Monday, March 27, 2017

සරත් ගමගේ සමඟ...

 සරත් ගමගේ, ඔබ වරින් වර අහන ප්‍රශ්න දැන් පිළිවෙළකට සහ විධිමත්ව අහන්න! යම් වෙලාවක් අපි මෙහෙම සාකච්ඡා කරමු! එහෙම නැත්තං අනිත් අයට අදහසක් ගන්න බැහැ, ඒ වගේම, මට ඔබව මග හැරෙනවා!
CHAPA
2017 මාර්තු 27

සරත් - හොදයි ඔබට මට කාලය ඇති පරිදි කරගෙන යමු.
චාපාමම සුදානම්!
සරත් - රට ගොඩගන්නෙ මෙහෙමයි!
1. ආණ්ඩුව, ඇත්ත ජාතික ආණ්ඩුවක් විදිහට ක්‍රියාකරනවා, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ යුක්තිය සහතික කරනවා.
2. රටට අවාසි ගෙන දෙන ඊනියා - ඉදිරි සංවර්ධන ව්‍යපෘති සියල්ල නවත්තනවා.

3. පවතින තත්වය සමාලෝචනය කරනවා
4. අරගෙන තියෙන ණය කොන්දේසි නැවත විමර්ශනය කරනවා
5. රටට හානිකරන ඒ ණය කොන්දේසි වෙනස් කරගන්න පියවර ගන්නවා.
6. රාජ්‍ය නඩත්තු වියදම් සහ නාස්තිය අවම කරගන්නවා.
7. දෙස් විදෙස් ණය අවම කෙරෙන රටට අනන්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරනවා, කෘෂිකර්මාන්තය ජාතික ව්‍යාපාරයක් බවට පත් කරනවා. සෙසු සියළු කර්මාන්ත ත් - රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පුද්ගලික සම පදනමේ සංවර්ධනය කරනවා.
8. ඒ සඳහා නිශ්චිත කාලයක් නියම කරගන්නවා
9. ඊනියා ව්‍යවස්ථා කතා පැත්තක දාලා, රටේ හැම පක්ෂයක්ම, හැම ජන කොටසක්ම එකතුකරගන්න මහා බුද්ධිමය සංවාදයක් ගොඩනගනවා.රටේ ස්වීය සංවර්ධන ගමනට සමගාමී සහ වඩා සමාජ විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රියාවලියක් ස්ථාපිත කරනවා.
10. දුෂණ, වංචා සහ අක්‍රමිකතා නැතුව, අපි හැමෝම එකා වගෙ මහන්සිවෙලා වැඩ කරනවා.
CHAPA, Dec 16, 2016

ඔබගේ යොජනා යතාර්ථයත් කිරිමෙි පියවර හො අවශ්‍යතා මොනවාද?  
චාපා - පවතින රාජ්‍ය යාන්ත්‍රණය සහ ආණ්ඩුව බලගන්වන එක!
සරත් බලගැන්විම ?දැන් තිබෙන අන්ඩුවල බලය අඩු බවද?
චාපා අදාළ ආණ්ඩු, නිසියාකාරව ආණ්ඩුකරන්න පෙළඹවීම තමයි බලගන්වනවා කියන්නෙ.
සරත් මා ඇසුවෙ එසේ කිරිමට පලමු පියවර ⁣, අවශ්‍යතා? අපැහිදිලිද? පලමුව ඔබ මා කලයුතු දැ
චාපාපළමු, දෙවැනි, තෙවැනි...සියළු පියවර තමයි බලගැන්වීම.අවශ්‍යතාව, ආණ්ඩු, නිසියාකාරව ආණ්ඩුකරණය නොකිරීම! ඔබට මේ සරල කතාව තේරෙන්නෙ නැද්ද? ඔබ, ඔබ ගැන තීරණය කළ යුතුයි! මම, මා කළ යුතු දේ කරමින් ඉන්නවා...
සරත් - තේරෙනවා නොතේරෙන්නේ බලගැන්විම ලෙස ඔබ කියනදෙ සහ ආකාරය
චාපාරාජ්‍ය සහ ආණ්ඩුව වැඩ කළ යුතු ආකාරය ව්‍යවස්ථාපිතව තියෙනවා. එකී, ඒකාබද්ධ යාන්ත්‍රණයේ පරම කොටස් කරුවන් වූ පොදු ජනතාව, වැඩ කරමින් අවශ්‍ය අනෙක් මැදිහත්වීම් කරන්න ඕනෙ, ඔබත්, ඔබට හැකි සැම ආකාරයෙන්ම මැදිහත් වෙන්න!
සරත්හොදයි සුභරාතියක් නැවත කඵා කරමු ඔබට පහසු ලෙස මා දැනුනවත් කරන්න
චාපාඔබටත් සුභ රාත්‍රියක්! මේ සටහන මම blog කරනවා, පසුව බලා ගන්න!
...to be continued

 

 

No comments:

Post a Comment