Thursday, March 9, 2017

  විකල්ප?


විකල්ප?

ඔව්! ජීවිතයට නෙවෙයි ජීවත් වෙන්න හුඟාක් වෙලාවට විකල්ප ඕනෙ.
කන බොන දේවල්, අඳින පළඳින දේවල්, පරිහරණය කරන තවත් දේවල්...මේ හැම දෙයකටම විකල්ප ඕන වෙනවා. ඒ කියන්නෙ, කෑම වෙනුවට ඇඳුම් කියන එක නෙවෙයි. ඒ ඒ දෙයට ගැළපෙන සහ අදාළ දේවල්.
කොහොමත් හුඟාක් වෙලාවට, එකම දෙයක් මත පවතින්න බැහැ.
විශේෂයෙන්ම, බලාපොරොත්තු ඇතිකර ගන්න අතරෙත්, ඒවාට විකල්ප තියෙනවා නං ඉතාම ලේසියි. මට අහවල් දේ ලැබෙනවා, හැබැයි බැරිවෙලාවත් ඒක  නොලැබුණොත් ඊළඟට මෙහෙම කරනවා! කියල හිතලා තිබුණොත්, කිසිම අවදානමක් නැහැ.
යම් වැඩක් කරන්න පටන් ගන්නකොටත් විකල්ප ගැන හිතලා ඉන්න. එතකොට සිත් තැවුල් ඇතිවෙන්නෙ නැහැ, කාලය නාස්ති වෙන්නෙත් නැහැ.
හැබැයි මිනිස් සම්බන්ධතා පවත්වද්දි නං ඉතිං විකල්ප නැහැ. විශේෂයෙන්ම සමහර අනිවාර්ය සම්බන්ධතා සම්බන්ධයෙන්.
අම්මා! විකල්පයක් තියෙනවා ද? නැහැ! කොහෙත්ම නැහැ. කෙනෙකුට අම්මලා නැහැ, ඉන්නෙ එක අම්මා මයි.
නෑදෑයො ගත්තත් එහෙම තමයි.
ඒ වුණාට, දරුවන්ට විකල්ප අම්මලා වුණු කාන්තාවො ලෝකය පුරා කොච්චර ඉන්නවා ද? විකල්ප තාත්තලා, විකල්ප දරුවො, විකල්ප සහෝදර සහෝදරියො. තැන තැන ඕන තරං ඇති.
විකල්ප ආදරවන්තයො, විකල්ප අදරවන්තියො? ම්...ඔව්! එහෙමත් ඉන්න පුළුවං...
මෙහෙම ලියනකොට, කෙනෙක් වැරදියට හිතයි ද දන්නෙ නැහැ, ඒ කතාව නිසා අසම්මත ප්‍රේම සම්බන්ධතා ප්‍රවර්ධනය වෙනවා කියලා. මේ එහෙම පටු අදහසක් නෙවෙයි, පුළුල් විග්‍රහයක්. හැබැයි කොහොම වුණත්, මිනිස් සම්බන්ධතා අතර නං 'විකල්ප' හෙවීම සාර්ථක වෙන එකක් නැහැ, වෘත්තීය මට්ටමේ උවමනාවක් නෙවෙයි නං.
අද මේ අලුත් දවසෙ, අපි මෙහෙම හිතන්න පටන් ගම්මුකො. අපේ සාමාන්‍ය වැඩ කටයුතු වලදි සහ විශේෂයෙන්ම ප්‍රශ්න වලට උත්තර හොයද්දි, අනිවාර්යයෙන්ම, විකල්ප තියාගෙන ඉම්මු....
හොඳයි නේද, යෝජනාව!
එහෙම නං ඔබට විකල්ප සිතුවිලි සමඟ අපුරු දවසක්!
විකල්ප දවසක් නෙවෙයි, තවත් අලුත් ලස්සනම ලස්සන දවසක්!
CHAPA
March 10, 2017

No comments:

Post a Comment