Thursday, March 23, 2017

  එකඟ නැත්තං...


එකඟ නැත්තං...
ඒ කියන්නෙ, ඔබ යම් දෙයකට හෝ යම් පුද්ගලයෙකුට එකඟ නැත්තං සාමාන්‍යයෙන් මොකද්ද කරන්නෙ?
ඒ පුද්ගලයෙක් නං, කියනවා '' මම නං ඔබට එකඟ නැහැ!'' කියලා. එහෙමද?
දෙයක් නං ඒත් අදාළ කෙනාට කියනවා, මේ දේට මම එකඟ නැහැ කියලා. හරිනෙ!
සමහරු හිතනවා, ඕවා කියලා වැඩක් නැහැ, සද්ද නැතුව මග හැරලා ඉන්නවා කියලා. ඔව්! ඒකත් එක වෙලාවකට හරියන්න පුළුවන්.
තව?
සමහරු, එකඟ නැති පුද්ගලයන්ට සහ දේවල් වලට, ඒ ''එකඟ නොවීම'' කියන පුද්ගලික හේතුව මත, පහර දෙන්න පටන් ගන්නවා. අන්න ඒක නං හොඳ නැහැ.සමහරු ඒ නිසාම තරහා වෙනවා, වෛර කරන්න පටන් ගන්නවා.
මේ fb ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තුළත් එහෙම අය බහුලව ඉන්නවා. තමන් එකඟ නැති අයට මඩ ගහනවා, අපහාස කරනවා, පහර දෙනවා. ඒක ඉතාම ප්‍රාථමික තත්වයක්.
තර්ක විතර්ක හරි. යෝජනා චෝදනාත් හරි. විවේචන විශ්ලේෂණ නං හොඳටම හරි.
නිකමට ඉන්න ගමන් හිතලා බලන්න, ඔබ අනිත් අයට එහෙම කරනවා ද? එහෙම නැත්තං අනිත් අය ඔබට එහෙම කරනවා ද? එහෙමත් නැත්තං එකිනෙකා එහෙම කරගන්නවා ද?
මෙහම හිතන්නකො, මේ ලස්සන සුන්දර දවසෙ ආරම්භයත් එක්ක!
ඔබ එකඟ නැති පුද්ගලයා හෝ දේ ගැන අවස්ථාවට ගැළපෙන විදිහට කියන්න, අවශ්‍ය නං, අවශ්‍ය මට්ටමෙන් වාද විවාද කරන්න. බැරි නං අත හැරලා දාන්න.
ඔය මොකුත්ම නැතුව ඉතිං, එකඟ නැති 'පුද්ගලයා' හෝ 'දේ' මුල සිටම මග හැරලා ඉන්නත් පුළුවන්.
කොහොම වුණත් ඒ එකඟ නොවීම මානසික ආරවුලක් කරගෙන, තරහා වෙලා, වෛර කරන්න හෝ පළි ගන්න හදන්න නං එපා. එතකොටනෙ රිද්දන්න හිතෙන්නෙ.
එහෙනං හරිනෙ, වෙනස් විදිහකට දවස පටන් ගන්න!
ඔබට සැනසිලිදායක දවසක්!
CHAPA
2017 මාර්තු 24

No comments:

Post a Comment