Wednesday, March 8, 2017

  Yes! YOU CAN! ඒත්!

Yes! YOU CAN! ඒත්!

ඔබට මතකනෙ, ඇමරිකානු හිටපු නායකයා, බැරක් ඔබාමා එදා බලයට එන්න, ඇමරිකානුවන් ට කිව්වෙ Yes! WE CAN! කියලා, ඔහු මෙදා ඩොනල්ඩ් ට්‍රම්ට් ට බලය දීලා ගෙදර යනකොටත් කිව්වෙ, ඒ කතාවමයි.
Yes! WE CAN!
ඔව්! අපට පුළුවං!
මෙහෙම කියනකොට ඇඟට පොඩි ගතියක් එනවා නේද? නිකං විශ්වාසයක් වගෙ එකක්.
එහෙම නං, තමන්, තමන්ටම Yes! I CAN! කියාගන්නත්, අනිත් අයට Yes!YOU CAN! කියන්නත් අපි පුරුදු වෙමු.  ජීවිතයට මුහුණ දෙන්න, අභියෝග ජය ගන්න ඒකත් හොඳ මානසික මෙහෙයුමක්.
හැබැයි, මෙහෙම කියන ගමන් ඇත්තටම හිතන්නත් ඕනෙ. හිතුවොත් තමයි වැඩේ සාර්ථක වෙන්නෙ. ඒ කියන්නෙ, 'පුළුවං' කියන සිතුවිල්ල - හැඟීම විසින් කෙනෙක් ඉබේම ඉස්සරහට තල්ලු කරවනවා.
විශේෂයෙන්ම පුංචි ළමයින්ට නං, පුරුද්දක් විදිහට, ඔයාට බෑ! කියලා කියන්නම එපා. එයින් එයාලා ජීවිතය පුරාවටම අධෛර්යමත් වෙන්න ඉඩ තියෙනවා.
තවත් වැදගත් දෙයක් හැබැයි මෙතැන තියෙනවා.
'පුළුවං' කියලා වැඩකරගෙන යනකොට, යමක් වැරදුණොත්, පරාජය වුණොත් සහ නොහිතපු දෙයක් වුණොත් මානසිකව නොවැටී ඉන්නත් මේ ක්‍රමයම යොදා ගන්න ඕනෙ. ඒ කියන්නෙ, සාමාන්‍යයෙන්, තමන් ගැන දැඩි විශ්වාසයකින් කටයුතු කරන කෙනෙක්, යමක් හදිසියෙ වැරදෙන මොහොතක දරුණු විදිහට කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනෙ.
ඉතිං 'පුළුවං!' කිව්වට පස්සෙ තවත් මොනව ද?
අපි වැඩ පටන් ගම්මු!
ඔහොම යමු! ඉස්සරහටම යමු!
Yes! YOU CAN!
CHAPA
March 9, 2017  

No comments:

Post a Comment