Monday, March 13, 2017

  SAITM ජාවාරමට මෙච්චර රාජ්‍ය ආරක්ෂාවක්?

 ලංකා ඉතිහාසයෙ, එදා මෙදා තුර, කිසිම පක්ෂ භේදයකින් තොරව, යම් ජාවාරමකට උපරිම රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන්න විවිධ පාර්ශ්ව එකතු වුණා නං නං, ඒ SAITM සඳහාමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එවකට සෞඛ්‍ය ඇමති සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට උසස් අධ්‍යාපන ඇමති SB දිසානායක, මෙදා ඒ ඇමති ධුරයම දරන ලක්ෂ්මන් කිරිඇල්ල, අද සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න...ප්‍රධන වශයෙන් මේ කණ්ඩායම සහ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එකට එකතුව අරඹා පවත්වාගෙන යන මේ SAITM ජාවාරම හරහා තවත් විශාල පිරිසකට මිලියන ගණනින් මුදල් වරදාන ලැබෙන නිසා තත්වය තවත් සංකීර්ණයි. මේ අතර වෛද්‍යවරු ප්‍රමුඛ වෛද්‍ය සේවාවට සම්බන්ධ විවිධ වෘත්තිකයන් කල්ලියකුත් ඉන්න නිසා තත්වය භයානකයි.
මෙහෙම වෙන්න ප්‍රධන හේතුව තවම හරියට පොදු සංවාදයකට ඇවිත් නැහැ.
ලංකාව ණය උගුලක හිරකරන ලෝක බැංකුව සහ විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, දශක ගණනාවක් තිස්සෙ උපදෙස් දෙමින් ඉන්නෙ, රටේ රාජ්‍ය සුභ සාධනය අහෝසි කරන්න කියලා. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව අහෝසි කරන්න කියන කොන්දේසිය ඔවුන් එකාබද්ධව පනවලා තියෙන්නෙ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් අමුණුගම, බන්දුල ගුණවර්ධන සහ තවත් අය, සිය කැමැත්තෙන්ම කාලයක් තිස්සෙ මේ ජනතා විරෝධී ක්‍රියාවලිය ඉස්සරහට අරගෙන යනවා.
නෙවිල් ප්‍රනාන්දුලා සහ සමීර සේනාරත්නලා වගෙ කට්ටිය එකතුවෙලා, ජනයා නොමග යවා, වංචා කොට SAITM පටන් ගත්තෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙ අනුග්‍රහය මත ලංකා බැංකුව රුපියල් මිලියන 600 ක ණයක්, ඒ ජාවාරමට ලබා දුන්නෙත් ඒ පසු බිම තුළයි.
තාජුඩීන් ඝාතන සිද්ධියත් මෙතැනට සම්බන්ධ වෙනකොට, ඉතාම ජනතා විරෝධී පාදඩ දේශපාලනයක් එතැනින් ඉස්මතු වෙනවා.
ඉතිං, මේ ශිෂ්‍ය ව්‍යාපාරයට හිතාගන්වත් බැරි මට්ටමේ දුෂ්ට සතුරු කඳවුරක් රට තුළම දැන් තියෙනවා.
බලන්න! බයියො - ටොයියො වෙනසක් නැහැ, එජාප - ශ්‍රීලනිප වෙනසක් නැහැ. ඔක්කොම එකයි. මහින්දවාදියො, යහ පාලනකාරයො, පුරවැසිකාරයො, NGO කාරයො, බෞද්ධ බලවේග, අර බලවේග, මේ බලවේග...ඔක්කොම එකතුයි.
පුදුමෙ කියන්නෙ, සල්ලි කාරයො නං හරි කියමුකො, එදා වේල කාගන්න බැරි දුප්පත් එවුණුත් SAITM ජාවාරම වෙනුවෙන් පෙනී ඉන්නවානෙ!
අනේ! අපේ රට!
CHAPA
2017 මර්තු 14

No comments:

Post a Comment