Sunday, March 26, 2017

   මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න...


''මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න...'' කියලා නන්දා මාලනී ගයන ගීතය ඔබ අහලා තියෙනවන. එයින් කියවෙන්නෙ, තමන් හදා ගත්ත සහ තමන් කැමති මනෝ ලෝකයෙම ඉන්න ඉඩ දෙන්න කියන එක. ඒක එක විදිහක ලස්සන කතාවක්.
''ඇවිදිමි මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානෙ...'' ඇය ගයනවා.
මේ කතා නායිකාව, තම සිහින ලෝකය දිගේ ඉතිං ඇවිදගෙන යනවා.
ඇත්තටම පියවි ලෝකයට වඩා මවාගන්න සිහින ලෝක සුන්දරයි, පිවිතුරුයි. ඒත් කොහොමද, එහෙම ලෝකයක ජීවත්වෙන ගමන් ප්‍රයෝගික ලෝකය තුළ පවතින්නෙ? ඒක බරපතළ ප්‍රශ්නයක්. හේතුව, මවාගත්ත ලෝකය සහ ප්‍රයෝගිකව අත්විඳින ලෝකය අතර තියෙන පරතරය. මේ පරතරය නිසාම අර මවාගන්න ලෝක කඩා වැටෙනවා, එතකොටම ජීවිතත් කඩා වැටෙනවා. සමහරු එපාවෙලාම ජීවිතය හැරදමා යන්නෙත් එහෙම තමයි.
මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච හුඟාක් අය ඒ හරහා මැවෙන ලෝකවලට ආශා කරනවා. ඒ ආශාව ඇබ්බැහිවීමක් බවටත් පත්වෙනවා. ඒ තත්වය නං ඉතාම අයහපත්.
හොඳම දේ, ප්‍රායෝගික ලෝකය තුළ ජීවත්වෙන එක. බුදු දහමට අනුව අට ලෝ දහම තේරුම් ගන්න පුළුවන් නං ජීවිතය සරලව විඳින්න ඉඩ හැදෙනවා. ඒ තමයි හොඳම විදිහ.
හැබැයි කෙනෙකුට ඕන නං, තමන් කැමති සිහින ලෝකයක් හදාගෙන, එය සිහින ලෝකයක් බව දැනගෙන ප්‍රායෝගික ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්.
මම පුද්ගලිකව අත්විඳින දෙයක් ඔබට කියන්න ද?
මම කියවපු සහ කියවන පොත් පත්වල ඉන්න වෙනස් චරිත සජීවීව මාත් එක්ක පවතිනවා කියල මම මවා  ගන්නවා. එය ඉතාම සොඳුරු අත්දැකීමක්. එතකොට මේ ප්‍රයෝගික ලෝකය තුළ හමුවන හිස් මිනිස්සු නිසා හිත් රිදවීම් ඇතිවෙනවා අඩුයි. කරදර මැද්දෙ හුදකලා වෙනකොටත් ඒ මවා ගන්න ලෝකය තුළ හුදකලාවක් නැහැ. හැබැයි දැනගෙන අත්විඳින්න ඕන තත්වයක් මේක.
උත්සහ කරන්න! හැබැයි දැනගෙන...
කොහොමටත්, මවාගන්න ලෝකවලට වඩා අප පවතින ප්‍රායෝගික ලෝකය අමාරු බව මතක තියාගන්න එක නං අතිශය වැදගත්!
ඔබට සුන්දර දවසක අත්දැකීම් ලැබේවා!
CHAPA
2017 මාර්තු 26

No comments:

Post a Comment