Sunday, March 5, 2017

    ඕපා දූප, එපා!


ඕපා දූප, එපා!
ඇත්ත කියන්න!
ඔබ, ඕපා දූප හොයන්න මාර ආසයි නේද? ගණන් ගන්න එපා! සාමාන්‍යයෙන් මිනිස්සු එහෙම තමයි.
අපි අහලා තියෙන්නෙ නං කාන්තාවො තමයි ඔය ඕපා දූප හොයන්න වැඩියෙන්ම ආසා කියලා. ඒත්, සමහර පරීක්ෂණ හරහා ඔප්පු වෙලා තියෙන්නෙ, ඒ වැඩේට හුඟාක් ම ආසා කරන්නෙ පිරිමි කියලා. 
එහෙම ගත්තොත්, අර ළිඳ ළඟ සංගමය කියන එක, කඩේ ළඟ සංගමය හරි වෙන මොකක් හරි ළඟ සංගමය කියලා හරි පිරිමින්ගෙ පැත්තටම දාන්න වෙනවා.
කොහොම වුණත්, ඕපා දූප කියන්නෙ අනුන්ගෙ දේවල්.
අනුන් කන බොන හැටි, ආදරය කරන හැටි, එකිනෙකාගෙ ලිංගික ජීවිත, අනික් වුන් පවුල් ජීවිත ගත කරන හැටි, ඒ ඒ අයගෙ තවත් ප්‍රශ්න...ඔන්න ඔය වගෙ. ගෙවල් අහළ පහළ, කාර්යාලයෙ, කර්මාන්ත ශාලාවෙ, පාර තොටේ...ඔය ඕන තැනක, තමන්ට කිසිම වැදගැම්මක් නැති අනුන්ගෙ දේවල් හොයන්න අපි හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා.
ලෝකය පුරාම මේ තත්වය අඩු වැඩි වශයෙන් ඇති. ඒත් ලංකාවෙ අප අතර නං අනිවාර්යයෙන්ම මේ ගතිය තියෙනවා.
අපි තමයි නියම ඕපා දූප කාරයො!
ආ! ජනප්‍රිය රුපවාහිනී සහ රේඩියෝ වැඩසටහන් තියෙනවා ජනප්‍රිය චරිත වල ඕපා දූප කියවන, අපිත් ඉතිං කට අරගෙන බලන් ඉන්නවා. අහන් ඉන්නවා.
ඔය වැඩසටහන් නං ඉතිං මාර්කටිං වැඩ කියමුකො.
අපේ ඕපා දූප වලින් නං වෙන්නෙ තමන්ගෙ වටිනා කාලය නැතිවෙන එක. හිත විකාර වලින් පිරෙන එක. තමන් පිරිහෙන එක. සමහරවිට අනිත් අයගෙ හාස්‍යයට සහ පිළිකුළට ලක් වෙන එක.
ඒ වගේම, ඔය ඕපා දූප නිසා මිනිස්සුන්ගෙ ජීවිත අවුල් වෙන්න පුළුවං. අනෙකාට හිංසා - පීඩා ඇතිවෙන්න පුළුවං.
ඉතිං අපි ඒ වැඩේ නවත්තමු ද, අද ඉඳලා, අද තවත් ලස්සන දවසක්නෙ, නේද?
එහෙම නං ඔබට ජය!
CHAPA

No comments:

Post a Comment