Monday, March 6, 2017

   ඇයි අවුල් ද?


ඇයි අවුල් ද?

'අවුල්' කියන යෙදුම, වෙනස් අදහසකුත් එක්ක මේ මෑත කාලයක තමයි ජනප්‍රිය වුණේ.
''ඇයි අවුල් ද?'' කියලා අහනකොට, තේරුම් කීපයක්ම ඒ හරහා එනවා වගෙ.
ඔබට මේක ප්‍රශ්නයක් ද? ඔබට මාව ප්‍රශ්නයක් ද? ඔබට වෙන මොකක් හරි ප්‍රශ්නයක් ද? මේ වැඩේ හරි නැද්ද?...ඔය වගෙ තේරුම් කීපයක්.
ඒ ජනප්‍රිය කතාව පැත්තක තියෙද්දි, ඔය අපි සාමාන්‍යයෙන් 'අවුල්' වෙන එක ගැන දැන් හිතමු!
කෙනෙකුට ප්‍රශ්නයක් එන එක නෙවෙයි අවුල, ඒ ප්‍රශ්නය නිසා, අදාළ පුද්ගලයා අවුල් වෙන එක. ඒ කියන්නෙ, ප්‍රශ්නය තුළ පටලැවෙනවා වගෙ එකක්. අපි කියන්නෙ නිකං ඔළුව අවුල් වෙලා! කියලා.
ප්‍රශ්නයෙ අග මුල හොයා ගන්න බැරි වුණාමත් ඔලුව අවුල් වෙනවා, ලේසියෙන් උත්තරයක් හොයාගන්න බැරි වුණාමත් ඔළුව අවුල් වෙනවා. එක වෙලාවක 'අප්සෙට්!' වගෙ කියන්නෙත් එහෙම තත්වයක්.
කෙනෙක් අවුල් වුණාම, කරන්නෙ - කියන්නෙ මොකද්ද කියලත් දන්නෙ නැතුව යනවා. වෙන වෙලාවකට නොකරන දේවල් වුණත් කරන්න ඉඩ තියෙනවා. සමහරු නිතර නිතර අවුල් වෙනවා, පොඩි පොඩි දේවල් වලටත්. ප්‍රශ්නය තියෙන්නෙ, කෙනෙක් අවුල් වෙනකොට ඒ පුද්ගලයාට සහ තවත් අයට හුඟාක් පාඩු දේවල් වෙන්න පුළුවං.
ඒ, අනිත් අයගෙ හාස්‍යයට ලක් වෙනවාට අමතරව.
වැඩේ බරපතළ වෙන්නෙ, කෙනෙක් හොඳටම අවුල් වෙලා ජීවත්වීමේ ආශාව ඇත හරින්නත් ඉඩ තියෙනවා.
ඔබ දන්නවාද? ඔය අවුල් වෙනවා කියන එක එච්චර සරල නැහැ. ඒ වෙලාවට ඒ අදාළ පුද්ගලයාගෙ ශරීර රසායනය වෙනස් වෙනවා. ඒ කියන්නෙ හිත ශරීරයට සම්බන්ධ නිසා ඒ එකිනෙක, එක මත එක ක්‍රියා කරනවා.
අපි මෙහෙම කරමු!
ඔබ මොනම දේකටවත් අවුල් නොවී ඉන්න උතසහ කරන්න, ඔව්! ඔබට පුළුවං. හිත ඔබේ නෙ...
ඒ වගේම අනිත් අයව අවුල් කරන්නත් එපා! එහෙම නිතර අවුල් වෙන කෙනෙක් ඉන්නවා නං, අනේ! අවුස්සන්නෙ නැතුව උදවු කරන්න.  එහෙම කෙනෙක් අවුල් වෙනකොට සමීප වෙලා අවුල ලෙහා ගන්න මැදිහත් වෙන්න, දැනගෙන සහ සත්භාවයෙන්.
හරිනෙ?
එන්න! දැන් අපි වැඩ කරගෙන යමු, තවම දවස පටන් ගත්තා විතරනෙ, ම්...විදේශගත සහෘදයන් නං සමහර විට දවස සෑහෙන්න ගෙවලත් ඇති, නේද? කමක් නැහැ!
කොහොමත් ඔබට සුභ පැතුම්!
CHAPA

No comments:

Post a Comment