Monday, February 27, 2017

                                මම, මගේ සහ මට!

අනේ! ඔච්චර ආත්මාර්ථ කාමී වෙන්න එපා!
මෙහෙමනෙ, අපි ඔක්කොම සත්තු. ඉතිං ජීව විද්‍යාත්මකවම තමන් ගැන ඉස්සරවෙලාම හිතෙන එක සාමාන්‍යයයි. ඒ වුණත් අපි මිනිස්සු නිසා සමාජ පැවැත්මක ඉන්නෙ. අපි තවදුරටත් ජීවත් වෙන්නෙ වනාන්තරයෙ නෙවෙයි. ශිෂ්ට සම්පන්න සම්මුතිවාදී ලෝකයක.
එතකොට ඉතිං තනියෙන් පවතින්නම බැහැ.
මොනවා කළත්, තව දේකට සම්බන්ධයි, තව කෙනෙකුට සම්බන්ධයි.
පුද්ගලික දේපොළ මත ජීවත්වන මිනිස්සු නිසා අපි අපේ පවුල් ගැන තමයි වඩා උනන්දු.
තමන්ගෙ කම!
ඒ වුණත්, තමන්ගෙ කම නිසා, අනිත් අයව නොසලකා හරින්න සහ පීඩාවට පත් කරන්න කෙනෙකුට බැහැ.
මම, මගේ සහ මට!
ඕකනෙ ජනප්‍රිය කතාව. එහෙම හරියන්නෙ නැහැ. අපි, අපේ සහ අපට! කියලයි හිතන්න ඕනෙ.
I ඇතුළෙ WE නැහැ. WE ඇතුළෙ I තියෙනවා.
මෙහම කරමු!
මම ගැන හිතන ගමන් අපි ගැනත් හිතන්න පුරුදුවෙන්න. ඔබ දැනටමත් එහෙම හිතනවා නං තව කෙනෙක් එහෙම හිතන තැනකට පොළඹ වන්න. වැඩේ ටිකක් අමාරුයි, ඒත් බැරි නැහැ.
හිතන්න ආත්මාර්ථකාමී පුංචි ලෝකයකට වඩා, පරාර්ථකාමී ලොකුම ලොකු ලෝකයක් කොච්චර නිදහස් ?
ඒ නිසාම කොච්චර සුන්දර ද?
අනේ! එහෙනං අපි එහෙම කරමු ද?
මම, මගේ සහ මට නෙවෙයි!
එහෙනං?
අපි, අපේ සහ අපට!
අන්න හරි! ඔහොම යං!
CHAPA

No comments:

Post a Comment