙ යථාර්ථයක්. අපට ඒවායෙන් ගැලවෙන්න අමාරුයි. එහෙම නං කරන්න තියෙන හොඳම වැඩේ තමයි බැඳීම් කළමනාකරණය කරගන්න එක, තමන්ටවත් අනිත් අයටවත් ප්‍රශ්න ඇතිනොවන විදිහට. මෙහෙම කිව්වට වැඩේ එච්චර ලේසි නැහැ.
ඒත් උත්සහ කරන්නම වෙනවා .
එහෙම නැත්තං බැඳීම් නිසා තමනුත් දුකට පත් වෙලා, අනිත් අයත් දුකට පත් කරන්න වෙනවා. මේ බැඳීම් කළමනාකරණය අපට ඕන නං, අනවශ්‍ය බැඳීම් හදා ගන්න එපා, බැඳීම් වුණත් එක ගානකට තියාගන්න වගේ විග්‍රහ කරගන්න පුළුවං, හැබැයි පරිස්සමට!
මොකද, එක පැත්තකින් බැඳීම් නැතිවෙනකොට අනිත් පැත්තෙන් ජීවිතය නැති වෙනවා.
ම්...මේ ගැන වැඩිය හිතන්න එපා! හැබැයි නොහිතා ඉන්නත් එපා!
කල්පනා කරලා බලන්නකො!
ඔබට හොඳ කල්පනා පහළ වන ලස්සන දවසක්!
CHAPA

No comments:

Post a Comment