Monday, March 13, 2017

   වගකීම් දරන්න ඔබ සුදානම් ද?


එතකොට ඔබ කියයි, ඔව්! මොකද නැත්තෙ? මම වගකීම් දරනවා නේන්නං! කියලා.
ඇත්ත! ඔබ උපතින්ම බැඳෙන වගකීම් සමූහයක් තියෙනවා තමයි. ගෙදර ඉන්න කට්ටියත් එක්ක විශේෂයෙන්ම. ඊළඟට නෑදෑයො සහ හිතවතුන් සමඟ, පාසල් ජීවිතය තුළ, උසස් අධ්‍යාපන කටයුතු වලදි, වැඩකරන තැන්වල...ඔන්න ඔහොම එක එක විදිහෙ වගකීම් ඔබට ඇති.
මේ හැම වගකීමක්ම ඔබ හරියට දරන්න ඇති, දැනටම දරනවාත් ඇති. ඒත්, යම් යම් වෙලාවල් වල ඔබෙන් ගිලිහුණු වගකීම් ගැන ඔබට අවබෝධයක් තියෙනවා ද?
පුද්ගලික ජීවිතයෙ වගේම පොදු - සමාජ ජීවිතයෙත්!
විශේෂයෙන්ම හුඟාක් අයගෙන් ගිළිහෙන්නෙ පොදු වගකීම්. සමහර වෙලාවට පුද්ගලික ජීවිතයෙ වගකීම් දරන්න ගිහින් පොදු වගකීම් නොසලකා හරින හොඳ තාත්තලා, හොඳ අම්මලා, හොඳ අයියලා, හොඳ අක්කලා...හොඳ අහවලා! එහෙමත් කට්ටිය ඉන්නවා.
නිකං හිතන්න, තමන්ගෙ පවුලට උපරිම වගකීම් ඉටුකරන සහ සමාජ යුක්තිය මගහරින විනිසුරුවරයෙක්, දුෂණ, වංචා සහ අක්‍රමිකතා හරහා මුදල් උපයා පවුලට සලකන දේශපාලඥනයෙක්. රෝගීන් ගැන වැඩි උනන්දුවක් නැති, එහෙත් තමන්ගෙ දරුවො මල් වගෙ බලා ගන්න වෛද්‍යවරයෙක්.
ඔබ එහෙම කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්, ඒත් එහෙම අය ඉන්නවා. හරියටම බැලුවොත් එහෙම අය වැඩියි.
එතකොට, පොදු - සමාජ වගකීම් නොසලකා හරින ලෝකයක පුද්ගලික ජීවිත යහතින් පවතියි කියලා ඔබ විශ්වාස කරනවා ද? නැහැ! එහෙම වෙන්නෙ නැහැ. පොදුවෙ හිතන්න, එතකොට ඉබේම තම දරු පවුල් රැකෙන්න පටන් ගන්නවා.
හොඳයි! එදා මෙදා අපෙන් ගිලිහුණු වගකීම් අමතක කරමු! ඒ වෙනුවට නැවත එහෙම නොවෙන්න වග බලා ගන්න එකනෙ වැදගත්. නේද?
එහෙම නං අපි මේ  අලුත් දවසෙ අලුත් විදිහකට වැඩ පටන් ගම්මු!
මම ගෙදරට වගේම පොදු සමාජයටත් වගකීම් වලින් බැඳෙන කෙනෙක්, ඒ නිසාම මම ඒ හැම වගකීමක්ම දරනවා, ඒවා ඉටු කරනවා! අන්න එහෙම හිතලා ඉස්සරහටම යමු.
ගමන සුබයි!
CHAPA
2017 මාර්තු 14

No comments:

Post a Comment