Tuesday, February 28, 2017

   ලංකාවෙ මිනිස්සු!


ඊයෙ, 2017 පෙබරවාරි 28, මහනුවර, ගැටඹේ පිට්ටනියෙ SAITM විරෝධී රැස්වීමට, Dr. පාදෙණිය සහ මම ගියේ කෝච්චියෙ, ඒත් ආවෙ Dr. රමේෂ් පතිරණගෙ වාහනයෙ. එන ගමන්, විනාඩි කීපයකට කුරුණෑගල Dr. පාදෙණියගෙ මහ ගෙදරට ගොඩ වුණා. මේ ඒ මොහොතෙ සටහනක්.
අනුරුද්ධ පාදෙණිය ගැන මම හුඟක් දේවල් පෞද්ගලිකව දන්නෙ නැහැ, අපි මුණ ගැහුණෙත් පහුගිය සතියෙ Insight වැඩසටහනට, දෙරණ මැදිරියේදි.
ඒත් මේ ගමනෙදි අපි, විවිධ මාතෘකා හරහා සෑහෙන දේවල් ගැන කතා බහ කෙරුවා. එන ගමනෙදි, රමේෂ් පතිරණත් ඊට එකතු වුණා. එය යම් පුළුල් සංවාදයක ආරම්භයක් වගෙ.
ඒත් එහි අනාගත හැඩ තල ගැන කියන්න බැහැ.
මේ සටහන තියන්නෙ ඒ ගැන නෙවෙයි!


අපට ඉතා ආදරණීය විදිහට සංග්‍රහකරන අතරෙ, පාදෙණියගෙ අම්මා මට හෙමින් මෙහෙම කිව්වා, '' අනේ ඉතිං පුතේ..මම නිතරම ඉතිපිසෝ භගවා...ගාථාව කියා කියා ඉන්නෙ...අපේ පුතාට කරදරයක් වෙන්න එපා කියලා..එයා tv එකේ කියන ඒවා මම බලනවා...''
තමන් කවදාවත් දැකපු නැති පුතෙකුට, තමන්ගෙ පුතා ගැන ගමක අම්මා කෙනෙක් කියන අහිංසක විදිහ!
''බය වෙන්න එපා, හොඳ දේවල්නෙ කියන්නෙ...'' මමත් ඇයට හෙමින් කිව්වා.
ලංකාවෙ මිනිස්සු!
මේ ජීවිත සරලයි!
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය තුළත්, මේ ''ගමේ කම - අපේ කම'' පේන්න තියෙනවා. ''මේ අපේ අනන්‍ය ලක්ෂණ'' හෙවත් හර වටිනාකම්, ගෝලීය වෙළෙඳ පොළත් එක්ක ගලපා ගන්න එක තමයි අභියෝගය.
දැන් තමයි ඔන්න නියම දේශපාලන සංවාදය පටන් ගන්නෙ....
CHAPA
March 1, 2017

No comments:

Post a Comment