Saturday, March 25, 2017

   විමල්! උපවාස එපා!! අපරාදෙ!!!

 
හිතවත් විමල්!
ඔබ මේ මොහොත වෙනකොට ආහාර පාන වර්ජනය කරමින්, තමාට ඇප දෙන ලෙස ඉල්ලමින් උපවාස කරන බව මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඔබට දැන් මෙහම ලියන්නෙ, මීට පෙර ඔබට ලියු http://chapabandara.blogspot.com/2017/01/blog-post_25.html?spref=tw දිගු සටහනේම දිගුවක් හැටියට. ඒ අතරම, ඔබ සහ රංජන් අතර ඇතිවෙමින් තිබුණු ගැටුමට අදාළව මම ඉදිරිපත්කරපු https://www.youtube.com/watch?v=xJ5fLaLkvpQ කෙටි වීඩියෝව යළි ඔබට යොමු කරන්නෙ, මේ සංවාදය තව පුළුල් කරන්න.
මම ඒ ලියැවිල්ලෙ කියලා තියෙන විදිහටම, ඔබ ඔබත් කොටසක් වන දේශපාලන දඩබිමක වර්තමාන ගොදුරක් විතරයි.
ඔබ පෙනී හිටින 'ජාතිකත්වය' සහ 'දේශප්‍රේමිත්වය' ඇත්තක් නෙවෙයි. ඔබේ අනුගාමිකයන් ඒ ගැන හිතන්නෙත් ඇත්තට නෙවෙයි. ඒ කියන්නෙ ඔබ හෝ ඔවුන් අවංක නැහැ කියන එකට වඩා වැඩි කතාවක්. නුතන වෙළෙඳපොළ චලනයන් තුළ, එහෙම 'ජාතික හෝ දේශප්‍රේමී තත්වයක්' නැති නිසා, එහෙම අවංකබවකුත් පවතින්නෙ නැහැ! කියන එක.
ඒ නිසාම ඔබ ගොඩනගන්න උත්සහ කරන 'ව්‍යාකුල ජාතික තත්වයන්ම' සමාජ යුක්තිය අභිබවා යමින් ඔබ සහ ඔබේ අනුගාමිකයන් ගොදුරු කරගන්නවා. එය ඉතිහාසය තුළ අඛණ්ඩ ක්‍රියාවලියක්.
මේ, අන්න එහෙම නිර්මාණය වුණු, කිසිදු පාලනයකට යටත් නොවන තවත් එක මොහොතක්!
ඔබ ඉතිං ඇප ඉල්ලා උපවාස කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඔබ ඇත්තටම ඒ මාරාන්තික ක්‍රමය තෝරා ගත්තොත්, ඔබ මිය යාවි. එච්චරයි!
ඔබේ අනුගාමිකයන්, ටිකක් කලබල කරලා ගෙදර යාවි. මේ දකුණු ඉන්දියාව නෙවෙයි නිසා ඔබ වෙනුවෙන් කවුරුවත් මැරෙන එකක් නැහැ. ජාතිකත්වයක් හෝ දේශප්‍රේමීත්වයක් නැති නිසා එහෙම ජනතා බලවේගයකුත් නැහැ වගේම, මියගිය ඔබේ සළකුණ අරගෙන නැගිටින්න 'ජනතාව' කුත් නැහැ.
ඔබ කරදරයක් කියල හිතන අනිත් පැත්තෙ කට්ටිය ඔබේ මරණයෙන් හොඳ fun එකක් ගනීවි. එච්චරයි!
ඔබට මේ කාලය ආපිට හිතා බලන්න හොඳ කාලයක්!
ගෝලීය ධනේශ්වරය සහ ඒ තුළ මානව ශිෂ්ටාචාරය!
අන්න ඒක තමයි ඔබ ගොඩනගා ගන්න ඕන පුළුල් සංවාදය. ඒ වෙනුවට, ජීවිතය කළකිරීමෙන් කියවන කවි පද හරහා මොකුත්ම සිද්ධවෙන්නෙ නැහැ, දේශපාලනය, හුදු සාහිත්‍යයක් බවට පත් වෙනවා වෙනුවට!
CHAPA
2017 මාර්තු 25


 

No comments:

Post a Comment